• About us
  • Contact us
Sunday, July 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

July 5, 2026
in Heart
Reading Time: 3 mins read
A A
වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘කාපු කට්ට’ මෙවර විශේෂාංගය සඳහා අප සමග එකතු වෙන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන් චාමර ගමාරච්චිගේ. කලා ලොවට පිවිසීමට ‘කාපු කට්ට’ ගැන චාමර මතකය අවදි කළේ මේ විදියට .Sri Lanka Latest News

ඉතින් කොහොමද චාමර?
හොඳින් ඉන්නවා. මේ දවස්වල ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ කලා අධ්‍යක්ෂවරයකු ලෙස වැඩකරගෙන යනවා.
ඔබ ගැන මුලින්ම සඳහන් කළොත්?
මගේ ගම් පළාත මාතර මොරවක. මම පාසල් ගියේ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලට. මම දැන් විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ඒ කාලේ කාපු කට්ට කොහොමද?
මම ඒ කාලේ කොළඹට එන්නේ නළු නිළි වරම් තිර පරීක්ෂණයක් සඳහා. සුදර්ශියට ඇවිල්ලා ඒ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වෙලා කොළඹ කොහේ හරි ෂූටින් එකක් තියෙනවා කියලා දැනගත්තොත් මම යනවා ඒක බලන්න. ඒ කාලේ මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්. මම කල්පනා කළා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ ජොබ් එකක් හොයාගත්තොත් මගේ හීනයට යන්න පුළුවන් වෙයි කියලා. මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණු මුල් කාලේ නේරංජනා, මහරජ ගැමුණු, මායා රාජිනී ටෙලිනාට්‍යවල සුළු චරිත රඟපෑවා.
එතකොට කලා අධ්‍යක්ෂණයට පිවිසුණේ?
මම ඒ කාලේ දැන හඳුනාගත්ත කිහිප දෙනකු හරහා වෘත්තීය මට්ටමෙන් සහාය කලා අධ්‍යක්ෂවරයකු ලෙස වැඩ කරන්න අවස්ථාව සලසා ගත්තා. ක්‍රිෂාන්ත රත්නසිරි මගේ ගුරුවරයෙක් හා සමානයි. ඔහු මට ගොඩක් දේවල් කියලා දුන්නා. මම අරුණ ජයවර්ධනගේ සක්කාරං, නේත්‍රා, නේරංජනා ටෙලිනාට්‍යවල සහාය කලා අධ්‍යක්ෂණය කළා. සරත් ධර්මසිරි, සමන් කුමාර ලියනගේ කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගෙන් මගේ මේ වෘත්තිය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. පසුකාලීනව මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා සම්පත් වන්නිනායක සමග. ඔහු යටතේ සහාය කලා අධ්‍යක්ෂණ කටයුතු කළා. පසුව මේ වැඩකටයුතුවල තියෙන කාර්යබහුලත්වය වගේම වගකීම් වැඩි නිසා රංගන කටයුතු මගහැරුණා.
ඔබේ ගමනට ලොකු කාලයක් ගියත් වැඩ කරපු නිර්මාණ ප්‍රමාණය අඩුයි නේද?
එයට හේතුව මම වැඩකට සම්බන්ධ වුණොත් ඒ නිර්මාණයේ වැඩ අවසන් වෙනකම් එක දිගටම වැඩ කරනවා. එක නිර්මාණයක ටික කාලයක් වැඩ කරලා තව නිර්මාණයකට ගිහින් වැඩ කරන්න යන්නේ නැහැ. විශාල නිර්මාණ ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව නොලැබුණේ ඒ නිසයි.

තිරයෙන් පිටුපස ලොකුම කට්ට කන්නේ කලා අධ්‍යක්ෂවරුන්?
අපේ වෘත්තිය වගේම අනෙකුත් ශිල්පීන් ගොඩ දෙනෙක් මහන්සි වෙනවා. හැඩට වැඩට ඇඳලා වැඩ කරන්න අමාරුයි මේ වෘත්තිය ඇතුළේ. ඒ වගේම දහඩිය මහන්සිය නොබලා වැඩ කරන්න වෙනවා නිරවුල් මනසකින්. රූගත කිරීම පටන් ගන්න කලින් ලෝකේෂන් එකට ඉස්සෙල්ලාම යන්නෙත් අපි. අවසානෙට යන්නෙත් අපි. මුළු දවසම ඇවිදලා දුවලා පැනලා සමහර වෙලාවට හිටගෙන ඉන්නවත් බැරි විදියට කකුල් කැක්කුමයි. සමහර දවස්වලට පාන්දර ෂූටින් ඉවර වෙලා ගිහින් වොෂ් එකක් දාගෙන පසු දින රූගත කිරීම් සඳහා යන්න වුණු අවස්ථා තිබුණා. හරි නින්දක් පවා නැති වෘත්තියක් තමයි මේක. කාපු කටු එමටයි. මේක ලේසි පහසු රැකියාවක් නම් නෙවෙයි.
කාපු කට්ටේ අමතක නොවන සුන්දර මතකත් ඇති?
ෂූටින් ඉවර වෙලා ගෙදර යනකොට කොළඹ කොටුවේ අනන්තවත් නිදාගෙන ඉඳලා තියෙනවා. මට එතකොට වයස අවුරුදු 20ක් විතර ඇති. මම මාතරින් මොරවකට යන්න ඕනේ නිසා ගමට යන බස් එක අල්ලගන්න පාන්දරින් තමයි කොටුවට යන්නේ. ඒ ගෙවපු කාලය අමතක කරන්න බැරි තරම්. ඒ කාලේ මම දන්න කියන කවුරුවත් හිටියේ නැහැ කොළඹ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙදී හෙට උදේ 9ට විපක්ෂනායක සජිත් අලුත් ගමනක් ආරම්භ කරනවා! ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාටම ආරාධනා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News
Heart

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News
Heart

මඩ නාගෙන අමුඩ ගහලා කඩවත හන්දිය හොල්ලපු ජොසියා…! ජීවිතේ ලොකුම ටර්නින් පොයින්ට් එක ලෝචි අක්කා…! ජොබත් අතහැරියේ ආසාව පස්සේ යන්න…! කවිඳු යසස් I Sri Lanka Latest News

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News
Heart

මම කැමැති නැහැ විහිළුවක් වෙන්න…! රුවන්වැලි සෑයේ ලොකු පින්කමක් කළා…! හොඳ දෙයක් දුන්නොත් හැමදාම මතක තියෙවි…! බොඳ මීදුමෙන් මතුවුණු ටෙලි සිත්තම් හැඩ කළ අංජලී…! අංජලී ලියනගේ I Sri Lanka Latest News

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News
Heart

නිරුවත වුණත් පෙන්වන ආට් එකක් තියෙනවා…! මම ඒ සීමාවන් දන්නවා…‍! ආදරෙන් විඳවන්න බයයි…! දෙන්න පුළුවන් උපරිමය දෙනවා…! ඒ මගේ හැටි…! කිසි දේකට මම සැලෙන්නේ නැහැ…! ලක්ෂිකා ජයවර්ධන I Sri Lanka Latest News

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News
Heart

තද වැඩි තරමට ප්‍රතිචාර වැඩියි…! මට ලිමිට් තියෙනවා…! ස්පා එකක කෙල්ලෙක් මං…! බෝල්ට් ඇණේකට හිරවුණා…! පියුමි ශ්‍රීනායක I Sri Lanka Latest News

Load More
වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News
Heart

වැඩකට බැස්සොත් ඉවර වෙනකම් කරනවා…! එහාට මෙහාට පැනිලි නැහැ…! මට තිබුණේ නළුවෙක් වෙන හීනයක්…! කොටුවේ කාපු කට්ට…! චාමර ගමාරච්චිගේ I Sri Lanka Latest News

‘කාපු කට්ට’ මෙවර විශේෂාංගය සඳහා අප සමග එකතු වෙන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ පසුතල නිර්මාණ ශිල්පියකු ලෙස නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන් චාමර...

Read more
නිදහස් සමරු වේදිකාවේ සිටි විපක්ෂනායක සජිත්ට ජනාධිපති අනුරගෙන් විශේෂ ආරාධනාවක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙදී හෙට උදේ 9ට විපක්ෂනායක සජිත් අලුත් ගමනක් ආරම්භ කරනවා! ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාටම ආරාධනා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත්ගෙන් අනුරට කෝල් එකක්! අනුර කිසිම ජනාධිපති කෙනෙක් නොකළ දෙයක් කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

පාදුක්කේදී තරුණයකුට පොලිසියෙන් අමානුෂික පහර දීමක්! ගොඩගම පොලිසියට පැමිණිල්ලක්! තරුණයා ඉස්පිරිතාලේ! ASP කතා කොට සාධාරණයක් කරන බව කියලා! VIDEO I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

සම්මානවල හැඩයවත් මම දන්නේ නැහැ…! රසිකයන්ගේ ආදරය තරම් වෙන මොන සම්මානද? අලුත් වැඩකට අතගහන්න ඉන්නේ…! කොච්චර බාධක ආවත් මාව රැකගන්න කවුරු හරි හිටියා…! රොහාන් විජේතුංග I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.