• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ න්‍යායාචාර්ය රෝහණ විජේවීරද.. බිස්නස්කාරයෙක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

November 22, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවේ න්‍යායාචාර්ය රෝහණ විජේවීරද.. බිස්නස්කාරයෙක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1970 බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ වාමාංශික පක්ෂ ආණ්ඩුව තුනෙන් දෙකක බහුතර බලයකින් ආණ්ඩුව පිහිටුවන විට ලංකාවේ යූ.ඇන්.පී.ය හදපු ව්‍යාපාරික අධිරාජ්‍යයක් තිබිණි. 1956 බලයට ආ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකත් 1960 ජූලි මහ මැතිවරණයෙන් බලයට ආ බණ්ඩාරනායක මැතිනියත් මේ යූ.ඇන්.පී.ය හදපු බිස්නස් අධිරාජ්‍යය කුඩුපට්ටම් කරන්න ඔවුන්ගේ ව්‍යාපාර රජයට පවරා ගන්නා ජනසතු ව්‍යාපාරය හඳුන්වා දුන්නත් යූ.ඇන්.පී.ය හදපු බහුජාතික සමාගම් ව්‍යාපාරික ජාලය කුඩුපට්ටම් කර දමන්න නොහැකි විය.Sri Lanka Latest News

1970 මැතිනිය අගමැති වී ලංකා සමසමාජ පක්ෂයේ ඇන්.ඇම්. පෙරේරාට මුදල් ඇමැතිකම දුන්නේම යූ.ඇන්.පී.යේ බිස්නස් අධිරාජ්‍යය කුඩුපට්ටම් කර දමන්නටය.

මැතිනිය සහ ඇන්.ඇම්.ලා ඒ වැඩේ හරියට කළේය. ඔවුහු නව දේශීය ව්‍යාපාරික පන්තියක් හැදූහ. ඉන් ප්‍රමුඛයා ලංකාවේ පළමු සුපර්මාකට් ජාලය පටන්ගත් දාස මුදලාලිය. විදේශ රටවලින් භාණ්ඩ ආනයනය තහනම් කළ මැතිනියගේ සමගි පෙරමුණු ආණ්ඩුව දේශීය ව්‍යාපාරිකයන්ට හැදෙන්න ඉඩ දුන්හ. මේ ව්‍යාපාරිකයන් බොහොමයක් අලුතින් බිහිවුණේ රෙදිපිළි වෙළෙඳාමෙන්ය. එයිනුත් නොම්මර එක වූයේ දාස මුදලාලිගේ ඩියුරෝ ෂර්ට් ඇතුළු රෙදිපිළිය. තවත් ව්‍යාපාරිකයෙක් වූයේ සින්ටෙක්ස් මිල් නොහොත් එවක ලංකාවේ ලොකුම රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තශාලාවේ හිමිකරු වූ ඥානම්ය. එය පිහිටා තිබුණේ වැල්ලවත්තේය. ඊළඟට යූ.කේ. එඩ්මන්ඩ් මැකලන්ස් පොත් මුදලාලිය. ඒ වගේම ජිනදාස වතුර මෝටර් හදපු ජිනදාස මුදලාලිය. බතික් රෙදිපිළි හදපු විපුල ධර්මවර්ධනය. පොළොවල් සඳහා මාබල් හදපු, පාර්කුවෙට් සිලෝන් අත්යන්ත්‍ර කාපට් හදපු සීලනාථ කුරුප්පු වැනි තවත් බොහෝ දේශීය ව්‍යාපාරිකයන් විය. 1977 බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව බිඳවැටෙන විට ලංකාවේ නොම්මර එකේ බිස්නස්කාරයන් වූයේ ඔවුන්ය. ඒ අතර මැතිනියගේ සහෝදරයා වූ සීවලී රත්වත්තේත් දියණිය සමග විවාහ වී සිටි උපාලි විජයවර්ධනද විය. ඔහුගේ ෆියට් කාර් එක එකල ලංකාවේ නොම්මර එකේ වාහනය විය.

උපාලි විජයවර්ධන ජේ.ආර්.ගේ ඥාතියෙකි. ජේ.ආර්.ගේ මවගේ සහෝදරයකුගේ පුතෙකි. ජේ.ආර්. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව වට්ටවන්න කුමන්ත්‍රණය කළේ උපාලි විජයවර්ධනගේ නිවසේදීය. ජේ.ආර්. බණ්ඩාරනායක පවුලේ අර්බුද හදන්න අනුර බණ්ඩාරනායකව හමුවුණේ උපාලිගේ ගෙදරදීය.

හැබැයි ජේ.ආර්. 1977 හයෙන් පහක බලයකින් ආණ්ඩුව ගත් විට මැතිනිය හදපු ව්‍යාපාරික පන්තියට කුඩුපට්ටම් වෙන්න ගැහුවේය. ඔහු ඒ වෙනුවට අලුත් දේශීය ව්‍යාපාරික පන්තියක් සහ 1970ට පෙර තිබූ බහුජාතික සමාගම් කරළියට ගෙන ආවේය. ලලිත් කොතලාවල ඇතුළු ව්‍යාපාරික පතාකයන් රාශියක් ජේ.ආර්. නිර්මාණය කළේය. ජේ.ආර්. විවෘත ආර්ථිකය හඳුන්වාදී විදේශ භාණ්ඩ සඳහා ලංකාව විවෘත කළ විට මේ ව්‍යාපාරිකයෝ තරගෙට හැදෙන්න පටන් ගත්හ. මේ නිසා ජේ.ආර්.ගේ ඥාති උපාලි විජයවර්ධනගේ ව්‍යාපාරවලට පහර වැදුණි. මන්ද ඔහු දියුණු වූයේ විදේශ භාණ්ඩ ආනයනය තහනම් කළ දේශීය ආර්ථිකයක් තුළය. ඒත් ජේ.ආර්. උපාලිව ගොඩනගන්න ගියේ නැත. ජේ.ආර්. ඔහුගේ ආර්ථික දර්ශනය ක්‍රියාත්මක කළේය.
ජේ.ආර්. වෙනම ව්‍යාපාරික ජාලයක් හදද්දී ප්‍රේමදාස, ගාමිණී, ලලිත් වෙන වෙනම ව්‍යාපාරික ජාල නිර්මාණය කළහ. ප්‍රේමදාස විවෘත ආර්ථිකයෙන් යැපෙන මුදලාලි පන්තියක් බිහි කළේ ජේ.ආර්. ටයිකෝට් බිස්නස්කාරයන් බිහිකරද්දීය. නවලෝක මුදලාලි සහ ඇලෝෂියස් මුදලාලි ප්‍රේමදාස හදපු මුදලාලිලාය.

1988 ප්‍රේමදාස ජනාධිපති වූ පසුව ඔහු විදේශ ඇඟලුම් කෝටා ඇමෙරිකාවෙන් සහ යුරෝපා රටවලින් ගෙන ලංකාවේ නොම්මර එකේ ඇඟලුම් ව්‍යාපාරික පන්තියක් හැදුවේය. ඔමාර් අෂ්රෆ්ලා, මහේෂ් අමලීන්ලා හැදුවේ ප්‍රේමදාසය. ප්‍රේමදාස බණ්ඩාරනායක පවුලට සමීප පොඩි ව්‍යාපාරිකයකුව සිටි හැරී ජයවර්ධනවද ලංකාවේ කැපීපෙනෙන ව්‍යාපාරිකයෙක් බවට පත් කළේය.

1994 බලයට ආ චන්ද්‍රිකා මේ ව්‍යාපාරිකයන් සමග හැප්පෙන්න ගියේ නැත. ඇය ප්‍රේමදාස කැපීපෙනෙන ව්‍යාපාරිකයෙක් කළ හැරී ජයවර්ධනව ලංකාවේ පළමු පෙළේ ව්‍යාපාරිකයෙක් කළාය. චන්ද්‍රිකා ජේ.ආර්.ගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අකුරට ක්‍රියාත්මක කළ නිසා එම විවෘත ආර්ථිකයෙන් යැපුණු ව්‍යවසායකයන්ව ආරක්ෂා කළාය. හැබැයි ඇය ඔවුන්ව කරට ගත්තේ නැත. ඇය ඔවුන්ගෙන් උපදෙස් ගන්න ගියේ නැත. ඇය ඔවුන්ට නිදහසේ බිස්නස් කරන්න ඉඩදී ඡන්දෙ කාලෙට උදව් ගත්තාය.

මහින්දත් 2005 ජනාධිපති වී මේ ව්‍යාපාරික පන්තිය සමග හැප්පුණේ නැත. ඔහු අලුතින් ව්‍යාපාරික පන්තියක් ඇති කළේය. ඔහු ඒ ව්‍යාපාරික පන්තිය ඇතිකළේ පරණ ව්‍යාපාරිකයන් විනාශ කර නොගෙනය. මහින්දත් රට ආණ්ඩු කරන්න හෝ ආර්ථිකය මෙහෙයවන්න ඔවුන්ගෙන් උපදෙස් ගත්තේ නැත. මහින්ද ඡන්දෙ කාලෙට ඔවුන්ගෙන් උදව් ගත්තේය.

2015 බලයට ආ මෛත්‍රි සහ රනිල් ආණ්ඩුව මේ මහින්ද හදපු ව්‍යාපාරික පන්තියට බදු පිට බදු ගැසූහ. මේ බදුවලින් මහින්ද හදපු ව්‍යාපාරිකයන් පමණක් නොව ලංකාවේ ව්‍යාපාරික අධිරාජ්‍යයම කැලඹුණි. ඔවුහු මේ බදුවලට එරෙහිව එළියට ඇවිත් දේශපාලනය කළහ. ඔවුන්ගේ වීරයා වූයේ මේ බදු කපනවා කී ගෝඨාභය රාජපක්ෂය. වියත් මග හරහා මේ ව්‍යාපාරිකයන් ගෝඨා වටේ එක්රොක් විය.

ගෝඨා 2019 බලයට ඇවිත් පළමුව ඉටුකළේ ඔවුන්ට දුන්න පොරොන්දුවය. ඔහු මෛත්‍රී-රනිල් ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට ගහපු බදු ඉවත් කළේය. එපමණක් නොව ලංකා ඉතිහාසයේ පළමු වරට ඔහු ව්‍යාපාරිකයන්ව රටේ පාලනයට හවුල් කරගන්න ඔවුන්ව රජයේ ප්‍රධාන ආයතනවල සභාපතිකම්වලට පත්කර ගත්තේය. ඔහු ආර්ථිකය මෙහෙයවන්න විවිධ කමිටු දමා ඔවුන්ව ඒ කමිටුවලට පත්කරගෙන ඔවුන්ගෙන් අයවැය හදන්න ආර්ථිකය මෙහෙයවන්න උපදෙස් ගත්තේය.

2022 රට බංකොලොත් විය. රනිල් ජනාධිපති විය. ඔහු ගෝඨාට උපදෙස් දුන් ව්‍යාපාරික කමිටු විසුරුවා හැරියේය. රනිල් මේ කාගෙන්වත් උපදෙස් ගත්තේ නැත. සජිත් විපක්ෂ නායක ලෙස ඔවුන්ව ළං කරගත්තේ නැත. සජිත් පාසල්වලට බස් රථ දෙන්න, රෝහල්වලට පහසුකම් දෙන්න, පාසල්වලට පරිගණක දෙන්න ඔවුන්ගෙන් උදව් ගත්තා පමණි.

ගෝඨා මේ ව්‍යාපාරිකයන්ට දී තිබූ පිළිගැනීම ඔවුන්ට අහිමි විය. ඔවුහු ගෝඨාට උපදෙස් දී හොඳින් හරිහම්බ කරගත්හ. තම ව්‍යාපාරවලට සහන ලබාගත්හ. ඔවුහු ගෙවිය යුතු බදු කපාගත්හ. රනිල් සහ සජිත් යන දෙදෙනාම ඔවුන්ව මායිම් නොකරන නිසා ඔවුන් අසහනයෙන් සිටියදී අනුර සහ ජවිපෙ ඔවුන්ට සමීප වී ගෝඨාට ජනාධිපති වෙන්න ඔවුන් දුන් සහාය අනුරට ජනාධිපති වෙන්න ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ගෝඨාගේ වියත් මග වගේ අනුර ව්‍යාපාරික හමු තිය තියා ගියා පමණක් නොව ඔවුන් හමුවී ජනාධිපති වුණොත් ආර්ථිකය මෙහෙයවන්න උපදෙස් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරණ දින රාත්‍රියේත් ඔවුහු අනුර හමුවී ආර්ථිකය මෙහෙයවන ආකාරය කියා දුන්හ. මේ ව්‍යාපාරිකයන් සම්බන්ධීකරණය කොට ආර්ථිකය මෙහෙයවන්න අනුර ජනාධිපති වී උපදේශකයන් පත්කර ගත්තේය. ඔහු දුමින්ද හුළංගමුවය. ගෝඨාභය 2022 රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න තියා තිබියදී ආර්ථිකය මෙහෙයවන ආකාරය ගැන උපදෙස් ගන්න උපදේශක කමිටුවක් පත්කර ගත්තේය. ව්‍යාපාරිකයන් 14 දෙනකුගෙන් සමන්විත ඒ උපදේශක කමිටුවේ දුමින්ද හුළංගමුව ප්‍රධාන චරිතයක් විය. ගෝඨා රජයේ ආයතන සභාපති ධුර, අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කළේත් මේ ව්‍යාපාරිකයන්ය. අනුර රාජ්‍ය ආයතන සභාපති ධුර, අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් කළේත් මේ ව්‍යාපාරිකයන්ය.

‘එතකොට දැන් ජවිපෙ න්‍යායාචාර්යවරු මේ බිස්නස්කාරයෝද…?’

පේන්නේ එහෙමය. විජේවීර හිටියා නම් කන්නේ පොළොවේ පස්ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ටෙලිද සිනමාවද මට අදාළ නෑ…! මම දිනාගත්තු ලොකුම දේ එයාලාගේ විශ්වාසය… ! ධනංජය සිරිවර්ධන ! Sri Lanka Latest News

Next Post

76 වසරක සාපය ඉවර වුණාද? දැන් පටන් ගත්තද? විපක්ෂනායක සජිත් සාක්ෂිත් එක්ක පාර්ලිමේන්තුවේදී ඔප්පු කරපු කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.