• About us
  • Contact us
Sunday, June 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

June 21, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ හැම රටකම ලෝක තෙල් මිලට සාපේක්ෂව ඒ රටවල තෙල් මිල අඩු වෙනකොට මෙහෙ ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා.කලාපීය රටවල් තෙල් මිල අඩු කරනවා.අපි හැම මාසෙම වැඩි කරනවා.ඇයි ඒ ආණ්ඩුවෙ නොහැකියාව නිසා ආණ්ඩුවේ වංචාවල් නිසා ආණ්ඩුවේ හොරකම් වලින් වෙච්ච පාඩුව රටේ ජනතාවට දානවා.හරි නම් මේ මාසේ තෙල් මිල අඩු කරන්න ඕනෙ ආණ්ඩුව යැයි ශ්‍රී ලංකාබ්පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.06.20 දින කොලඹ පැවති රැස්වීමකදීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,Sri Lanka Latest News

මා ස්තූතිවන්ත වෙනවා ඔබ සියලු දෙනාට අද පක්ෂ භේදයකින් තොරව චන්දෙ දීපු නොදීපු හැමකෙනාම ඒකරාශී කරගෙන ශක්තිමත් බලවේගයක් බවට මේ කොට්ඨාශයේ බලවේගයක් බවට අපේ දේශපාලන බලවේගය පරිවර්තනය කිරීම පිළිබඳව.

ඒ වගේම තමයි ඉතිහාසයේ වැඩියම බොරු කියපු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව බව ඔබට පුන පුනා මතක් කරන්න ඕන නෑ.මාධ්‍ය බැලුවම සමාජ මාධ්‍ය බැලුවම මේ ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරු කලින් කියපුවා ඇහුවම දැන් කියන ඒවත් එක්ක සංසන්දනය කරලා බැලුවම මේ ආණ්ඩුව කියන්නේ බොරු කියලා අමුතුවෙන් මතක් කරන්න ඕනේ නෑ.අද හැම කාරණයක්ම වසන් කරන්න ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න ආණ්ඩුව දැඩි පරිශ්‍රමයක් දරනවා. සමස්ථ රාජ්‍ය බලයම යොදා ගන්නේ තමන්ගේ නොහැකියාව වහගන්න.තරුණයාගේ විරැකියාව ප්‍රශ්නයට විසඳුමක් හොයනවා වෙනුවට ගෙදර ජීවන වියදම දරාගන්න හැකි විදියට පරිවර්තනය කිරීමට විසඳුමක් හොයනවා වෙනුවට ව්‍යවසායකයා ආරක්‍ෂා කරන්න විසඳුමක් හොයනවා වෙනුවට අද ආණ්ඩුව උත්සාහ කරන්නේ මර්ධනයෙන් තමන්ගේ බලය අරගෙන යන්න.ජනතාවගේ නැගිටීමක් දැක්කොතින් උපාධිධාරීන් රැකියාවක් ඉල්ලගෙන ගියෝතින් ත්‍රී රෝද රථ හිමියන් තමන්ගේ ව්‍යාපාරය අරගෙන යන්න සාධාරණ ඉල්ලීමක් කෙරුවොතින් ඒ සියල්ලම මර්ධනය කරන තැනට අද ආණ්ඩුව පත් වෙලා තියෙනවා.

ආණ්ඩුවට වැඩ බැරි වෙනකොට වැඩ බැරිකම වහගන්න ආණ්ඩුව මර්දනය පාවිච්චි කරනවා.ඒ නිසා මගේ ආදරණීය අම්මේ තාත්තේ අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක් මේක ගම්මාන එදා හැදුවේ මහින්ද රාජපක්ෂ යුගයේ එදා හැම ගමක්ම හැම පාරක්ම හදන්න අපේ ආණ්ඩුව කටයුතු කෙරුවා. ඒ වගේම තමයි ජනතාව වෙනුවෙන් අපි පෙනී හිටියා. දැන් නගරයේ කොළඹ රටේ හැම තැනකම ඩෙංගු රෝගීන් වැඩිවෙලා තියෙනවා.පුංචි අත දරුවන් පවා රෝගී තත්ත්වයට පත් වෙනවා තාම ආණ්ඩුව ඒ ගැන නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ.අපේ මිත්‍රයෙක් තමන්ගේ දරුවාට ඩෙංගු හැදුනම අපේ හාමුදුරුවනේ ප්‍රාදේශීය සභාවට ඒක දැනුම් දුන්නම ප්‍රාදේශීය සභාව ඔහුට දැනුම් දීලා තියෙනවා අඩුම තරමේ රෝගීන් දහයක් ඕනලු දුම් ගහන්න.මාලිමාවේ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපත්තිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අඩුම තරමේ රෝගීන් දහයක් .දැන් එක ගමක රෝගීයෙක් බිහිවුනොතින් අනෙක් දරුවෝ බේරගන්න එක තමයි ආණ්ඩුවේ වගකීම දැන් ආණ්ඩුව මොකක්ද කරන්නේ එක දරුවෙක්ට හැදුනොතින් තව නමයකට හැදෙනකම් ආණ්ඩුව බලන් ඉන්නවා ක්‍රියාත්මක වෙන්න.රෝහල් පිරිලා ඉතිරිලා යනවා නිවෙස් වලට වෙලා බෙහෙත් ගන්න කියන තැනට පත්වෙලා තියෙනවා.ඩෙංගු සීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා ඇයි ඒ ආණ්ඩුව මැදිහත්වීමක් නෑ.තමන් පාලනය කරන ප්‍රාදේශීය සභාවලට නගර සභාවට වලට ආණ්ඩුව උපදෙස් දෙන්න ඕනේ මේ නගරෙ දරුවෝ ටික ගමේ දරුවො ටික ආරක්ෂා කරන්න පිරිසිදු කරන්න දුම්ටික ගහන්න.ඒක තමයි නගර සභාවකින් ප්‍රාදේශීය සභාවකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ.ගමේ ප්‍රාදේශිය සභාවකින් බලාපොරොත්තු වෙන්නේ නෑ බදු ප්‍රතිපත්තියක්.ගමේ ප්‍රාදේශීය සභාවකින් ඔබ බලාපොරොත්තු වෙන්නේ නෑ ජාතික ආර්ථිකය හදන්න සංචාරක ව්‍යාපාරය හදන්න ඔබ බලාපොරොත්තු වෙන්නේ ගමේ කුණු ටික වෙලාවට ඉවත් කරලා කාණු ටික සුද්ද කරලා පිරිසිදුව තියාගන්න.ඩෙංගු බෝවෙනවා නම් දුම් ටික ගහලා පිරිසිදුව තියාගන්න.මාලිමාවේ එහෙම නැත්තං ජේවිපි එකේ ප්‍රාදේශීය සභාවට ඒ ටික කරගන්න බැරි නම් ඒ කර්තව්‍ය කරන්න ආණ්ඩුවෙන් මැදිහත්වීමක් නැත්නම් එවැනි ප්‍රාදේශීය සභාවකින් ජනතාවට සෙතක් වෙන්නේ නෑ.

තවත් පැත්තකින් අසීමිත බදු බරක්.ඔබ උපයන ආදායමෙන් අසීමිත කොටසක් බහුතර කොටසක් ආණ්ඩුවට බදු වශයෙන් දෙන්න ඕන.ආණ්ඩුවට ඒක දුන්නම හැකර් කෙනෙක් පැනලා ඒක අරගෙන යනවා.මම දැක්කා පාර්ලිමේන්තුවේ කමිටුවට ඇවිල්ලා කියනවා මහ බැංකුවේ ආර්ථික නිලධාරීන් හැකර් පැන්න තමයි සල්ලිත් ගත්ත තමයි දැන් ගන්න විදිහක් නෑ ඒ හින්දා ඒකෙ පාඩුව රටේ ජනතාවගෙන් ගන්න වෙනවා.

ආණ්ඩුවේ අය හොරකම් කරන්නයි රටේ ජනතාව ඒක ගෙවන්නයි එක හැකර් කෙනෙක් ආවා නම් කමක් නෑ මූ හැමදාම පනිනවා.ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පනිනවා මුදල් අමාත්‍යාංශයට පනිනවා මහ බැංකුවට පනිනවා මේක අල්ලගන්නත් බෑ ආණ්ඩුවට මේක සැකය තියෙන්නේ අපේ හාමුදුරුවනේ මේ හැකර් ඇත්තටම මාලිමාවෙද ඉන්නේ.මේ අපි කියන එක නෙවෙයි මේ රටේ ජනතාවගේ මතය.

දැන් අද එන්න එන්න ආණ්ඩුවේ දුෂණය වහගන්න ඒවා ගැන කතා කරන අයව මර්ධනය කරනවා.පහුගිය කාලේ බාල ගල් අඟුරුු ගෙනාවා අද වෙනකම් බාල ගල් අඟුරු ගෙනාපු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක කරේ නෑ.අද අද වෙනකම් බාල ගල් අඟුරු ගෙනාපු සමාගම් තහනම් කළේ නෑ.අසීමිත ලාභයක් ඒ සමාගම් ලබනවා.හැබැයි බාල ගල් අඟුරු නිසා විදුලි උත්පාදනය අඩු වෙනකොට ඒකට ඩීසල් ගේනවා. ලෝක වෙළඳපොලේ වැඩිම මිල තියෙන ඩීසල් ගේන්නේ.අද ලෝකයේ හැම රටකම ලෝක තෙල් මිලට සාපේක්ෂව ඒ රටවල තෙල් මිල අඩු වෙනකොට මෙහෙ ආණ්ඩුව තෙල් මිල වැඩි කරනවා.කලාපීය රටවල් තෙල් මිල අඩු කරනවා අපි හැම මාසෙම වැඩි කරනවා.ඇයි ඒ ආණ්ඩුවෙ නොහැකියාව නිසා ආණ්ඩුවේ වංචාවල් නිසා ආණ්ඩුවේ හොරකම් වලින් වෙච්ච පාඩුව රටේ ජනතාවට දානවා.හරි නම් මේ මාසේ තෙල් මිල අඩු කරන්න ඕනෙ ආණ්ඩුව.ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙලා හැබැයි අපේ ආණ්ඩුව ඒක තාම හිතලා නෑ සභාපතිවරයා ඇවිල්ල කියන්නේ ඒක.අපේ ආණ්ඩුව තාම එක හිතලා නෑ.

අම්මේ තාත්තේ මිත්‍රවරුනි අසීමිත පීඩනයට මේ රටේ හැම ජනතාවම පත්වෙලා තියෙනවා හැම ක්ෂේත්‍රයේන්ම.ගරුතර මහා සංඝරත්නයට ආණ්ඩුව සැලසුම් සහගතව පහර දෙනවා.ආගමික නායකයෝ විවේචනය කරනවා ආගමෙන් ජනතාව ඈත් කරන්න උත්සාහ කරනවා එක වෙලාවක කියනවා ලෝකයේ දේශගුණ විපර්යාසයක් වෙනවා අධික උෂ්ණත්වයක් එනවා කියල හැබැයි අනිත් පැත්තෙන් ඒකට හරියන විදිහට ගොවියා සූදානම් කරනවද නෑ අපි අද යෝජනා කරා ආණ්ඩුවට අඩුම ගානේ පොහොර මිටිය තුන්දාහට දෙන්න.පිටරටින් හාල් ගේන පිටරටින් බඩඉරිඟු ගේන්න පිටරටින් කෑම බීම ගේනවා වෙනුවට දේශීය ගොවියා ශක්තිමත් කරලා විදේශ විනිමය ඉතුරු කරගන්න.රටේ වැව්වොත් විදේශ විනිමය ඉතුරු කරොත් දේශීය ගොවියා ශක්තිමත් කරොත් නගරයේ ජීවත් වෙන ඔබට දැරිය හැකි මුදලට දේශීය වෙළඳපොලෙන් දේශීය ගොවියගේ නිෂ්පාදන ටික මිලදී ගන්න පුළුවන්.

ධීවරයට තෙල් සහනය දෙන්න.රුපියල් 150කවත් සහනයක් දීලා මාළු ටික ලංකාවේ අල්ලගන්න පිටරටින් මාළු ගේනවට වඩා ඒ විදේශ විනිමය ඉතුරු කරලා එය සහනය ධීවරයට දීලා රටේ මාළු ටික අල්ලගන්න.අද මාළු ටිකක් පිටරටින් ගෙනල්ලා මහා කුමන්ත්‍රණකාරී සැලසුම් සහගත ව්‍යාපාරයක් බවට ඒක පරිවර්තනය කරලා තියෙනවා තියෙනවා ඒකාධිකාරීයක් බවට පත්කරලා තියෙනවා.ඒකෙන් අවසානයේ පීඩාවට පත්වෙන්නේ මේ රටේ ජනතාව.ගොවි ජනතාවද ධීවර ජනතාව පමණක් නෙවෙයි නාගරික ප්‍රදේශවල ජීවත්වෙන ඔබ තමුන්නාන්සේලාටත් ආහාර මිලට අධික ආහාර මිල පීඩනයට මුහුණ දෙන්න ඕනේ.දෛනික ආදායම් ලබන දෙමාපියන්ට දෛනික ආදායම් ලබන තරුණයන්ට තමන් ලබන ආදායමෙන් තුන් වේල කන්න බැරි තැනට අද පත්වෙලා තියෙනවා.

අපි මුණ ගැහෙනවා සමහර දෙමව්පියන් අපේ හාමුදුරුවනේ ඒ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට තුන් තුන් වේල කන්න දීලා ඒ දෙමව්පියෝ එක වේලයි දෙවේලයි කන්නේ.මේක තමයි යථාර්ථය.හැබැයි ඒ දෙමව්පියෝ ඒක දරුවන්ට දැනෙන්න දෙන්නේ නැහැ.අවුරුදු16 20 25 තරුණයන්ට ඒ පීඩාවට දැනෙන දෙන්නේ නැහැ.හැබැයි දෙමාපියෝ එක වේල දෙවේල කාලා එදා වේල හම්බකරගෙන අමාරුවෙන් ජීවත් වෙනවා.හැබැයි මේ අයගේ සුබ සිද්ධියට මේ අයගේ ජීවිත ගොඩනගන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා. අද ආණ්ඩුව ඒ වගකීම පැහැර හැරලා. ආණ්ඩුවේ මර්දනාකාරී න්‍යාය පත්‍රයට පමණක් ආණ්ඩුව සීමා වෙලා තියෙනවා.

SendShareShare
Previous Post

ආණ්ඩුවට ගමේ මාලිමාවෙන් රතු එළි පත්තු වෙයි! අනුර-ටිල්වින් අලුත් ගේමකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

MORE NEWS

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News
Exclusive

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News
Exclusive

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ආණ්ඩුව කරන්නේ මාලිමාවෙන්ද-පැලවත්තෙන්ද? මාලිමාවේ ඇමැති කියනවා පළාත් සභා මේ අවුරුද්දේ තියනවා කියලා! ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් යාපනයටම ගිහින් කියනවා මේ අවුරුද්දේ පළාත් සභා නෑ කියලා..! ලබන අවුරුද්දෙත් තියන්න වෙන්නේ වෙන ප්‍රශ්න මොනවත් ආවෙ නැත්නම්ලු! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගමේ මාලිමාවෙන් රතු එළි පත්තු වෙයි! අනුර-ටිල්වින් අලුත් ගේමකට ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

වෙනදා ගියේ විපක්ෂයේ මන්ත්‍රීවරු! මාලිමා මන්ත්‍රීලාගේ CID පැමිණිලිවලට මොකද වුණේ? Sri Lanka Latest News

නාමල් රිලව් ගණන් කරනවා..! හිනාවෙන්න එහෙම එපා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 39ක් මහජන මුදල් වියදම් කරලා ඇමැති නාමල් කරුණාරත්න කරපු රිලා සංගණනයේ අවසන් වාර්තාව අරන් ගිය රිලවා මොකාද? I Sri Lanka Latest News

Load More
මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර-සජිත් එක මතයකට ඇවිත්! I Sri Lanka Latest News

මේ දිනවල බොහෝ දෙනා මෙගා නාට්‍යයක් බලන ආකාරයට ඇස් කන් දල්වාගෙන බලා සිටින්නේ දිනපතාම පාහේ අත්අඩංගුවට පත්වන විපක්ෂයේ නියෝජිතයන් දෙසය....

Read more
තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I  Sri Lanka Latest News

තාම කතා කරන්නේ පරණ ගණන්වලට…! ගාන හරි නැත්නම් රිජෙක්ට් කරනවා…! අපි හැමෝටම හොඳ කරනවා… හැබැයි අන්තිමට වෙන්නේ අමාරුවේ වැටෙන එක…! මුතු තරංගා I Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

නටන නැටුම් රඟන රැඟුම් ඉවත හෙළයි සෝක සුසුම්! Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම!  Sri Lanka Latest News

ජනතා දේපළ කොල්ලකෑවේ නෑ – ජීවිතයම ජනතාව වෙනුවෙන් කැපකළා…! අවස්ථාවාදී දේශපාලකයන් උගත යුතු සුකීගේ පාඩම! Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

කලාපීය රටවල තෙල් මිල අඩු කරනවා! ලංකාවේ හැම මාසෙම තෙල් මිල වැඩි කරනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.