• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොටුවෙලා නෙවෙයි! ලැබෙන්නෙම මැර චරිත!

January 19, 2022
in Heart
Reading Time: 3 mins read
A A
කොටුවෙලා නෙවෙයි! ලැබෙන්නෙම මැර චරිත!
Share on WhatsAppShare on Facebook

සමහර විට ඒ පෙනුම හින්දා වෙන්න ඇති…
අත පය කඩගත්ත වෙලාවලුත් තියෙනවා…

මහාපොළොව සමග පොරබදිමින් ජීවිතය ගොඩයන්න සිහින දකින ඔහු රංගන ශිල්පියෙක්, හඬකැවීම් ශිල්පියෙක්, ඒ වගේම නිවේදකයකු ලෙසට කටයුතු කරන පසිඳු සිංහාරගේ. මේ වන විට ටෙලිනාට්‍ය රැසක චරිත නිරූපණය කර ඇති පසිඳු, මේ දිනවල විකාශය වන රේස්, ගුග්ලි ටෙලිනාට්‍ය හරහාද ඔහුගේ දක්‍ෂතාවයන් අපිට දැකගන්නට පුළුවන්. ඉතින් මහපොළොවටත්, කලාවටත්, හදවතින් ආදරය කරන මේ සොඳුරු මිනිසා ප්‍රථම වතාවට මාධ්‍ය කතාබහකට ‘මව්රට’ අපි සමග හඬ අවදි කළා.

පසිඳු ඔබ ගැන දැනගන්න ගොඩදෙනෙක් කැමැත්තෙන් ඇති. කියමුකො ඔබ ගැන මුලින්ම විස්තර ටිකක්..?
මම පසිඳු සිංහාරගේ. මගේ ගම්පළාත් ආටිගල, හංවැල්ල. පාසල ගියේ ආටිගල කනිෂ්ඨ විiාලයට. උසස් අධ්‍යාපනය සඳහා හංවැල්ල මායාදුන්න විiාලයට ගියා. මම විවාහකයි. දැනට ගල්ගමුව ප්‍රදේශයේ තමයි පදිංචිය.

පසිඳුගේ මේ දවස්වල කලාකටයුතු කොහොමද..?
මේ දවස්වල ටෙලිනාට්‍ය දෙකක වැඩ කරගෙන යනවා. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශවන ‘ගුග්ලි’ ටෙලිනාට්‍යයේ ‘චූටියා’ ලෙසට රඟපානවා. ඒ වගේම ජයසේන අපොන්සු අධ්‍යක්‍ෂණය කරන ‘සන්තෑසියේ ලන්තෑරුම’ ටෙලිනාට්‍යයේ ‘උංගා’ ලෙසට රඟපානවා. ඒ වගේම ‘රේස්’ ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා.

‘චූටියා’ මොන විදියටද ‘ගුග්ලි’ තුළ ගලාගෙන යන්නේ..?
‘ගුග්ලි’ ටෙලිනාට්‍ය දරුවෙක් වටා ගෙතුණු කතාවක්. මම මෙතෙක් රඟපාපු නිර්මාණ අතර සුවිශේෂී චරිතයක් තමයි ‘චූටියා’ චරිතය. මට ඒ දරුවාගේ ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය කරන්න කියලා දරුවාගේ මාමා වගකීමක් දෙනවා. මුළු නාට්‍ය පුරාම ඒ දරුවා පසුපස යනවා. මමයි, මගේ මිතුරයි යනවා දරුවා හොයාගෙන කොළඹ ඉඳලා උඩවලවට. ඔය විදියට තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ.

අපි දකින විදියට පසිඳුගේ රංගනයන් වැඩිහරියක්ම මැර චරිත..?
ඒ දේ මමත් පිළිගන්නවා. මම මේ වන විට ටෙලිනාට්‍ය තිහක විතර රඟපාලා තියෙනවා. ඒ අතරින් ටෙලිනාට්‍ය විසිදෙකක විතර මම දුෂ්ට චරිත නිරූපණය කරලා තියෙනවා. ඇත්තටම මටත් එය ප්‍රශ්නයක්. ගොඩාක් නිර්මාණවලින් මට කතා කරන්නේ දුෂ්ට චරිත සඳහා තමයි. සමහරු හිතයි මම කොටුවෙලා කියලා. ඒත් මට එවැනි චරිතම ලැබෙන්නේ මම දුෂ්ට චරිතවලට සාධාරණයක් කරන නිසා කියලයි හිතෙන්නේ. මගේ බාහිර පෙනුම, මගේ පෞරුෂත්වය, හඬ මේ හැමදෙයක්ම එයට ගැළපෙනවා ඇති. මමත් කැමැතියි විවිධ චරිත රඟපාන්න.

සාමාන්‍ය ජීවිතයේදී ඔබ කොයි වගේද..?
ඇත්තටම හාත්පසින්ම වෙනස්. මම කොණ්ඩ, රැවුල් වවලා ඉන්න කොට දුෂ්ටයෙක් කියලා නිර්මාණවල දකින චරිතවලට වඩා හාත්පසම වෙනස්, සරල කෙනෙක්. මම කොයි වෙලෙත් විනෝදයෙන් තමයි ඉන්නේ.

චරිත නිරූපණය කරනකොට සිදුවුණු අනතුරුත් ඇති නේද?
මම දුෂ්ට චරිත කරන අවස්ථාවල සටන් කරන්න සිදුවුණු අවස්ථා තියෙනවා. මම ශ්‍රී ලංකා යුද හමුදාවේ මල්ලවපොර කරපු ක්‍රීඩකයෙක්. 2018 මල්ලවපොර තරගයේ මම සම්මාන ගත්තා. මම සමග සටන් කරන හිරෝට කියන්නේ මට ඇත්තටම ගහන්න කියලයි. ඔය අතර ඉතින් කැඩුම් බිඳුම් වුණු අවස්ථා තියෙනවා. මම ඒ දේවල් වේදනාවක් විදියට හිතන්නේ නැහැ.

නවක රංගන ශිල්පියෙක් ලෙසට ඔබ මේ ක්‍ෂේත්‍රයේ නිර්මාණකරණය ගැන පැහැදීමකින්ද ඉන්නේ..?
මම වසර දෙකක් විතර වෙනවා මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා. හොඳ නිර්මාණ බිහිවෙනවා. දක්‍ෂ අධ්‍යක්‍ෂවරු බිහිවෙලා ඉන්නවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ එකම විදියට තමයි නිර්මාණ බිහිවෙන්නේ. නව විදියට, අලුත් විදියට නිර්මාණය වෙනවා නම් වටිනවා. මම කියන්නේ නැහැ දැන් නිර්මාණ හොඳ නැහැ කියලා. නමුත් ප්‍රේක්‍ෂකයා රූපවාහිනියේ රඳවාගන්න නම් අපේ ගැමිකමත් එක්ක සුන්දරත්වය ගැන වටිනාකමක් දෙන්න පුළුවන්නම් තවත් වටිනවා.

ෂූටින් බලන්න ගිහින් ආපු මේ ගමන ගැන මොකද හිතෙන්නේ..?
මට තවමත් හීනයක් වගේ. යුද හමුදා සොල්දාදුවෙක් ලෙසට කටයුතු කරපු මම දැන් ඉතාමත් කෙටි කාලයක් තුළ නළුවෙක් වෙලා. ආපස්සට හැරිලා බලන කොට සතුටක් තමයි තියෙන්නේ. අහම්බෙන් තමයි මම මේ ගමන ආවේ. මගේ මවුපියන් අද ලබන සතුට මට වචන නැහැ කියන්න.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මට හැදුණු කාතාවක් නෑ! මේක මාර වැඩක්නේ!

Next Post

මන්ත්‍රීවරු 225 දෙනාගේ කියවීමේ තරම එළියට එයි! ගත්තු පොත් 300න් 122ක්ම ප්‍රබන්ධ!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.