මුදල් අමාත්‍යංශය විසින් ඒ ඒ අමාත්‍යංශ සඳහා එක් නිලධාරියකු බැගින් පත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.
අරලිය ගහ මන්දිරයේදී අමාත්‍යවරුන් සමග පැවැති සාකච්ජාවකදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබේ.
අමාත්‍යාංශය මට්ටමින් මුදල් අමාත්‍යාංශය සමඟ සිදු කරන කටයුතුවලදී එම නිලධාරීන් සමග සුහදව කටයුතු කරන ලෙසට ද අමාත්‍යවරයා විසින් මෙහිදී ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.














