• About us
  • Contact us
Wednesday, July 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මට හැදුණු කාතාවක් නෑ! මේක මාර වැඩක්නේ!

January 19, 2022
in Heart
Reading Time: 4 mins read
A A
මට හැදුණු කාතාවක් නෑ! මේක මාර වැඩක්නේ!
Share on WhatsAppShare on Facebook

බාධක නැතුවාම නෙවෙයි…
ගැහැනියක් විදියට ඒ හැම දේකටම මුහුණ දුන්නා…

කලා ක්‍ෂේත්‍රයේ ශිල්පීන්ට නිරන්තරයෙන්ම කතා හැදෙනවානේ. එය සාමාන්‍ය දෙයක්. හැබැයි මේ කියන්නට යන්නේ වෙනස්ම කතාවක්. ජනප්‍රිය රංගන ශිල්පිනී මනිෂා නාමල්ගමගේ ආදරණීය නැඟණිය තමයි කාංචනා ඛාන් (Kanchana Kaan) කියන්නේ. ඇගේ අක්කා වගේම දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක කාංචනාට අමුතුම කතාවක් හැදිලා තියෙනවා. ඒ කතාවේ සුලමුල හොයන්නට අපි ඇයට කතා කළා…

කාංචනාට මේ හැදුණු කතාව මොකක්ද..?
මොනවා ගැනද අහන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. එහෙම කතාවක් මට හැදිලා නැහැ මම දන්න තරමින්.

එහෙනම් අපි ‘මේක පුදුම කතාවක්’ ගැන කතා කරමුකෝ. ඒ ගැන තමයි අහන්නේ..?
ලාල් ප්‍රියදේව අධ්‍යක්‍ෂණය කරන සිනමා නිර්මාණයක් තමයි ‘මේක පුදුම කතාවක්.’ සුනිල් ටී. ප්‍රනාන්දු සහ තුෂාර පෙරේරා තමයි ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ. මම මේ චිත්‍රපටයේ ‘සොනාලි’ ලෙසට තමයි රඟපාන්නේ.

‘සොනාලි’ චරිතය හරහා ඔබේ ඉදිරි සිනමා ගමන වෙනසක් සිදුවෙයිද..?
අනිවාර්යෙන්ම… මටත් එහෙම හිතෙනවා. මම මේ වගේ චරිතයක් මෙයට පෙර කරලම නැහැ. උප ප්‍රධාන චරිතයක් තමයි මම රඟපාන්නේ.
මගේ රංගන ජීවිතයත් හැරවුම් ලක්‍ෂය්‍යක් කියලා කියන්නත් පුළුවන්. මම මවකගේ චරිතයක් රඟපාන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ නංගිගේ දරුවා හදාගන්නෙත් මම. මුලදි සොනාලි අහිංසක බව පෙනුණට පස්සේ නපුරු වෙනවා. ඉතින් මේ චිත්‍රපටයට මාව තෝරාගත්ත සියලුමදෙනාට ස්තුතිය පුද කරනවා.

පසුගිය කාලෙ නම් ඔබට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක නේද හිටියේ..?
අම්මෝ ඔව්… ‘හදවතේ කතාව’ ටෙලිනාට්‍ය මම නිරූපණය කළ ‘කාන්ති’ චරිතය නිසා ගොඩදෙනෙක් මාව ප්‍රතික්‍ෂේප කළා. සමහරු මගතොටදී පවා මට බනින්න ගත්තා. හැබැයි ඉතින් පස්සේ හොඳට කතා කළා. ඒ චරිතයට ලැබුණු ප්‍රතිචාර නම් ඉහළයි. ඉතින් මම ‘කාන්ති’ චරිතයට හොඳ සාධාරණයක් කළා කියලා ලැබුණු ප්‍රතිචාරත් එක්ක හිතාගන්න පුළුවන්.

ඉතින් අද ඔබ ඉන්න තැන ගැන සතුටු වෙනවද..?
ඇත්තටම ගොඩාක් සතුටුයි. මම හෙමින් ගමනක් තමයි ආවේ. හෙමින් ආවත් බාධක නැතුවාමත් නෙවෙයි. හැබැයි මම ගැහැනියක් විදියට ඒ සියල්ලටම මුහුණ දුන්නා. ඉතින් මට ලැබෙන හැම නිර්මාණයකටම, චරිතයකටම මම උපරිම සාධාරණයක් කරමින් මගේ ගමන මේ විදියටම ඉදිරියට යනවා.

‘නිරාවරණය’ ටෙලිනාට්‍ය තුළින් නේද ඔබේ ගමන වෙනස් වුණේ..?
‘නිරාවරණය’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ චරිතයෙන් තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. ඒ ගැන සතුටුයි. ‘නිරාවරණය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ රොෂාන් කුරුප්පු අයියාව මම කවදාවත් දැකලා තිබුණෙත් නැහැ. ඉතින් මම ගැන තැබූ විශ්වාසයට ඔහුට මම ස්තුතිය පුදකරනවා.

කාංචනා වඩාත් කැමැති සිනමාවටද, එහෙමත් නැතිනම් ටෙලිනාට්‍ය සඳහාද..?
එහෙම කිසිම වර්ගීකරණයක් නැහැ. හැබැයි පසුගිය කාලේ චිත්‍රපට වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට සිදුවුණා. සමහරවිට මගේ උස, පෙනුම නිසා මාව චිත්‍රපට සඳහා තෝරාගන්නවා වෙන්නත් පුළුවන්. වේදිකාවට මම ගොඩාක් කැමැතියි. ඒත් වේදිකාව වෙනුවෙන් මට ලොකු කාලයක් යොදවන්න අපහසුයි.

ඔබ රංගනයට වගේම නර්තනයටත් දක්‍ෂයි නේද..?
මම පුංචිම කාලේ ඉඳලා නර්තනය හැදෑරුවා. ඒ තුළින් වෙනම ශාරීරික අභ්‍යාසයක්ද ලැබුණා. උපුල් අරුණශාන්ත ගුරුවරයා යටතේ බැලේ පවා හැදෑරුවා.

ඔබේ සහෝදරිය ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයගෙන් ලැබෙන සහාය..?
මගේ අක්කා තමයි මනිෂා නාමල්ගම කියන්නේ. ඇය මට ගොඩාක් ආදරෙයි. මමත් ඒ වගේම තමයි. හැබැයි මම කවදාවත් මගේ අක්කා මනිෂා නාමල්ගම කියලා නම පාවිච්චි කරමින් රඟපාන්න අවස්ථාවක් ඉල්ලගෙන ගිහින් නැහැ. මගේ පාර මගේ උත්සාහයෙන්මයි හදාගත්තේ.

අක්කා – නඟාලා දෙන්නා ප්‍රේක්‍ෂකයන්ට මාරුවෙන අවස්ථාත් ඇති නේද..?
එහෙම නැහැ… මම අක්කාට වඩා ගොඩාක් වෙනස්. අපි දෙන්නාගේ කොණ්ඬේ විතරයි එකවගේ සමානකම් තියෙන්නේ. මම අක්කාට වඩා ගොඩාක් උසයි. පැහැයෙනුත් වෙනස්.

පෞද්ගලික වැඩකටයුතුත් එක්ක කොහොමද කලාකටයුතු කරගෙන යන්නේ..?
මගේ පෞද්ගලික ජීවිතය ගැන මාධ්‍යයට තවම කියලා නැහැ. ඒ වගේම මොන වැඬේ තිබුණත් මම කරන කලාකටයුතුවලදී ඒ දේවල් පටලගන්නේ නැහැ. මට පැවරෙන වැඬේ මම හරියට කරනවා. නිදහසේ, සරලව ඉන්න කෙනෙක් මම.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මෛත්‍රී ආණ්ඩු පක්ෂ රැස්වීම වර්ජනය කළාද? ඇතුළෙ හිටියත් ගිහින් නෑ!

Next Post

කොටුවෙලා නෙවෙයි! ලැබෙන්නෙම මැර චරිත!

MORE NEWS

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News
Heart

විසාකේස චන්ද්‍රසේකරම්ගේ The Son and the Lover කෘතියට Gratiaen ත්‍යාගය! Sri Lanka Latest News

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News
Heart

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News
Heart

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News
Heart

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

Load More
රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජගත් ඇප අරන් එළියට ආවා! I Sri Lanka Latest News

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා ඇප මත මුදාහැර තිබේ.Sri Lanka Latest News...

Read more
හොරා කාපු සල්ලි රටට ගේන්න කියපු මිනිස්සුන්ට වුණ දේ! හැම තැනම හමුදාව දාගෙන කරන්න හදන දේ! ගෝඨා පස්සට ගිහින් රනිල්ව ඉස්සරහට දාලා කරන්න හදන දේ! (VIDEO)

මීගමුවෙන් වැලිකඩට අරන් ගිය 21ක් බන්ධනාගාර රෝහලට යවලා! එක්කෙනෙක් මැරිලා! මොන තත්ත්වයක් යටතේ වුවත් මේ සිදුවීම් පිළිගන්න බෑ! ඔළුව උදුම්මවා ගත්ත එකත් එක්ක ආණ්ඩුවේ නොසැලකිළිමත්භාවයත් ඉදිරියට ඇවිත්! පෙරටුගාමීන්ගෙන් ආණ්ඩුවට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

සුවිශේෂී කරුණු නෑ! සුගීෂ්වරට ඇප නෑ!  I Sri Lanka Latest News

සුවිශේෂී කරුණු නෑ! සුගීෂ්වරට ඇප නෑ!  I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවෙන් විපක්ෂනායක සජිත්ට වාරණයක්! මීගමු සිද්ධිය ගැන ස්ථාවර නියෝග යටතේ තොරතුරු ඇහුවාම ඇමැතිවරයා ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරලා! I Sri Lanka Latest News

රට බංකොලොත් වුණේ… විදුලි බිල වැඩි වුණේ කොටින්ට ආයුධ දුන්න හින්දලු! මිනිස්සු දරාගන්න බැරි විදුලි බිල ගැන විපක්ෂනායක ප්‍රශ්න කරද්දී හරි අපූරු ආර්ථික විග්‍රහය කළේ ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති කෙනෙක් වුණු ජගත් පුෂ්පකුමාරයි! අහල බලන්න මේ ආර්ථික විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර වංචා දූෂණ විමර්ශනයෙන් අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.