• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම හුස්ම ගන්නේ ලැබෙන ප්‍රතිචාර එක්ක…

November 24, 2021
in Heart
Reading Time: 5 mins read
A A
මම හුස්ම ගන්නේ ලැබෙන ප්‍රතිචාර එක්ක…
Share on WhatsAppShare on Facebook

රඟපානවා තරම් සතුටක් තවත් නැහැ…
‘අග්නි පියාපත්’ තුළින් තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ…

බියගම ප්‍රදේශයෙන් අවුරුදු කුමරියක ලෙසට අභිෂේක ලබමින් 2021 ‘දෙරණ අවුරුදු කුමරිය’ අවසන් දසදෙනාට තේරීපත් වෙමින්ද ‘හිරු ඇවිදින්’ ටෙලිනාට්‍ය තුළින් රංගන වරම් හිමිකර ගනිමින්, නව පරපුරේ තරු ගොන්නට එකතු වුණු ඇය නයනි රාමනායක නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක් වී හමාරයි. ඉතින් මේ ආපු ගමනේදී නයනි නිරූපණය කළ චරිත සියල්ල ගැන කා අතරත් කතාබහට ලක්වෙලා. ඒ ගැන කතා කරන්න අපි ඇයව සම්බන්ධ කරගත්තා…

නයනි ඉතින් කොහොමද මේ දවස්වල කලාකටයුතු සමග ඔබ ගෙවන ජීවිතය?
‘ධරණි’ ටෙලිනාට්‍යයේ ‘සුලෝචනා’ ලෙසට රඟපානවා. ඒ වගේම තිළිණ බොරලැස්ස අධ්‍යක්‍ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සඳහා සම්බන්ධ වෙනවා. එයට අමතරව රවින්ද්‍ර විජේරත්නගේ ‘කටු රෝදය’ ටෙලිනාට්‍යයේ රොඞ්නි වර්ණකුලසූරියගේ ‘පෙම්වතිය’ ලෙසට රඟපානවා.

නයනිගේ ගම් පළාත කොහෙද?
මම බියගම ප්‍රදේශයේ.

එතකොට පාසල..?
කිරිබත්ගොඩ විහාරමාහාදේවි බාලිකා විද්‍යාලය.

පවුලේ අය ගැන මතක් කළොත්?
මගේ තාත්තා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. අම්මා පාසල් ගුරුවරියක්. මගේ අයියා වෛiවරයෙක්. ඔහු දැනට යාපනයේ රෝහලේ සේවය කරනවා.

ඉතින් ඇයි ඔබ කලාව තෝරාගත්තේ?
පොඩි කාලේ ඉඳලා මගේ තිබුණු එකම ආශාව පොලිස් නිලධාරියෙක් වෙන්න තමයි. තාත්තා නතර කරපු ගමන ඉදිරියට ගෙනියන්න රට වෙනුවෙන් සේවය කරන්න. ඒත් මගේ උස මදි නිසා මාව තෝරාගත්තේ නැහැ. තවමත් මගේ ඒ ආශාව තියෙනවා. අවස්ථාව ලැබුණොත් රට වෙනුවෙන් සේවය කරන්න මම අනිවාර්යයෙන්ම යනවා.

ඉතින් දිගටම මේ කලාව කරගෙන යන්න අදහසක් නැද්ද?
දැන්නම් ගොඩාක් කැමැතියි. රඟපානවා තරම් සතුටක් තවත් නැහැ. මොකද මොන වෘත්තියක සේවය කළත් මේ ලැබෙන සතුට, ආදරය වෙන දේවල්වලින් ගන්න බැහැ. පාන්දර දෙගොඩහරියේ ෂූටින් යන්න පවා සිදුවෙනවා. නමුත් නිර්මාණය විකාශය වෙනකොට ලැබෙන සතුට අප්‍රමාණයි.

ඒ කියන්නේ හදවතින්ම කලාවට බැඳිලා?
අනිවාර්යයෙන් දැන් රඟපෑම මගේ ජීවිතයේ කොටසක් වෙලා තියෙන්නේ. මම හුස්ම ගන්නේ මේ ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරත් එක්ක. එතකොට මට දැනෙනවා මම ජීවත් වෙනවා කියලා සතුටක්.

ඔබ නිරූපණය කළ ‘ආශා’ චරිතය ගැන කතා කළොත්?
‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍ය තුළින් තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. නැවැත ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ‘ආශා’ කියන්නේ දුප්පත්, අහිංසක චරිතයක්. ඒ චරිතයට තවමත් හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. මම මෙයට පෙර එවැනි චරිතයක් කරල නැති නිසා ගොඩාක් ආශාවෙන් තමයි කළේ.

‘කටු රෝදය’ සමග ඔබේ රංගනය වෙනස්ම පැත්තකට යොමුවන බව ආරංචියි?
ඔව්… මම කොමඩි චරිතයක් කරන්නේ. ඒ වගේම ඒ ටෙලිනාට්‍යයේ ප්‍රවීණ ශිල්පීන් රැසක් සමග කරටකර මම රඟපානවා. ඔවුන්ගෙන් ලැබුණු සහාය මට ගොඩාක් වටිනවා. ඉදිරියේදී ‘කටු රෝදය’ සමග මගේ රඟපෑම දැකගන්න පුළුවන්.

‘හිරු’ත් සමග මේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
චාමර සමරවික්‍රම සර් හරහා තමයි මට ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර්ව දැනහඳුන ගන්න ලැබුණේ. ‘හිරු ඇවිදින්’ ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඉතින් ගොඩාක් සතුටුයි. ඉතාමත් කෙටි කාලයක් තුළ මේ වගේ තැනක් මට හිමිවුණු එක ගැන.

නව පුරපුරේ රංගන ශිල්පි චානුක ප්‍රබුද්ධට ඔය තරම් කැමැති ඇයි?
ඔහුගේ රඟපෑමට මම ගොඩාක් කැමැතියි. ‘සකු’ ටෙලිනාට්‍ය මම ආශාවෙන් බැලුවා. ඉතින් ඔහුගේ පෙම්වතිය සමග මට රඟපාන්න නිර්මාණයක අවස්ථාවක් ලැබෙනකම් මම ආශාවෙන් ඉන්නවා.

නයනිගේ පෙම්වතා එතරම් කැමැති නැහැ නේද රඟපානවට?
එහෙම අකැමැති වෙන්න මට පෙම්වතෙක් නැහැ තවම.

ඉදිරියේදී ආදරය කරන්න කෙනෙක් ලැබුණොත්?
මෙහෙමයි… මාව තේරුම් අරගෙන මගේ ගමනට උදවු කරන කෙනෙක් මට ආදරය කරන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. කවදහරි කසාද බැඳලා රඟපාන්න එපා කිවුවොත් ඉතින් මම කලාවෙන් සමුගනී. නැත්නම් ඉතින් ජීවිත කාලයම මේ ක්‍ෂේත්‍රයේම රැඳෙන්න තමයි බලාපොරොත්තුව.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

චන්න සියල්ල අතහැර සෝවාන් වෙන්න යනවද?

Next Post

කින්නියා පාරුව ගැන ලන්සා අද පාර්ලිමේන්තුවේ කිව්වේ අලි බොරුවක් බව හෙළිවෙයි! එදා ලන්සා කියපු කතාවයි අද ලන්සා කියන කතාවයි අහලම බලන්න! (VIDEO)

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.