• About us
  • Contact us
Sunday, July 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

July 5, 2026
in Heart
Reading Time: 3 mins read
A A
සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘බොහිමියානුවා’ නාට්‍යයෙන් කලා ලොවට පිවිසි ඔහු, ‘කළු කුරුල්ලා’, ‘මෙඩිසිනා’, ‘වර්ණ’, ‘හාර කෝටිය’, ‘කෝටිපතියෝ’, ‘සිල්ලර සමනල්ලු’, ‘ලංසුපතිනියෝ’, ‘නීල පබළු’, ‘රොන් සොයා’ වැනි ටෙලිනාට්‍ය රැසක විවිධ චරිතයන්ට ජීවය ලබා දුන්නේය. එමෙන්ම ‘කොළඹ සන්නිය’, ‘පහ සමත්’, ‘ෂෙලීනා’ යන චිත්‍රපටවලට මෙන්ම ‘සුදු ඇඳගෙන හොරු ඇවිදින්’, ‘කක්කුට්ටා’, ‘හොරු නැතුවත් බෑ’ වැනි වේදිකා නාට්‍ය නිර්මාණ රැසකට ද සිය දායකත්වය ලබාදෙමින් ප්‍රේක්ෂක සිත් දිනාගැනීමට සමත් විය. විශේෂයෙන්ම ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ ‘කානු ගෙදර රංජි’ චරිතය හරහා පුළුල් ප්‍රේක්ෂක ආදරයක් සහ ජනප්‍රියත්වයක් දිනාගත් ඔහු, වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම සිය දක්ෂතා විදහා දැක්වූ රංගන ශිල්පියෙකි. ඔහු නමින් රොහාන් විජේතුංගයි. Sri Lanka Latest News

රොහාන්, අපි පාසල් කාලයෙන් කතාව පටන් ගමු?
මම හිග්ගස්වත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත් වුණා. මට ඒ කාලයේ ලොකු හීනයක් තිබුණා රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙන්න. ඉස්කෝලේ තිබුණු කලා දිනයක ප්‍රධාන ආරාධිතයා විදිහට ප්‍රවීණ රංගධර තුමිඳු දොඩන්තැන්න සහභාගි වෙනවා. ඒ උත්සවයේදී ඔහු කරන දේශනය නිසා ඇති වූ ලොකු ආසාව නිසා ඔහුගේ ශිෂ්‍යයකු විදිහට නාට්‍ය හා රංග කලාව හදාරන්න උසස් පෙළ සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයන අංශයට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව හදාරා උපාධිය ලබාගන්න මට හැකි වුණා.
පාසල් කාලයේ පටන් ඔබ කලාවට ළැදීයි නේද?
පාසල් කාලයේදී නිවේදකයකු, කථිකයකු විදිහට තමයි මාව හඳුනාගත්තේ. පාසලේ සාමාන්‍ය පෙළ හදාරන කාලයේ මම නර්තනය හදාරලා තියෙනවා. වෙස් නර්තන ශිල්පියෙක් විදිහට කලඑළි බසින්නත් හැකි වුණා.
ඔබ ගුරුවරයෙක්. ගුරු වෘත්තිය එක්ක ඔබ කලා කටයුතුවලට ඉඩකඩ වෙන් කරගන්නේ කොහොමද?
ප්‍රමුඛතාව ඉස්කෝලෙට සහ දරුවන්ට තමයි ලබා දෙන්නේ. කොච්චර කාර්යබහුල වුණත් කලා කටයුතු සඳහා මම කාලය වෙන්කර ගන්නවා. ඒ කටයුතු වෙනුවෙන් මගෙ පාසලේ හැමෝම මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. ඒ නිසා ගැටලුවක් නැතුව ඉස්කෝලෙ වැඩයි කලා කටයුතුයි දෙකම කරගෙන යනවා.
මේ තරම් දුරක් එද්දී බාධක කම්කටොලුවලට මුහුණ දෙන්න ඇති?
බාධක නම් ඕනෙ තරම් සිදුවෙලා ඇති. ඒත් ඒ හැම වෙලාවකම මාව රැකගෙන ඉස්සරහට ගෙනියන්න කවුරු හරි මට උදව් කරලා තියෙනවා. විශේෂයෙන් පාසල් කාලෙදි රමණි වන්නකු, රංජිත් ප්‍රේමතිලක, නන්දසෝම මුතුගල, පූර්ණා මංගෙදර, කුමාර අබේවික්‍රම, ධම්මී තොරණගොඩ වගේ ගුරුවරු එහෙම හයියටම ළඟ හිටපු අය. විශ්වවිද්‍යාල කාලෙදි කන්න, බොන්න අඳින්න ඉන්න මේ හැමදේම දුන්න හොරණ ජයවර්ධන පවුලේ හැමෝමත් එහෙම ළඟම ඉඳන් හයියක් වුණු අය. වටේ ඉන්න පිරිස් නිසාවෙන් ජීවිතේ කඩාවැටුණු අවස්ථාවන් ඇති වුණේ නෑ.

සම්මාන ගැන බලාපොරොත්තුවක් නැද්ද?
ඇයි නැත්තෙ? මම වේදිකාවේදී බොහෝ අවස්ථාවල සම්මානයට සහ ඇගයීමට ලක්වෙලා තියෙනවා. නමුත් ටෙලිනාට්‍ය රංගනයේදී නම් සම්මානයට ලක්වෙලා නෑ. මම ජනප්‍රිය නළුවාට සහ නැගී එන නළුවාට නිර්දේශ වෙලා තියෙනවා. ඒ හැර ටෙලි සම්මානයක උස, බර, හැඩයවත් මම දන්නෙ නැහැ. ලැබෙනවා නම් ලැබේවි. නමුත් මට රසිකයන්ගේ ආදරය කියන සම්මානය ලැබිලා තියෙනවා. ඒක හැමදාටම තියේවි. අමාරුම සම්මානය ඒකනෙ. ඒක ලැබිලා තියෙනවා ඉතින්. ඒ ඇති.
ආදරණීය බිරිඳ සහ පුංචි දෝණි සමග ගතකරන ජීවිතේ කොහොමද?
අපි තුන්දෙනා හැම වෙලාවකම වගේ එකට ඉන්නේ. දුව තාම පොඩියි. ඉතින් එයාගේ හුරතල් වැඩ බල බලා තුන්දෙනත් එක්ක ගොඩක් සතුටින් ඉන්නවා.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?
ජීවා සහ මේඝ වර්ෂා කියන චිත්‍රපට දෙක ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. ඊට අමතරව කක්කුට්ටා සහ හොරු නැතුවත් බෑ කියන වේදිකා නාට්‍ය දෙකේ වැඩකටයුතු කරනවා. රූගත කරපු ටෙලිනාට්‍ය කිහිපයක් ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා.

SendShareShare
Previous Post

වීරවංශත් ඇතුළට යන්න ඉන්නේ..! උසාවියට කලින් ඇමැති සරත් තීන්දුව දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News
Heart

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News
Heart

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News
Heart

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

Load More
වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

‘කාපු කට්ට’ මෙවර විශේෂාංගය සඳහා අප සමග එකතු වෙන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන් චාමර...

Read more
නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙදී හෙට උදේ 9ට විපක්ෂනායක සජිත් අලුත් ගමනක් ආරම්භ කරනවා! ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාටම ආරාධනා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත්ගෙන් අනුරට කෝල් එකක්! අනුර කිසිම ජනාධිපති කෙනෙක් නොකළ දෙයක් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.