රාජ්‍ය සේවයේත්, රාජ්‍ය සේවාවට සම්බන්ධයක් ඇති වෙනත් සේවාවලත්, රාජ්‍ය සේවයට සම්බන්ධතා නැති දේශපාලන සම්බන්ධතා ඇති බොහෝ දෙනාද ලේකම් තනතුරුවලට පෙම් බඳිති. ලේකම් තනතුර විශ්වවිද්‍යාල මහාචාර්ය කෙනකුට ලැබෙන තරම් වරප්‍රසාද, වැටුප් දීමනා ආදිය නොමැති කටු ඔටුන්නක් වුවත් මහාචාර්ය කපිල පෙරේරාද ලේකම් තනතුරකට දිගු කලක් පෙම්කළ කෙනෙකි. පරිපාලන සේවයේ හෝ වෙනත් දීපව්‍යාප්ත සේවාවලට වඩා බාහිර සේවාවලින් හෝ බාහිරින්ම එන බොහෝ දෙනා ලේකම් තනතුරු සඳහා නිර්දේශ වන්නේ එක්තරා ආකාරයක දේශපාලන නිර්දේශන්ද සමගිනි.Sri Lanka Latest News
ම. කපිල පෙරේරා මහතා මා හඳුනා ගත්තේ රාජ්‍ය පරිපාලනේ ඉන්නා සමයේදීය. ඒ ඔහු විද්‍යාත්මක, තාක්ෂණ සේවා මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම සඳහා එක්වූ කාලයේදීය. ඔහුගේ එම විෂයයන් පිළිබඳ තිබූ දැනුමද අද්විතීයය. විශ්වවිද්‍යාල මට්ටමේදී ඔහුට කළ හැකිව තිබූ සේවාව අතිමහත්ව තිබියදී සැලකිය යුතු මට්ටමකින්
ශපාලනයට කඩේ යෑමට හැකියාවක්ද, විවිධ වූ අනන් මනන් සඳහා කාලය ගතකිරීමේ අනිවාර්ය හැකියාවන්ද, එකකට එකක් නොගැළපෙන කටයුතු බැලන්ස් කරගෙන යාමේ කුසලතාවන්ද, විද්‍යාත්මක හා තාක්ෂණ නොවූ භාවිතාවන් හා කළමනාකරණ ක්‍රමෝපායන් භාවිත වන ලංකාවේ අමාත්‍යාංශයක ලේකම්කමක් ම. කපිල ලබාගත්තේ මොන කෙහෙල්මලකටදැයි මට හොඳටම හිතුණේ ඔහු අධ්‍යාපන ලේකම් ලෙස පත්වූ කාලයේදීය. ඒ කාලයේ ගෝඨාභයගේ වියත් මගක්ම නොවූ ‘වියත් මග’ ලෝකයාට පෙන්වීමට කපිල හා ඔහුගේ මහාචාර්යකම හේතුභූත වුවත් මට නම් හිතුණේ ම. කපිල අමාත්‍යාංශයක ලේකම් කෙනකුට වඩා විශ්වවිද්‍යාලයට වටිනා සම්පතක් බවයි.
අධ්‍යාපනයට පෙම්බැඳ, ඒ ආයතන ව්‍යුහය අරක්ගත් දේශපාලනමය වූ වෘත්තීය සමිති මාෆියාවෙන්ද පාඩම් ඉගෙන මේ ආණ්ඩුවේත් ලේකම් තනතුරකට පෙම් බැඳීම තව දුරටත් ම. කපිලගේ දේශපාලනමය සබඳතාවන්ද හෙළිකරවීය. එහෙම නැතිවුණත් රටේ ලෝකෙ එහෙම කතා කරන්නේ ලංකාවේ දේශපාලන හා පරිපාලන යථාර්ථය නෙගටිව් ලෙස සමාජගතව ඇති නිසාය.
දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන ආණ්ඩුකරණය අනුව අමාත්‍යාංශයක ලේකම් තනතුර ගතානුගතික පරිපාලන තනතුරකි. ලේකම්වරු හඳුනාගැනීම සඳහා කිසිදු විද්‍යාත්මක මානව සම්පත් කළමනාකරණ ක්‍රමවේදයක් පොඩියට හෝ භාවිත නොවේ. ලේකම් තනතුරේ පොඩි වූ ලොකුකමක් ඇති නිසා බොහෝ දෙනා ඒවාට පෙම් බඳිති. ඒවායේ නටු අග කටු ඇති බව නොදැනී ඒවා බදාගෙන ම. කපිල වගේ හදවත පාරාගනිති. අන්තිමේදී වෙන කතාවක් දමා ඉල්ලා ඉස්වෙති.
ජනාධිපති ලේකම් සිට වෙනත් අමාත්‍යාංශ ලේකම් තනතුරුත්, රටේ ඉහළ පරිපාලන හා කළමනාකරණ තනතුරුත් ටෙන්ඩර් කළ යුතු බවට (සුදුස්සන් තෝරන දියුණු රටවල භාවිත වන ක්‍රමයක්) මා දීර්ඝකාලීනව හඬක් නගන කෙනෙකි. එවැනි තනතුරු සඳහා ආචාර්ය, මහාචාර්ය පට්ටම්වලට වඩා හැකියා කුසලතා විෂය දැනුම පදනම් කරගත් වැඩේ අනාගන්නේ නැතුව ආණ්ඩුව කරගෙන යාමට උදව් කළ හැකි රාජ්‍ය කළමනාකරණයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුවේම හොඳටය.
ජිනසිරි දඩල්ලගේ
(පුන්සිරි සොයිසාගේ ‘සෙව්වන්දියකට පෙම් බැන්දා’ ගීතය ඇසුරෙනි.)










