• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කැමැති වැඩ්ඩොත් එක්ක වැඩ කරන්න…! මට ගැළපෙන තැන විතරයි මම ඉන්නේ…! මොනවා කළත් පවුල අංක එක…! නිමේෂා ප්‍රේමචන්ද්‍ර I Sri Lanka Latest News

April 4, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මම කැමැති වැඩ්ඩොත් එක්ක වැඩ කරන්න…! මට ගැළපෙන තැන විතරයි මම ඉන්නේ…! මොනවා කළත් පවුල අංක එක…! නිමේෂා ප්‍රේමචන්ද්‍ර I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍ය රැසක විවිධ චරිත නිරූපණය කරමින් ඔබට සමීප වුණ ඇය, අද වන විට දක්ෂ නිවේදිකාවක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා සිටින්නීය. ‘සුසුම් රස්තියාදුව‘ ටෙලිනාට්‍යයේ රුවිනි හරහා කාගේත් අවධානය දිනාගත් නිමේෂා, මේ දිනවල සූදානම් වන්නේ ජාත්‍යන්තරය ජය ගැනීමටයි. 2026 වියට්නාමයේ පැවැත්වෙන ‘ලෝක සංචාරක විවාහක රූ රැජින‘ තරගාවලියට ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ඇය, සිය වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ අලු‍ත් තොරතුරු මෙලෙස අප හා බෙදා ගත්තාය.Sri Lanka Latest News

නිමේෂා මේ දවස්වල කොහොමද ඔබගේ කලා කටයුතු?
මේ දිනවල මම එහෙම ලොකුවමට වැඩ භාරගත්තේ නැහැ. ජාතික රූපවාහිනියේ නිවේදන කටයුතු කරගෙන යනවා. එයට අමතරව පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.
අලුත් වැඩකටයුත්තකට සූදානම් වෙන බව ආරංචියි?
ඔව්. මම මේ දවස්වල ලෝක සංචාරක විවාහක රූ රැජින තරගාවලියට පුහුණුවීම් කරගෙන යනවා. ලෝක සංචාරක විවාහක රූ රැජින 2026 තරගය මෙවර වියට්නාමයේ පැවැත්වෙන්නේ. එයට රටවල් ගණනාවකින් තරගකාරියන් සහභාගි වෙනවා. තව මාස කීපයකින් ඒ තරගය වෙනුවෙන් ඉදිරිපත් වීමට ඒ වෙනුවෙන් පුහුණුවීම් කටයුතු සඳහා උපරිම මහන්සි වෙනවා. රුක්මාල් සේනානායක සහ තාරක ගුරුකන්ද දෙදෙනාගේ මගපෙන්වීම යටතේ තමයි මට මේ වටිනා අවස්ථාව ලැබුණේ.
‘සුසුම් රස්තියාදුවෙන්’ පසු නිමේෂා රඟපෑම් නතර කළාද?
මම රංගන කටයුතු නතර කරලා නැහැ. නිර්මාණවලින් ආරාධනා ලැබුණා. ඒත් මම මේ තරගය නිසා නිර්මාණ මොනවත් භාරගත්තේ නැහැ. සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයේ මම රඟපෑවේ රුවිනි චරිතය. චාන්දනී සෙනෙවිරත්නගේ ලේලියගේ චරිතය. මට එතුමිය සමග රඟපාන්න ලැබුණා කියන්නේ රංගන පාසලකට සම්බන්ධ වුණා හා සමානයි. රුවිනි චරිතයට මට වැඩිපුර ප්‍රතිචාර ලැබුණේ විදේශීය රටවල සිටින මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන්.

ඔබ මේ විදියට නිර්මාණ තෝරා බේරාගෙන වැඩ කරන්න විශේෂ හේතුවක් තියෙනවද?
එයට විශේෂ හේතු කිහිපයක් තියෙනවා. ඒ කරුණු කාරණා එක්ක ලංකාවේ දක්ෂ පිරිසක් ඉන්නවා ඉතා සීමිත ප්‍රමාණයක රඟපාන අය. ඉතින් ඒ වගේ දක්ෂ පිරිසක් සමග එකතු වෙලා මමත් වැඩ කරන්න කැමැතියි. මම වැඩකරපු ‘රන්තිලි වැව’ ටෙලිනාට්‍යයේ ප්‍රේමා චරිතයට ප්‍රේක්ෂකයන් වගේම මමත් ගොඩක් කැමැති වුණා. ඒ තෝරා බේරාගෙන වැඩ කරපු නිසා.
අම්මාගේ අතේ එල්ලිලා ආපු නිමේෂා අද ජනප්‍රිය නිවේදිකාවක්?
ඇත්තටම ඔව්. මගේ මවුපියන්ට තමයි ලොකුම වුවමනාව තිබුණේ මාව මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කරන්න. මමවත් මගේ පාසලේ ගුරුවරුන්වත් නොදැකපු මගේ දක්ෂතාවන් මගේ අම්මා තේරුම් ගත්තා. අම්මා තමයි මාව මුලින්ම රූපවාහිනයේ ළමා නිවේදනයට එක්කගෙන ගියේ. එදා මම මොනවත් කිව්වේ නැහැ. ඔහොම ඉතින් අම්මගේ උත්සාහය සමග මමත් අම්මා එක්ක ගියා. 2007 ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය තරගයේ තුන්වැනි ස්ථානය මට ලැබුණා. ඒ හරහා තමයි ස්වාධීන රූපවාහිනියේ මම මුලින්ම නිවේදන කටයුතු කළේ. පසුකාලීනව ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තුන්වැනි ස්ථානයත් මට හිමිවුණා. ඒ හරහා තමයි මට ජාතික රූපවාහිනියේ හැදෑරීමත් සමග නිවේදිකාවක් වෙන්න අවස්ථාව ලැබුණේ. නුග සෙවන, හිරු වියන, නැණ මිහිර, සංවර්ධන ලොතරැයි නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා.
මේ සියලු වැඩකටයුතු සමග ඔබ බිරිඳක්. ඒ වැඩකටයුතු කරගෙන යන්නේ කොහොමද?
ඒක තමා ලොකුම ප්‍රශ්නය. ඉතින් මම මේ හැම දේම ඉතා හොඳට සැලසුම් කරගෙන වැඩ කරන්නේ. හැබැයි මොන දේ කළත් සැමියාගෙන් සහායක් නැතුව මේ කිසිම දෙයක් කරන්න බැහැ. මේ හැම දේම බිරියක් විදියට කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මම මොන දේ කළත් මගේ පවුල අංක එක තමයි.
ඒ කියන්නේ හස්බන්ඩ් ඔබව තේරුම් අරන් කියන එකද?
තේරුම් අරන් විතරක් නෙවෙයි. ඔහු දෙන සපෝට් එක ගොඩක් වටිනවා. මම බඳින්නේ නෑ කියලා හිතපු කාලයක තමයි මට ඔහුව හමුවුණේ. ඔහුගෙන් නීති නැහැ. රණ්ඩු නැහැ. ඔහු මලිත් ගිහාන් විතාන. සංචාරක ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනවා. මගේ සාර්ථකත්වයට ඔහුගෙන් ලැබෙන සහාය ලොකු ශක්තියක්. ඉතින් මගේ වැඩකටයුතු නිදහසේ කරගෙන යන්න පුළුවන් ඔහු දෙන නිදහස සමග.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

තෙල් නගී! වතුර බහී! ලයිට් කැපේ ! Sri Lanka Latest News

Next Post

අසුබ ශක්තීන් පලවා හරින ජීවිතය වෙනස් කරන මැජික් ස්ප්‍රේ එක! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.