• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකාව සමග සටන් කොට මම සාමකාමීව මරණය වැළඳගමි… පණ පිටින් ඉද්දී පූනම් පාණ්ඩේ මැරුණා කිව්වේ ඇයි? I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive, Heart, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මරණය කියන්නේ බොහෝ දෙනකු අහන්න අකැමැති වචනයක්. ජීවිතය අනියතයි – මරණය නියතයි කියලා මොන තරම් බණ දෙසුවත් සමස්තයක් විදියට ගත්තම මරණයට අපි කොයි කවුරුත් බයයි. පාරේ ඉන්න හිඟන මනුස්සයට පිච්චියක් අතේ නැති අතු පැලේ දුප්පතාට වාගෙම ලෝකෙ ඉන්න ලොකුම කෙරුම්කාරයටත් ඒක එහෙමමයි. නමුත් ඔය කියන වැඩි පිරිස අතර මරණයට බය නැති කට්ටියකුත් ඉන්නවා. පරණ තාලෙට ලියුමක් ලියා තියලා අද ෆැෂන් එකට ට්විටර් හෝ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් තියලා සුයිසයිඩ් කරගන්නේ ඒ ජාතියේ අය තමයි.(Sri Lanka Latest News)

මරණය විහිළුවක් හෝ උපහාසයක් කරගත්ත අයත් ඒ අතර ඉන්නවා.

පූනම් පාන්ඩේ කියන්නේ අන්න එහෙම කෙනෙක්.

පූනම් පාන්ඩේ කියන්නේ බොලිවුඩ්වල ඉන්න සුපිරි පන්තියේ නිරූපිකාවක්. චිත්‍රපට නිළියක්. ඒ වගේම ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෑම් බොම්බෙගේ හිටපු බිරිය. තවත් විදියකට පූනම් ගැන කියනවා නම් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය ආරම්භ වීමට පළමුව ‘ඉන්දියාව ජයග්‍රහණය කළොත් මම නිරුවතින් ප්‍රසිද්ධියේ පෙනීසිටිනවා’ කියන ව්‍යාජ පොරොන්දුවද ප්‍රසිද්ධ මාධ්‍ය හරහා පතුරුවා හරියේද මේ පූනම් තමයි. පූනම් තරුණයි. තවම ඇයට වයස අවුරුදු 32යි. ඇසට ප්‍රිය දුඹුරු පාට පෙනුමකින් යුතු ඇගේ සිහින් අඟපසඟ හරිම හැඩකාරයි. ඈ ගැන කියන්න දුක හිතෙන කතාවකුත් තියෙනවා. ඒ තමයි ඇය ගැබ්ගෙල පිළිකා රෝගයට ගොදුරුව සිටින කටුක සිදුවීමය.

එතකොට පූනම් පාන්ඩේ මරණය විහිළුවක් කරගත්තේ මේ රෝගී තත්ත්වය නිසාද?

ඒ සංකීර්ණ සිදුවීම සටහන් වුණේ මෙහෙමයි. පසුගිය පෙබරවාරි 02 වැනි සිකුරාදාවේ පූනම් පාන්ඩේගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිනුමෙහි, ‘පිළිකාව සමග නිර්භයව සටන් කොට උපේක්ෂාසහගතව මම සාමකාමීව මරණය වැලඳ ගනිමි’ යනුවෙන් සටහන්ව තිබුණේය. මෑත කාලයකදී ස්වභාවිකව මියගිය පොප් රැජින ටීනා ටර්නර්ගේ මරණය ගැනද ඇගේ ඉන්ස්ටර්ග්‍රෑමයේ තිබුණේ මෙයට සමාන සටහනකි. පූනම්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන් සේම මිතුරු මිතුරියන්ද රාජකාරි මට්ටමෙන් ඇයව ඇසුරු කරන්නන් සේම මෙකී නොකී හැම දෙනකුම එම පුවතින් තිගැස්සී ගියහ.

කලබලයටත් ශෝකයටත් කම්පනයටත් පත්වූවන් අතර පූනම්ගේ හිටපු සැමියා වූ සෑම් බොම්බේද විය. ශෝක පණිවුඩ නිකුත් කරන්නට ඒ කවුරු කවුරුත් හනි හනිකට අනෙකාට වඩා ඉක්මන් විය. සෝෂල් මීඩියා හරහා ජනප්‍රියම චරිතයක් වූ නිසාම විද්‍යුත් මාධ්‍ය ඔස්සේද ආරංචිය ඉතා දුක්මුසු ආකාරයට ලැව් ගින්නක්ව පැතිර ගියේය. මුද්‍රණය වෙන මට්ටමේ තිබූ මුද්‍රිත මාධ්‍යවලද පූණම්ගේ දිවි නසාගැනීම වෙනුවෙන් සටහන් ලියැවෙමින් තිබිණි.

‘අනේ පූනම්, මේක හීනයක්ද…?’

‘තවම ඔබ කොයි තරම් තරුණයිද? පිළිකා මාරයාට ශාප වේවා…’

‘හිතට දැනෙන කම්පනය කොහොම විස්තර කරන්නද?’

‘මරණය මේ තරම් මූසලයි කියා හිතුවේ නැහැ පූනම්…’

‘මරණයට මේ හැටි ඉක්මන් වුණේ ඇයි පූනම්…?’

දහස් ගණන් වූ පූනම්ගේ අනුගාමිකයෝ ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා දුක්මුසු සටහන් තැබූහ. ඒ අතර ඈ සමග දුක සැප බෙදාගත් පිළිකා රෝගීහුද සිටියහ. ඔවුන්ගේ දුක්බර සටහන්වල වූයේ මරණයේ තැතිගැන්ම ඒ අයටද කවදාකවත් නොදැනුණු ආකාරයට දැනෙමින් තිබෙන බවය. එලෙසම ඇය පිළිබඳව මේ දුක්මුසු පුවත මාධ්‍ය ආයතන ඔස්සේ අංගසම්පූර්ණ ගෞරවයකින් යුතුව ප්‍රාකශ කර තිබිණි.

පූනම්ගේ අකල් මරණයේ පුවතින් මාධ්‍ය කම්පිතව ගිනිගෙන ගෙවීයන පැය 24ක අවසානයේ ඇය සජීවීව කතා කරන වීඩියෝවක් සෝෂල් මීඩියාවල වයිරල් වන්නට ගත්තේය.

පූනම් මියගියා යැයි ශෝකයෙන් කම්පිතව හිටපු ඇගේ සමීපතමයනට මොනවා හිතෙන්නට ඇතිද?

‘මගේ මරණය ගැන සටහන මා විසින්ම තබන ලද මුසාවක්. ගැබ්ගෙල පිළිකාව ගැන මට හිතැති මගේ අනුගාමිකයන් දැනුවත් කරලීම සඳහා සිදුකරන ලද සමාජ මෙහෙවරක මා සතු දායකත්වය සාර්ථකව තිළිණ කර දීම වෙනුවෙන් මේ සංකීර්ණ සංසිද්ධියට මැදිවූයෙමි…’

මියගියා යැයි පැවැසූ සටහන ඉන්ස්ටර්ග්‍රෑමයෙහි තබා දවසක් ගෙවීගිය පසුව පූනම් තම හඬින්ම සජීවීව එළිදැක්වූ වීඩියෝවේ වූයේ එම වචන පෙළය. මිලියන 1.3ක් වූ ඇගේ අනුගාමිකයන් මේ සිදුවීමෙන් මොන තරම් නොසන්සුන් වන්නට ඇතිද?

ඒ අල්ල පනල්ලේ පූනම් පාන්ඩේගේ හිටපු සැමියා වූ සෑම් බොම්බේට විද්‍යුත් මාධ්‍යයකින් සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා ලැබී තිබිණි. වෙන අයෙක් නම් ඕපාදූපවලට බියේ එවැන්නක් රිජෙක්ට් කරන්නට උත්සාහ කළද සෑම් ඒ සඳහා සහභාගි විය.

‘මියගියා යැයි සිතා සිටි පූනම් නැවත ජීවත් වන බව දැනගත්තාම ඔබට දැනුණේ මොන වගේ හැඟීමක්ද?’

මාධ්‍යවේදියා සෑම්ගෙන් කතාබහ මැද එසේ ඇසුවේය.

‘පූනම් ඒ කළ සංගදියෙහි සුලමුල මට කොහොමවත් තවම වටහාගන්නට බැහැ. නොයෙක් අය විවිධ මත දරනවා ඒ ගැන. කොහොමත් ඈ නැවත ජීවත් වෙනවා යැයි ඇසූ මොහොතේ මට ලොකු සතුටක් දැනුණා.’

සැහැල්ලු සිනාවකින් ඉතා සරල ආකාරයට සෑම් එලෙස ප්‍රශ්නයට උත්තර දී තිබුණා.

ඇත්තෙන්ම පූනම් ව්‍යාජ ලෙස දිවි නසාගත්තේ ගැබ්ගෙල පිළිකාව ගැන ඉන්දියානු කාන්තාවන් දැනුවත් කරවන ව්‍යාපෘතියකට සුහදව සහාය දීමක් වශයෙන්ද?

ඇත්තෙන්ම කියනවා නම් ගැබ්ගෙල පිළිකා අවදානමට ගොදුරුවූ ඉන්දියාවේ පමණක් වෙසෙන කාන්තාවන් ලක්ෂ ගණනකට එහා බව ගණන් බලා තිබෙනවා. එලෙසම එයින් වසරකට හැත්තෑහත් දහසක් මියයනවා. එහෙම වන්නේ එහි අවදානම ගැන සැලකිල්ලක් නැතිකමිනුයි. රෝග ලක්ෂණ හඳුනා ගැනීමට ප්‍රමාද වන නිසා ‘නිහඬ මාරයා’ විදියට හැඳින්වුවද වළක්වාගත හැකි පිළිකා අතරින් එකක් වන ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමට උත්සාහ නොගන්නා කාන්තාවන් දහස් ගණනක් ඉන්නවා.

මට ඕනෑ වූයේ එහි අවදානම ගැන මා හොඳින්ම දන්නා හෙයින් ඒ පිළිබඳ අන් අයටද හොඳින් හිතට දැනෙන ආකාරයට දැනුවත් කරන්නයි. ඒ වෙනුවෙන් මා ව්‍යාජව දිවි නසාගන්නට දැරූ ප්‍රයත්නය අතිසාර්ථකයි. හොඳින් ඇස් කන් හැර බලන්න. මගේ ව්‍යාජ මරණය හමුවේ බොහොමයක් කාන්තාවන් සහ සංවිධාන අද ගැබ්ගෙල පිළිකා අවදානම ගැන හිටි අඩියේ කතා කරන්නට අරගෙන තියෙනවා. මම ආචාරධර්ම කඩකළා යැයි කියා දොස් ඇහුවත් හොඳ චේතනාවකින් මා කළ ආන්දෝලනාත්මක සංගදිය ගැන මේ මොහොතේ සතුටු වෙනවා…’

සමාජ මාධ්‍ය හමුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටින පූනම් පාන්ඩේ ඒ වෙනුවෙන් තමාට දෙන්නට අවැසි උත්තරය වීඩියෝවක් හරහා නිකුත් කර තිබුණේ එහෙමය.

පූනම් ඒ කළ ප්‍රකාශය ඇත්තක්ද?

බොහෝ දෙකු මත පළකර සිටින්නේ පූනම් තම ප්‍රසිද්ධිය තකා මේ විකාරය සිදුකළ බවකි. ඒ අතර, ඇය තමා පිළිබඳ අවධානය සහ අනුකම්පාව දිනාගැනීමේ චේතනාවෙන් ව්‍යාජ මරණය අලෙවි කළ බවටද සමහරු අදහස් දක්වා සිටිති. තවත් පිරිසක් කියන්නේ HPV එන්නත ප්‍රචාරය කරවීම වෙනුවෙන් රජය පූනම්ගේ ගැබ්ගෙල පිළිකා තත්ත්වය යොදාගෙන මෙවැන්නක් සැලසුම් කළ බවයි.

‘සෝෂල් මීඩියාවල මම ගැන තියෙන සමහර විහිළු කතා දැක්කම මට හිනා ගියා. මම සුපිරි ජීවිතයක් ගෙවන ජනප්‍රිය කෙනෙක්. මට මොකටද ඉතින් කාගෙවත් අනුකම්පාවක් අවධානයක්…?’

චෝදනා දැක පූනම් පාන්ඩේ සිය ඉන්ස්ටර්ග්‍රෑමය හරහා එයට උත්තර දී තිබුණාය.
‘මරණය හෝ දිවි නසාගැනීම යනු විහිළුවක් නෙවෙයි. පූනම් ඔබට මීට වඩා මේ ගැන හිතන්න තිබුණා. මෙය අතිශයින් පිළිකුල්සහගතයි…’

පූනම් බොහෝ ළැදි ඇගේ බොහෝ අනුගාමිකයන් ඇයට එවූ පණිවුඩවල වූයේ එවැනි කලකිරීමක සේයාවකි. තවදුරටත් ඔවුන් ඉන්දීය මාධ්‍යයන්ටද දොස් පවරා තිබුණේ කිසිදුම ආකාරයේ කරුණු කාරණා සෙවීමක් සහ තහවුරු කිරීමකින් තොරව පූනම්ගේ ව්‍යාජ මරණයට නිල වශයෙන් ප්‍රසිද්ධිය ලබාදුන් එක බරපතළ වරදක් බව කියමිනි.

දොස් කිවයුත්තේ කාටද, වරද කා අතේද? පූනම් කියන ව්‍යාපෘති කතාව ඇත්තක්ද? ඇයට මේ වෙනුවෙන් දඬුවමක් ලබාදිය යුතුයිද?

පූනම්ගේ ව්‍යාජ මරණය හරහා කම්පාවට පත්ව එය ලැව් ගින්නක් කරගත් සමාජ මාධ්‍ය අද කරන්නේ ඉහත සඳහන් ප්‍රශ්න හමුවේ වෙනත් ගින්නක් අවුළුවන එකය. කොහොම වුණත් මේ දිනවල උතුරු ඉන්දියාවේ බොහොමයක් මාධ්‍ය කතාබහට වේලාවක් වෙන්කර ගැනීමට පූනම්ට ‘හෝ’ගාන වේගයට දුරකතන ඇමතුම් දෙමින් සිටිති. ඉතින් පූනම්ට ඕනෑ වූයේ අවධානය හෝ ප්‍රසිද්ධිය නම්, ඈ ගැසූ දහංගැටය හරියටම හරි යන ඉලක්කයට ගැටගසා ඇතැයි නොසිතන්නේ කොහොමද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මහා අපරාධය සොයා ගත්ත ලංකාවෙ බය නැති දොස්තර චමල් සංජීව I Sri Lanka Latest News

Next Post

විජේවීර කොටුවුණේ පත්තිනි දේව අනුහසින් ද? I Sri Lanka Latest News

MORE NEWS

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

Load More
කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

රටින් පලා ගොස් සිටින පාතාල නායක කංජිපානි ඉම්රාන් විසින් දෙවුන්දර දේවාලයේ බස්නායක නිළමේවරයා වන තිළිණ මධුසංඛ මහතා වෙත ලබා දුන්...

Read more
ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.