• About us
  • Contact us
Saturday, July 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

July 4, 2026
in Heart
Reading Time: 3 mins read
A A
මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘බොඳ මීදුම්’ නවකතාවේ පිටකවරයට පෙනීහිටපු ඒ ආදරණීය රුව ඔබට තවමත් මතක ඇති. එතැනින් පටන් ගත්ත ඇගේ කලා ජීවිතය, පස්සේ කාලෙක පුංචි තිරය හැඩකරපු දක්ෂ රංගන ශිල්පිනියක් දක්වාම දුර ගියා. ඇය නමින් අංජලී ලියනගේ. කාලෙන් කාලෙට අපූරු චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු අංජලී, මේ දවස්වල නම් කැමරා ඇස්වලින් මිදිලා ටිකක් නිදහසේ ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. කලාව පැත්තකින් තියලා, මේ දවස්වල ඇය වැඩිපුරම කාලය වෙන් කරලා තියෙන්නේ පිනට දහමටලු‍. ඉතිං දැන් හිතේ සැනසීමෙන් ඉන්න අංජලී, ඇගේ අලු‍ත්ම තොරතුරු ‘හාට්’ අපිත් එක්ක බෙදාගත්තේ මෙන්න මේ විදිහටයි… Sri Lanka Latest News

මේ දිනවල අංජලී රංගනයෙන් ඈත්වෙලා පිනට දහමට මුල් තැන දීලා කියලා ආරංචියි?
මේ දිනවල මම ටික්ක විවේකීව ඉන්නවා. මම භාරගත්තු පින් කටයුතු ටිකක් තිබුණා. මේ දැනුත් මම ඒ දැහැමි කටයුතුවලට සම්බන්ධ වෙලයි ඉන්නේ. පවුලේ අය සහ මගේ හිතවතුන් කිහිප දෙනෙක් සමග එකතු වෙලා රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා පහුගිය දවස්වල. එක දිගට වැඩ කරපු නිසා මේ දවස්වල ආගමික කටයුතු වෙනුවෙන් මුල් තැන දීලා ඉන්නවා. අනෙක මේ දිනවල පොසොන් පින්කම් නිසා මම ඒ කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.
කාලෙන් කාලෙට ඔබ විවිධ චරිත හරහා අප අතරට එනවා. තොරලා බේරලාද චරිත භාරගන්නේ?
අපි යම් නිර්මාණයක එක චරිතයක් කළොත් ඒ විදියේ චරිත සඳහාම අපිව කොටු කරගන්න හදනවා. මුල් කාලයේ ඒ ගැන මම ලොකුවට හිතුවේ නැහැ. මට ලැබෙන හැම චරිතයක්ම භාරගෙන කළා. නමුත් මට කාලෙකදි දැනුණා එකම රාමුවකට කොටුවෙනවා කියලා. ඒ ගැන හිතලා අලුත් නිර්මාණයකට පිටපතක් මට ලැබෙනකොට ඒකාකාරී නොවන විදියේ චරිත තෝරාගන්න මම තීරණය කළා. මම වගේම ඕනෑම ශිල්පියෙක් ශිල්පිනියක් කැමැතියි විවිධාකාර චරිත රඟපාන්න. ඒ අනුව මට පසුගිය දවස්වල වෙනස්ම චරිත කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. උදාහරණයක් විදියට කිව්වොත් ‘මා’ ටෙලිනාට්‍යයේ ලීලාවතී කියන්නේ මට ලැබුණු එවැනි විශේෂ චරිතයක්.
ලීලාවතී පැති කිහිපයකට දිවගියා?
ඔව්. ‘මා’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කළේ ඉරේෂ් ලොකුබණ්ඩාර. මහේෂ් රත්සර මද්දුමආරච්චි තමයි එය රචනා කළේ. ගොඩක් ලස්සන පිටපතක්. ඒ වගේම මම කාලෙකින් ආශාවෙන් සම්බන්ධ වුණු චරිතයක් තමයි ලීලාවතී කියන්නේ. මොකද ඒක වෙනස්ම විදියේ මවකගේ චරිතයක්. ලීලාවතී දිරිය මවක්. ඇය තම දරුවන් වෙනුවෙන් පමණයි ජීවත් වෙන්නේ. වෙරළබඩ ප්‍රදේශයේ දුෂ්කරතා මැද ඇයගේ ජීවිතය ගලාගෙන ගිය විදියට මම ගොඩක් කැමැති වුණා. පසුකාලීනව ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයේ ප්‍රේමා චරිතයත් විශේෂයි. ප්‍රේමා වගේ එකම චරිත කරන්න මම කැමැති නැහැ.
අංජලී කැමැති ශක්තිමත් චරිතවලට?
ඇත්තටම ඔව්. මම කැමැති නැහැ චරිතවලට විහිළුවක් වෙන්න. මට අවුරුදු 20ක කෙනෙක්ගේ චරිත රඟපාන්න බැහැ. අපි දැනගන්න ඕනේ අපේ වයසත් එක්ක ප්‍රේක්ෂකයන් අපිව පිළිගන්න, ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන චරිතයක් වෙන්න. අපිට ලැබෙන චරිතය ශක්තිමත් වෙන්න ඕනේ. හොඳ දෙයක් ප්‍රේක්ෂකයන්ට දුන්නොත් ඔවුන්ට හැමදාමත් අපිව මතකයේ තියේවි. මට ලැබෙන චරිතයට පුළුවන් උපරිම සාධාරණයක් කරනවා. මම ඒ වෙනුවෙන් කැපවෙනවා.
ඒ මහන්සියට සාධාරණ ගෙවීමක් ලැබෙනවා නේද?
ඔව්. මගේ මහන්සියට මට ගෙවීමක් කරනවා. මම වැඩකරපු නිර්මාණවල හොඳ නිෂ්පාදකවරුන් හමුවුණා. මගේ උපරිම දායකත්වය දෙනවා නම් අනෙක් පැත්තෙනුත් ඒ විදියටම සාධාරණයක් වෙනවා. මොකද මම වෘත්තීය මට්ටමෙන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. එහෙම නොවෙනවා නම් මම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අනෙක් පැත්තෙන් යම් අසාධාරණයක් වුණොත් මම නිර්මාණයෙන් ඉවත්වෙලා දමලා ගහලා යන්නේ නැහැ. නිෂ්පාදනය පැත්තෙන් ප්‍රශ්න වුණත් මගේ වගකීම හරියට කරනවා. මොකද නිර්මාණයට හානියක් කරන්න බැරි නිසා. මේ වෙනකම් මම වැඩ කරපු හැම නිර්මාණයකම කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් මගේ වගකීම මම හරියට කළා.

ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙන තැන ඔබ ඔවුන්ට දක්වන ප්‍රතිචාරය කොහොමද?
මම සාමාන්‍ය ගෘහණියක්. මගේ එදිනෙදා වැඩකටයුතුවලදී ප්‍රේක්ෂකයන් හමුවෙනවා. ප්‍රේක්ෂකාගාරයක් ඉන්න නිසානේ අපි මේ වැඩ කරන්නේ. මම රඟපාන ටෙලිනාට්‍යවල චරිතවලට කැමැති ප්‍රෙක්ෂකයන් මට හමුවෙනවා. ඔවුන් මම අනුරාධපුරේ, පොළොන්නරුවේ මේ ආපු ගමනේදිත් මා සමග කතාබහ කළා. ප්‍රේක්ෂකයන් අපිට ආදරේ නිසයි අපි අදටත් මේ වෘත්තියේ සතුටින් වැඩ කරගෙන ඉන්නේ. ඔවුන්ගේ ආදරය නිසයි අපිට ජවයක් ලැබෙන්නේ.
ඔබට එක්තරා විශේෂ අවස්ථාවක් හිමිවුණු නිසයි අද මේ තරම් දුර ගමනක් යන්න වරම් ලැබුණේ?
සුජීව ප්‍රසන්න ආරච්චිගේ ‘බොඳ මීදුම්’ නවකතාවේ පිටකවරයට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම ගොඩක් වාසනාවන්තයි. මම ඒ අවස්ථාව නිරන්තරයෙන් මතක් කරනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගොවියෝ රැකගන්න සජබ පෙරට! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News
Heart

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News
Heart

සල්ලිකාර කෙල්ලො දපනේ දාන සල්ලාලයා…! එක ඩාන්ස් එකෙන් වයිරල් වුණා…! මල් වෙඩිල්ලක් වගේ එක පාරට පත්තු වුණා…! බයික්වල ගිහින් ලව් කරපු කාලයක් නම් තිබුණේ නැහැ…! ඕදාත හංසක I Sri Lanka Latest News

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News
Heart

මගේ ජීවිතය අම්මා…! ෂූටින් ගියත් හිත තියෙන්නේ අම්මා ළඟ…! හිතේ සතුට ටිකක් හරි දැනෙන්නෙ රංගනය නිසා…! හැප්පෙන්නේ ඉතින් දුවලා එක්ක තමයි…! ශිරෝමිකා ප්‍රනාන්දු I Sri Lanka Latest News

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News
Heart

ලෙන්ස් අස්සේ රජකම් කරන තරහ මරහ නැති වැඩේ මාර ආතල් කරගත් ඩිරෙක්ටර්…! මගේ හෙවණැල්ල ශිවා අයියා…! ෆැෂන්වලට මාර ආසවක් තිබ්බා…! තුසිත අනුරාධ I Sri Lanka Latest News

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News
Heart

මෙන්න ඇක්ටින් ඩාන්සින් දෙකම තියෙන ටැලන්ට් එකක්…! ලැබෙන හැම එකම කරන්නේ නැහැ..! කරන්න පුළුවන්ද කියලා බලලා තමයි ගන්නේ…! චතුනි රාජපක්ෂ I Sri Lanka Latest News

Load More
උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්න හදන ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කැඳවූ සාකච්ඡාවට විපක්ෂනායක සජිත් එක්වෙයි! මේක නීතියේ ආධිපත්‍යයට එල්ල කරන මරු පහරක්! මාලිමාව අද අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරමින් සිටිනවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රටක ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වන ප්‍රධාන කුළුණ වන ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සේම නිදහස් ස්වාධීන මාධ්‍ය සහ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හරහා ප්‍රජාතන්ත්‍රවාදය...

Read more
ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News

ඉන්දියාව – ඇමෙරිකාව – චීනය ඉද්දී කොළඹ වරායට ප්‍රංශය එන්නේ ඇයි? Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඇමැතිවරු සමච්චල් කරන ගොවියන් වෙනුවෙන් විපක්ෂනායක පෙනී සිටී! ගොවි පුතාගේ ආණ්ඩුව දැන් ගොවියන්ගේ උත්පත්තිය ගැන කියලම අපහාස කරනවා! ගොවීන්ගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරලා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවියෝ රැකගන්න සජබ පෙරට! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.