‘මන්දාරා’, ‘ආදරණීය කතාවක්’, ‘දේදුනු ආකාසේ’ වැනි චිත්‍රපට ඔබ වෙත ගෙනා ප්‍රියන්ත කොළඹගේගේ නවතම සිනමා නිර්මාණය, ‘සූරිය සුළ`ඟ ළඟදීම දිවයින පුරා සිනමාහල්වලදී තිරගත වීමට සූදානම් කර තිබේ. මේ වනවිට චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටයද අන්තර්ජාලයට නිකුත් කොට ඇත.Sri Lanka Latest News
ත්‍රාසය, ආදරය හා ක්‍රියාදාමයන් පිරුණු අමතක නොවන සිනමා අත්දැකීමක් තිළිණ කරන්නට පොරොන්දු වන මෙම සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ඵරග උදරකා තරගාවලියෙන් ලොවක් හඳුනාගත් නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියකු වන මේඝ සූරියආරච්චි විසිනි.
ඒ සමගින් නිහාරි පෙරේරා, සනත් ගුණතිලක, අෂාන් ඩයස්, සේමිණි ඉද්දමල්ගොඩ, මෞලි දුෂ්මන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටෙරී ජයසිංහ, ලහිරු බාලසූරිය, මුතු තරංගා, සජිනි රෝයි වැනි නළු නිළියන් රැසක් මීට රංගනයෙන් එක්ව සිටිති.
මෙහි තිරරචනය ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි විසින් වන අතර නිෂ්පාදනය මනීෂා ද සිල්වා, ධම්මික ද සිල්වා, එම්.ආර්.එච්. පෙරේරා, ප්‍රියන්ත කොළඹගේ විසිනි.
නුදුරේදීම ‘සූරිය සුළඟ’ නරඹන්නට සූදානම් වන්න.











