• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කිරි පුතා මගේ අම්මගේ තවත් දරුවෙක්!

July 14, 2021
in Heart
Reading Time: 3 mins read
A A
කිරි පුතා මගේ අම්මගේ තවත් දරුවෙක්!
Share on WhatsAppShare on Facebook

මගේ අම්මා විඳින සතුට මට කිසිදා මිල කරන්න බෑ…
කිරි පුතාට දැන් සිකුරා ලබලා…

කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වීමට කුඩා අවධියේ සිට සිහින දකින ශිල්පීන් බොහෝ දෙනෙක් අප අතර සිටිනවා. ඒ අතර සිහින සැබෑ කරගත්ත වාසනාවන්තයෝ අද ජනප්‍රිය තරු බවට පත්වෙලා. ඉතින් මේ කියන්නට යන්නේ තප්පරයෙන් තමන් ආපු ගමන්මග වෙනස් කරගත් සුවිශේෂී පුද්ගලයෙක් ගැනයි. ඔහුව ගොඩදෙනෙක් දැන් දැනහඳුනන්නේ ‘කිරිපුතා’ ලෙසට. ඔහු ආපු මේ ගමන්මගේ අටුවාටීකා එමටයි. මේ හැම දෙයක් ගැනම ‘කිරිපුතා’ වුණු පසිඳු විතානගේ එක්ක අපි කතා කළා.

‘කිරිපුතා’ දැන් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා නේද? ඉතින් මේ ඔබ විඳින සතුට අපිටත් දැනගැනීමට කැමැතියි?
ඇත්තටම ‘කිරිපුතා’ව දැන් මගේ අම්මාගේ තවත් දරුවෙක් බවට පත්වෙලා. මගේ අම්මා විඳින ඒ සතුට මට කිසිදා මිල කරන්න බැහැ. මම වගේම මගේ ආදර ප්‍රේක්‍ෂක පිරිස ගොඩදෙනෙක් ‘කිරිපුතා’ට ආදරය කරනවා. මේ හැම ගෞරවයක්ම හිමිවිය යුත්තේ සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ට වගේම ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගුරු පියාටත්, චාමර සමරවික්‍රම මැතිඳුන්ටයි. මේ රජ තුන් කට්ටුව මම ගැන නොබැලුවා නම් මට ‘කිරිපුතා’ වෙන්න බැරිවෙයි.

ඔබ කලා ක්‍ෂේත්‍රයේ කාලයක ඉඳලා නිර්මාණවල විවිධ චරිත නිරූපණය කළා. නමුත් ඔබ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන පළමු අදියර නේද මේ?
මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු හතරක් විතර වෙනවා. මේ ගෙවුණු කාලය තුළ මම සුළු චරිත නිරූපණය කළා. නමුත් ‘සංගීතය’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ ‘අමල්’ චරිතය තුළින් ප්‍රේක්‍ෂකයන් අතරට යෑමට හැකිවුණා. නමුත් මට ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතයක් කිරීමට අවස්ථාව ලැබුණේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය හරහා තමයි. ඉතින් මගේ කලා දිවියේ සුවිශේෂී කඩඉමක් ලෙසට මම ‘කිරිපුතා’ චරිතය හඳුන්වන්නට කැමැතියි.

‘කිරිපුතා’ චරිතය ඔබට සමීප නොවුණු චරිතයක් ලෙසට අපි දකිනවා. නමුත් කොහොමද ඒ අභියෝගය ජයගත්තේ?
මගේ ගම්පළාත මැදවච්චිය. මම ගමේ ඉපදුණු කොල්ලෙක්. නමුත් කසිප්පු වාඩියක අත්දැකීම් විඳගන්න දැකගන්න ගමේගොඩේ දැන් නැහැ. නමුත් අපේ ගමේ පුද්ගලයෙක් ඉන්නවා. ඔහු හැසිරෙන විදිහ චරිත ගතිලක්‍ෂණ ගැන මම විශේෂ අවධානයක් යොමු කළා මේ ‘කිරිපුතා’ චරිතයට සාධාරණයක් කිරීමට. ඒ වගේම ටෙලිනාට්‍යයේ සියලුම දෙනාගෙන් ලැබුණු සහායත් මේ චරිතය සාර්ථක වීමට විශේෂ හේතුවක් වෙනවා. මම තවමත් නිරන්තරයෙන්ම හිතන්නේ ‘කිරිපුතා’ චරිතය හොඳට කරන්න අලුත් දේවල් එකතු කරගන්නේ කොහොමද කියලා.

හැදෑරීමක් ඇතිව කලාවට පිවිසෙන නිසා තවත් පහසුවක් දැනෙන්නට ඇති නේද?
ඉම්පාස් රංග පාසලට සම්බන්ධ වීමෙන් රංගනය කියන පැතිකඩය පැත්ත ගැන මට ගොඩාක් අත්දැකීම් ලබා ගැනීමට හැකිවුණා. ප්‍රසන්න මහගම සර් යටතේ හැබැයි ඉතින් චරිතයට සාධාරණයක් කිරීමට අපි නිරන්තරයෙන්ම සමාජය සමග ගනුදෙනු කරන්න වෙනවා. එතකොට අපිට හමුවෙන විවිධ චරිත අපේ රංගනයට ආභරණයක් ලෙස මම ඒ දේවල් රැකගන්නවා. මම නිරන්තරයෙන්ම සමාජයත් එක්ක ගැටෙන කෙනෙක්.

දැන් පසිඳුට වේදිකාවෙන් ලැබෙන අඩිතාලම කොයිවගේද?
වේදිකාව තමයි මගේ ජීවිතය. වේදිකාවේ වැඩක් කිරීමට ආරාධනා ලැබුණත් මුල් කාලයේ ඒ සඳහා සම්බන්ධ වීමට නොහැකි වුණා. මම දැන් වේදිකා නාට්‍යය කිහිපයක වැඩ කරගෙන යනවා. මේ කොවිඩ් ප්‍රශ්න නිසා ඒ සියලුම වැඩකටයුතු නතර වෙලා. ලීල් ආනන්ද ගජනායකගේ ‘කිරට හඬපු දරුවෝ’ සහ ‘රොමියෝ’ වේදිකා නාට්‍යය තුළින් මාව ඉදිරියේදී දැකබලා ගන්නට පුළුවන්.

ආදර පෙම් සබඳතා වැඩිපුරම ඔබට ගලාගෙන එන්නේ ‘කිරිපුතා’ නිසා කියලා ආරංචියි?
මට තවම වයස 23යි. ආදරය ගැන හිතලා නැහැ. නමුත් ‘කිරිපුතා’ට සිකුරා ලබලා තියෙන්නේ. ඒ තරමට පෙම්වතියන්ගෙන් ආරාධනා එනවා. හැබැයි ඉතින් පසිඳුට ආදරය කරන්න කෙනෙක් තවම නැහැ.

මැදවච්චියේ ඉඳලා ආවේ නළුවෙක් වෙන්න අදහසින්ද?
මම ගොඩාක් කැමැති වුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් කරන්න. ඒ සඳහා මම කැමරාකරණය, නිවේදනය පිළිබඳ පාඨමාලාවක් කළා. හැබැයි මම ආපු ගමන එක්තරා වෙළෙඳ දැන්වීමක් නිසා මම හිතපු හැමදේම තප්පරයෙන් වෙනස් වුණා. ඒ වෙළෙඳ දැන්වීමේ මාව පෙනෙන්නෙවත් නැහැ හරියට. හැබැයි රංගන ශිල්පියෙක් වෙන්න ආශාවක් ඇතිවුණේ එදායින් පසුව තමයි.

–වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ආණ්ඩුව යාලේ අක්කර 12000ක් රහස් වැඩකට ගන්න යනවා! සජිත්ගෙන් අතිවිශේෂ හෙළිදරව්වක්!

Next Post

සෑම අමාත්‍යංශයකටම බැසිල්ගෙන් නිලධාරියෙක්!

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.