• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හාට් මල්සරා සොයා යයි

August 31, 2019
in Heart
Reading Time: 2 mins read
A A
හාට් මල්සරා සොයා යයි
Share on WhatsAppShare on Facebook

ඔහු ලේඛකයෙක්. සිනමා රංගන ශිල්පියෙක්. ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක්. වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙක්. මේ සියලු ඉසව් අතර සිය දක්‍ෂතාව පෙන්වමින් මේ වන විට දිගු ගමනක් පැමිණ සිටින ඔහු නමින් උඩත්තව රවින්ද්‍ර ප්‍රදීප්. ඉතින් මෑතකදී මේ අපූරු රංගන ශිල්පියාගේ සුවිශේෂී රංගනයක් වේදිකාවට එකතු වුණු බව අපටත් ආරංචි වුණා. ඒ ගැන දැන ගන්නත් එක්ක අපි ඔහුට කතා කළා.

දැන් මල්සරා වෙලා කියලා ආරංචියක් ආවා. මොකද්ද ඒ කතාව?
ඔව්. අරුණ අබේරත්නගේ “මල් සරාට වරෙන්තුවක්” නාට්‍යයෙ මල්සරා මම.
කොහොමද එයට සම්බන්ධ වෙන්නෙ?
මේ නාට්‍යයෙ පිටපත මගේ මිත්‍රයෙක් වුණු ගැමුණු වික්‍රමසූරිය අතින් තමයි ලියැවෙන්නෙ. මේක කියවද්දි හරි අපූරු පණිවුඩයක් මේකෙ තිබුණා. ඉතින් දවසක් අරුණ අබේරත්න එක්ක කතා කරමින් ඉද්දි වේදිකා නාට්‍යයක් කරමුද කියන අදහසක් එනවා… ඒ වෙලාවෙ මට ගැමුණුගෙ පිටපත ගැන කිව්වා. ඊට පස්සෙ තමයි අරුණ පිටපත කියවල බලල මේ නාට්‍ය කරන්න පටන් ගත්තෙ.
මුලින්ම ආවේ වේදිකාවටද? සිනමාවටද?
සිනමාවට. ඊට පස්සෙ ටෙලිනාට්‍ය. ඊටත් පස්සෙ තමයි වේදිකාවට ගොඩවෙන්න ලැබෙන්නෙ. හැබැයි රඟපානවා කියලා හීනයක්වත් නොතිබුණු කාලෙ ඉඳන් මම වේදිකාවට ආසයි. නාට්‍ය පිස්සුවත් තිබුණා මට.
ආපු ගමන්මඟ ගැන මතක් කළොත්?
රංගන ශිල්පියෙක් වෙන්න බලාපොරොත්තුවක් නොතිබ්බ මාව මේ ක්‍ෂේත්‍රයට අරන් ආවෙ “සංජය නිර්මාල්” කියන අධ්‍යක්‍ෂවරයා. අහම්බෙන් දවසක් පාරෙදි දැකල තමයි එයාගෙ “රෝස කැලේ” චිත්‍රපටයට මාව ගත්තෙ. ඊට පස්සෙ ඉතින් මට දිගටම රංගනයට ආරාධනා ලැබුණා. මේ වෙද්දි චිත්‍රපට 11කට විතර, ටෙලිනාට්‍ය 25කට විතර දායක වුණා. වේදිකා නාට්‍ය 5කටත් සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනව. ඒ අතරෙ පොත් 20ක් විතරත් මගෙ අතින් ලියැවිලා තියෙනවා.
උදව් කරපු පිරිසකුත් ඇති?
උදව් කරපු අය ගැන කියන්න ගියොත් කියල කෙළවරක් කරන්න අමාරුයි. අනෙක එක නමක් හරි මිස් වුණොත් ඒකත් හොඳ නැහැ. ඒක හින්දා සංජය නිර්මාල් අයිය මාව මේ ෆීල්ඞ් එකට ගෙනාවයින් පස්සෙ මේ ආපු ගමන් මඟ පුරාම අධ්‍යක්‍ෂවරු, සහාය අධ්‍යක්‍ෂ, කැමරා අධ්‍යක්‍ෂවරු, අංග රචනා ශිල්පීන්, කලා අධ්‍යක්‍ෂවරු, උපස්ථායකවරු, අපේ තාක්‍ෂණික ශිල්පීන් ඇතුළු සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් මට ලොකු ශක්තියක් ලැබෙනවා.
කෙටියෙන් කිව්වොත් ඉපදිලා අද මේ ගෙවන දවස වෙනකම් මගෙ වටේ හිටිය හැමෝගෙම උදව් නිසා තමයි අද මම කියලා කෙනෙක් මෙතැන ඉන්නෙ. මේ ලෝකෙ කාටවත් තනියම පවතින්න බැහැ.
ඔබ ලේඛකයෙක්. ඉතින් ඔබ වැඩිපුරම කැමැති රංගනයද? ලේඛන කලාවද?
මගෙ ගමන මං මුලින්ම පටන් ගත්තෙ ලියන්නෙක් විදියට තමයි. අහම්බෙන් රංගනයට ආවත් මගෙ ආත්මය එහෙම නැත්තම් මගේ ප්‍රකාශන මාධ්‍ය තමයි ලිවීම. මොකද රංගනයේදී මට කරන්න තියෙන්නෙ කාගෙ හරි පිටපතක තියෙන දේ අධ්‍යක්‍ෂවරයා කියන විදියට කරන එකනෙ. හැබැයි ලියන්නෙක් විදියට මට මගේ දැක්ම එළියට දාන ප්‍රකාශන මාධ්‍ය තමයි ලිවීම. ඉතින් ඒක හින්ද මං පටන් ගත්තු තැන ඉන්නෙ. ලියන්න වැඩියෙන් කැමැතියි රංගන ශිල්පයට වැඩියෙන්.
පොඩි කාලේ ඉඳලම රංගනයට කැමැත්තක් තිබුණද?
අපොයි නැහැ. ඉස්කෝලෙ යද්දි ඒ දවස්වල අපිට තිබ්බා උදේ රැස්වීමේදි කතාවක් කරන්න. මගෙ වාරෙ එන දවසට මං අසනීප වෙනවා. හැබැයි ඒ කාලෙදිත් මගෙ ඇතුළෙ හිටිය ලියන්නා වැඩ. ගොඩක් යාළුවන්ගෙ ලව් ලෙටර් ලියන්නෙ මම. හැබැයි ඉතින් කවදාවත් මම සභාවක් ඉස්සරහදි යමක් කරන්න ඒ කාලෙ හරි කුලෑටියි. ඒත් ඉතින් කොහොම හරි අහම්බෙන් මට මේ ගමන මෙච්චර දුරක් එන්න ලැබුණා.
අද ඔබ ජනප්‍රිය පුද්ගලයෙක්. මොකද හිතෙන්නෙ?
සතුටක් තියෙනව. මිනිසුන්ගෙ ආදරය, ප්‍රශංසා මේ හැමදේම එක්ක පුංචි නිහතමානී සතුටක් එක්ක මට මා ගැන පොඩි ආඩම්බරයක් නැතුව නෙවෙයි. ඒත් මේ රංග කලාව කරන එක ගැන නම් කිසිම විදියකින් සෑහීමකට පත්වෙන්න බැහැ.
ඉදිරියේදී ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?
චතුර පෙරේරාගේ “හතර වරං,” අරුණ අබේරත්නගේ “අංගාරා” කියන චිත්‍රපටවලත්, මීදුම් කළුවර, ක්ලික්, පාට පාට චරිත ගොඩක්, සූරිය කැකුළු, සඳරෝස, වීදිය බණ්ඩාර ටෙලිනාට්‍ය හා මල්සරාට වරෙන්තුවක්, බෝඩිම මාරයි සියල්ල හමාරයි, බොරැල්ලේ ගෙදර, හීන් සැරය කියන වේදිකා නාට්‍යවල ඉදිරියට මාව දකින්න පුළුවන් වෙයි. ඒ වගේම මගෙ අලුත්ම නවකතා පොත දැන් වෙළෙඳපොළට නිකුත් වෙලා තියෙනවා “මල් තුහින හැන්දෑව” නමින්. සැප්තැම්බර් 20 – 29 බී.එම්.අයි.සී.එච්. එකේ තියෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදීත් මිලදී ගන්න පුළුවන් තාරා ප්‍රකාශන කුටියේදී, ඒව තමයි ඉතින් දැනට තියෙන අලුත්ම විස්තර.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

මතකද මේ ශිරාණි

Next Post

වවුනියාවේ සැඟවුණු හාස්කම් පිරි පුදබිම

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.