• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

චන්න සියල්ල අතහැර සෝවාන් වෙන්න යනවද?

November 24, 2021
in Heart
Reading Time: 7 mins read
A A
චන්න සියල්ල අතහැර සෝවාන් වෙන්න යනවද?
Share on WhatsAppShare on Facebook

අතහරින්න සෝවාන් වෙන්නම ඕනේ නැහැ…
මම ටෙලි අතහැරියේ නැහැ…
රඟන්නට හොඳ නිර්මාණ බිහිවන්නේ නෑ…

තවමත් ප්‍රේක්‍ෂක සිතට අමතක නැති, සොඳුරු කතා පුවතක් වූ… ‘අංජලිකා’ සිනමාවට ගෙන ආ ජනප්‍රිය නළු ‘චන්න පෙරේරා..,’ ‘හාට් ටැබ්ලොයිඞ්’ එක සමග කතාබහකට එනවා යැයි කියා පොරොන්දු වූයේ මීට සති දෙකකට පළමුවය. ඒ අප කළ ආරාධනයකට සුහදව ප්‍රතිචාර දක්වමිනි.

‘හුඟාක් බිසි… අනිවාර්යයෙන් පහළොස් වැනිදායින් පස්සේ කතා කරමු., දුරකතන සංවාදය ඔහු නිම කළේ එහෙමය.., මාධ්‍ය සමග කොහොමත් ඉතාම මිත්‍රශීලී යැයි කියන චන්න කීවා වගේම සිය පොරොන්දුව ඉටු කරමින් අලංකාර කතාබහකට අසුන් ගත්තේ හදවතින්ම දොඩවන්නට තරම් වූ ළෙන්ගතු ස්වරයකිනි…

අගය කරනවා ඇත්තටම… ඔබ පොරොන්දුව නිසි ලෙස ඉටු කළාට..?
මමත් අගය කරනවා.., මා වෙනුවෙන් හදවතින්ම කළ ආරාධනය ගැන.

හොඳයි අපි කතා කරමු, ඔබ මේ තරමට කාර්යබහුල වුණේ ඇයි කියන තැනින් ආරම්භය ගනිමු?
ඒක හොඳ ආරම්භයක්, කියන්න තොරතුරු බොහෝමයි. ඒ තොරතුරු අතර මගේ අලුත්ම නිර්මාණය ගැන පළමුව කියන්නම්.
එය ‘අංජලිකා’ වැනිම වූ දැවැන්ත ගණයේ සුන්දර නිර්මාණයක් බව සතුටින් කියනවා. ‘කොවිඞ්-19’ උවදුර නිසා එහි වැඩකටයුතු කඩින්කඩ නතර වෙමින් තිබුණු නිසා සියල්ල අවසන් කිරීමට වසරක පමණ කාලයක් ගතවුණා…

ඒ අතර ඊයේ පෙරෙයිදා සිට ඇති වූ තද වර්ෂාවද දැන් දැන් නැවැතත් චිත්‍රපටයෙහි වැඩකටයුතුවලට බාධා වෙන්නට අරගෙන නිසා නැවැතත් මඳකට රූගත කිරීම් නතරව තිබෙනවා. වර්ෂාව නතර වනතුරු මම එම කාල සීමාව තුළ එහි සංස්කරණ කටයුතුවල නියැළී සිටින නිසා ඒ සියල්ල අතර මම කාර්යබහුලව සිටිනවා.

බාධක මැද්දේ නිම කරන ඒ සුන්දර කතා වස්තුව ගැන කෙටි විස්තරයක් කියනවා නම්..?
චිත්‍රපටයෙහි නම ‘සඳ දිය සළු’ නවක නිළියක ලෙස ‘දිල්හාරා සේනානායකව’ මම ‘සඳ දිය සළු’ තුළින් හඳුන්වා දෙනවා. සරලවම කියනවා නම් මෙය ප්‍රේමය මුල්කර ගත් කතා පුවතක්. හැබැයි මෙහි ඉදිරිපත් කිරීම තුළ සහ කතාව ගලා යෑම තුළ සුවිශේෂී බවක් තියෙනවා…

මෙහිදී මම උත්සාහ කළේ ‘ප්‍රේමය වනාහි පරිත්‍යාගයක් හෝ කැපවීමක් මිස අයිතිකර ගැනීම පමණක් නොවේ යැයි කියන පණිවුඩය සමාජයට දෙන්නටයි…
අන්න ඒ පණිවුඩය මත මිනිසත් බව ප්‍රේමය සහ පරිත්‍යාගශීලී සිද්ධාන්තයන් මත ‘සඳ දිය සළු’ ඉතා අපූරුවට ගලායෙනවා.

කිව යුතු තවත් එක් සුවිශේෂී සිදුවීමක් වන්නේ හෙළ සිනමාවේ අග රැජනිය මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාද මෙහි අති විශිෂ්ට රංගනයක යෙදෙනවා. පාසල් යන කුඩා කොල්ලකු කාලේ මාලිනී ෆොන්සේකා කියන්නේ මම අසීමිතව ප්‍රිය කළ චරිතයක්. ඇය වැනි ප්‍රතිභාපූර්ණ රංගනවේදිනියක් මා ඉදිරියේ මගේම නිර්මාණයක් වෙනුවෙන් සිය රංගන කුසලතාව ප්‍රදර්ශනය කිරීම තුළ මම අත්වින්දේ අසීමිත වූ ගෞරවයක් සහ ආත්මතෘප්තියක්.

හෙළ සිනමාවේ අග රැජිනියව ඔබට වුවමනා ලෙස අධ්‍යක්‍ෂණය කිරීම තුළ යම් අපහසුතාවයක් දැනුණේ නැතිද?
නැහැ… මා හිතූ තරම් එය මට බාරදූර වූයේ නැහැ. අනෙක ඇය ආශ්‍රිතව ගත් කල ඉතාම පුංචි මට්ටමේ අයකු වූ මා ඉදිරියේ ඇය හැසිරුණු ආකාරය ඉතාම නම්‍යශීලී… ඒ වාගේම ඉතාම නිහතමානීයි…

ප්‍රදර්ශනයට නියමිතව තිබෙන ඔබේ ‘යුගාත්‍රා’ සිනමාපටය ගැන කතාබහ කරන්නට පුළුවන්ද?
ඇයි බැරි… ‘යුගාත්‍රා’ කියන්නේ ඉතාම සතුටින් කතා කළ යුතු නිර්මාණයක්. හැබැයි කිසිම මාධ්‍යයක මීට පළමුව මේ ගැන කතාබහ කොට තිබුණේ නැහැ. එයට හේතුව වූයේ තිරගත කිරීමට අවශ්‍ය පසුබිමක් හරියටම තීන්දු වනතුරු මම ‘යුගාත්‍රා’ ගැන රහසක්ව තබන්නට සිතූ නිසයි. ‘යුගාත්‍රා’ සඳහා ‘ඊඒපී’ සිනමා මණ්ඩලයේ අනුග්‍රහය ලැබීම ඇත්තෙන්ම වාසනාවක් කියලයි මම හිතන්නේ. ඒ වාගෙම ඔවුන් ‘යුගාත්‍රා’ ගැන ඉතා සතුටින් කතාබහ කළ ආකාරයද මට ලොකු ගෞරවයක් වුණා.

‘යුගාත්‍රා’ හී කතා තේමාව බෞද්ධ දර්ශනයට සමීපයි..?
ඔව්… බෞද්ධ දර්ශනයෙහි ගැඹුර අළලා කළ ‘යුගාත්‍රා’ ආත්ම දෙකක් ඔස්සේ දිවෙන අරුත්බර, සුන්දර ආදර කතාවක්… එය මනෝමය ත්‍රාසයකින් අනූනයි. ඉංග්‍රීසි බසින් හඳුන්වනවා නම් ‘යුගාත්‍රා’ ‘සයිකොලොජිකල් ත්‍රිලර්’ ගණයේ සිනමා පටයක්.

ඔබට විශ්වාසයි, එය ප්‍රේක්‍ෂක හදවත් වැලඳගනීවිය කියා..?
නිසැකවම ‘යුගාත්‍රා’හී ගුප්ත වූත්, මනෝමය වූත් සුන්දරත්වයට ඔවුන් තදින් ඇලුම් කරන බව විශ්වාසයි. ඒ සඳහා මට සාක්‍ෂිද ලැබී අවසානයි.

ඒ සාක්‍ෂිය එළිදක්වනවා නම්..?
ඕස්ටේ්‍රලියාවේදී මම කිහිපවතාවක්ම එය තිරගත කළා. ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වාගෙම ‘යුගාත්‍රා’හී අති විශිෂ්ට රංගනයක යෙදෙන සනත් ගුණතිලක, නදීකා ගුණසේකර සහ ලක්‍ෂ්මන් මෙන්ඩිස් ගැන ඔවුන් ඉතා ඉහළින් කතාබහ ඛළා. එවකට නවක නිළියක ලෙස මා හඳුන්වා දුන් මාෂී සිරිවර්ධනද ඔවුන් හා කරට කර රංගනයක යෙදුණු ආකාරය ගැනද කවුරුත් වාගේ අගය කළා.

ඔබ හැමදාමත් කළේ ස්වතන්ත්‍ර නිර්මාණකරණයයි..?
සත්තකින්ම… මගේ සිනමාපට කිසිවක කොලිවුඞ්, බොලිවුඞ් හෝ හොලිවුඞ් ජවනිකා අමු අමුවේ කොපි කළ සීන් තිබුණේ නැහැ. එවැනි සිදුවීමක් තියා රූප රාමුවක්වත් මම කොපි කරන්නේ නැහැ. එය මගේ ප්‍රතිපත්තියක්. අනෙක කාගෙවත් කොපියක් ගේනවට වැඩිය මමම නිර්මාණය කළ මගේම සිනමා පටයක් ප්‍රේක්‍ෂකයන් නරඹන විට මට දැනෙන ආශ්වාදය කෙසේවත් මිල කරන්නට බැහැ.

‘අංජලිකා’ බලන්න ප්‍රේක්‍ෂකයන් පොරකන ආකාරය හොරෙන් බලා හිටියේ ඒ නිසාද?
ඔව්නේ… ඇත්තටම එවැනි දේ හරහා මම කුඩා දරුවකු අත්විඳින සතුටක් ඒ දවස්වල අත්වින්දා… එක දවසක් මට මතකයි අද වාගේ, රාජගිරියේ ‘ඉම්පාලා’ හෝල් එකට ටිකක් ඈතින් මම බලා හිටියා. ‘අංජලිකා’ එක් දර්ශනයක් ‘්‍යදමිැ ත්‍මකක’ වෙලා… ටිකට් ගන්න බැරි වුණු කට්ටිය ගෙදර යන්නේ නැතිව ඊළඟ දර්ශන වාරය එනතුරු එතැන රැඳී සිටිනවා. ඒ අතර චිත්‍රපටය බලපු අය ඒ ගැන වර්ණනා කරමින් එහා මෙහා යනවා. ඇත්තටම මේ මා කළ මගේම නිර්මාණයක් නේදැයි කියන ආඩම්බරය මට එදා දැනුණා.

ඒ කියන්නේ ඔබ පැය ගානක් එතැනට වී කට්ට කනවා..?
පැය ගණනක් නෙවෙයි, දවස් ගණනක් කට්ට කෑවත් මොකද, මා කළ මෙහෙවරක් වෙනුවෙන් ඒ තරම් සොඳුරු ප්‍රතිචාර ලැබෙන කොට.

සෑම සිනමාපටයක්ම ඔස්සේ ඔබ නවක කෙල්ලක් සිනමාවට ගෙන ආවා?
ඇත්තෙන්ම කියනවා නම් සිංහල වචනයක්වත් කතා කරන්නට බැරිව සිටි පූජා ඔමං ශංකර්ව සිංහල සිනමා ප්‍රේක්‍ෂකයනට හඳුන්වා දුන්නේ මමයි. ‘කල්පාන්තයේ සිහිනයක්’ සිනමාපටයක රඟපෑවේ කැමරාවක් දැකලාවත් නැති බැංග්ලෝර් ප්‍රදේශයෙහි උපන් ඉන්දියානු කෙල්ලක්. ඒ අතර මාෂි සිරිවර්ධන සහ නතාෂා සතරසිංහවද රංගනයට ගෙන ආවේ මමයි. ප්‍රධාන නිළි චරිතය වෙනුවෙන් නවක කෙල්ලක හඳුන්වා දීමේ කලාවට මම ප්‍රිය කරනවා. ‘සඳ දිය සළු’හී ‘දිල්හාරා සේනානායක’ ඒ ප්‍රියතාවයෙහි අලුත්ම සොයාගැනීමයි.

නවකයන් හැසිරවීම සාර්ථක නිර්මාණයකදී ඔබට බාධාවක් වූයේ නැතිද?
කොහොමවත් නැහැ… නවක කෙල්ලන් සිනමාවට ගෙන ආ ප්‍රවීණයන් කොයිතරම් සිටිනවාද… මටත් ආසාවක් තිබුණා ඒ අභියෝගය ජයගන්නට. එකී උත්සාහය තුළ සිංහල බස හැසිරවීමට පවා දැනුම නැති අයවද සාර්ථකව මෙහෙය වීමට මට පුළුවන් වුණා.

නාලන් මෙන්ඩිස්ගේ ටෙලි කෘති තුළින් පුංචි තිරයේ ජනප්‍රිය පෙම්වතා වූ ඔබ ටෙලිනාට්‍ය කලාව අතහැර දැමුවේ ඇයි?
වැරැදි වැටහීමක් ඒක.., මම ටෙලි කලාව අතහැරියේ නැහැ. සිදුව තිබෙන්නේ රඟන්නට හොඳ යැයි සිතෙන නිර්මාණ දැන් බිහිවන්නේ නැති එකයි. මෙගා කලාව ටෙලිනාට්‍ය කලාවට වසංගතයක් වී හමාරයි. දින නියමයක් නැතිව හරසුන් ටෙලි කතා මාස ගණන්, අවුරුදු ගණන් විකාශනය වෙනවා.

නාලන් මෙන්ඩිස් වැනි ප්‍රවීණයන් කළ ටෙලි කලාව මීට හාත්පසින්ම වෙනස්. ‘සූරිය දරුවෝ’ වැනි නිර්මාණ නැවැත හැදෙනවා නම් මමත් ටෙලිනාට්‍ය කලාවට නැවැත පය තියනවා. කොටස් විසිපහේ, පනහේ හෝ වැඩිම වුණොත් එය කතාවට ගුණාත්මක නම් දින හැත්තෑපහක් වුණත් කමක් නැහැ. චරිතය සුදුසුයි නම් බාර ගන්නවා. හැබැයි තිරපිටපත සමග කතාවේ අවසානය සහ කොටස් ගණනද පළමුව දැනගත යුතුමයි.

ඔබට ටෙලියක තිරපිටපතක් ලැබුණහොත් ඔය කී රෙගුලාසි ගැන නිර්මාණකරු වෙත ඉදිරිපත් කරනවද?
ඔව්… නිර්මාණකරු ප්‍රවීණයිද, නවකයිද අදාළ නැහැ… මම ඒ ගැන විමසනවා. එය මා සතු විය යුතු අයිතියක්.

ඔබේ ‘යූ-ටියුබ්’ නාලිකාව ගැන දැනගන්නට අප මනාපයි?
එය මම ආරම්භ කළේ ඉතා මෑතකදියි. හොඳ ප්‍රතිචාර තිබෙනවා. බෞද්ධ දර්ශනය සහ විවිධ ආගම්වල දර්ශනයන් ගැන කතා කරන එය නම්කොට ඇත්තේ ‘සැබවින් මා කවුද’ යන තේමාව හරහායි.

සියල්ල අතහැර සෝවාන් වීමේ අදහසක් එහෙම නැහැ නේද ඔබට..?
සියල්ල අතහරින්න සෝවාන් විය යුතු නැහැ. බුදු රජාණන් වහන්සේ පැවැසුවේ ‘සතුටින් ඉන්න… මෛත්‍රිය වඩන්න කියලයි… කිසිවක් හඹා නොයෑම… තරගකාරී ජීවිතය මගහැර සිටීම… ඊර්ෂ්‍යා නොකිරීම සහ කාගෙවත් වංහුං හොයන්නෙ නැතිව තමාට පුළුවන් දේ තුළ ජීවිතය ජයගන්නවා නම් එතැන ආධ්‍යාත්මික සතුට ඕනෑ තරමට තියේවි.

ඔබ එහෙම කෙනෙක්ද..?
ඔව්… මම හෙමින් ගමනක මගේ පාඩුවේ යන.., සොඳුරු නිර්මාණ මෙහෙවරක් හරහා මිනිසුන් සතුටු කරන නරක පිටුදකින කෙනෙක්.

-දමයන්ති රෙණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඇලෝෂියස්ලගේ මහබැංකුවේ සල්ලි බැසිල්ට ගන්න පුළුවන්ද?

Next Post

මම හුස්ම ගන්නේ ලැබෙන ප්‍රතිචාර එක්ක…

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.