• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුසන්තා කියන දුක්බර කතාව

September 25, 2019
in Heart
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

අම්මලා වෙන්න හැමෝටම පුළුවන් වුණාට පුංචි තිරයේ අම්මලා වෙන්න හැමෝටම බැහැ. ඉතින් කාලයක් තිස්සේ පුංචි තිරයේ විතරක් නෙවේ සිනමාවේ අම්මා වුණු ඇය දැන් ගොඩ දෙනෙක්ට අමතකවෙලා ගිහින්. ඒ වෙන කවුරුවත් නෙවෙයි සුසන්තා චන්ද්‍රමාලි. ඉතින් ඔය කරුණු කාරණා එක්ක දැන් සද්දබද්ද නැතුව ඉන්න සුසන්තා ගැන අපි පොඩි විමසීමක් කළා.
පුංචි තිරයේ අම්මාව දකින්නවත් නැහැ. සුසන්තා ඇයි නිහඬ වෙලා?
දැන් ඉතින් අම්මාව පෙන්නැහැ කාටවත්. සමහර විට මම ළඟ මව් සෙනෙහසක් නැතිව ඇති. ඒකනේ ආරාධනා නැත්තේ. ගෙදරට වෙලා ඉන්නවා. විදේශීය මෙගා නිර්මාණ වගේම අපේ මෙගා නිර්මාණත් එක දිගට අවුරුදු ගණනක් විකාශය වෙනවා. එහෙම වුණාම ඉතින් අපිට වැඩ අඩුයි.
දැන් තරුණ අය අම්මලා වෙන නිසා සමහර විට සුසන්තලාට වැඩ අඩු ඇති?
සමහරවිට එහෙම වෙන්නත් පුළුවන්. මොකද දැන් පෙම්වතියට රඟපාන අය දඟලනවා අම්මා චරිතය රඟපාන්න. අම්මලා චරිත රඟපාන අය දඟලනවා කිරිඅම්මලා වෙන්න. ඉතින් එහෙම රූප රාමු ගලාගෙන හිතවත්කමට චරිත ලබා දෙනකොට අපිට සිද්ධවෙනවා දිගටම නිහඬවෙලා ඉන්න.
දැන් පවතින ටෙලි රැලි ක්‍රමවේදය අම්මලාට ගොඩාක් බලපාන්න ඇති?
මෙහෙමයි. මොන රැලි ක්‍රමවේදයක් තිබුණත් පිටපත ලියනකොට චරිතයට අදාළ කෙනාගෙ රූපය මැවෙනවා රචකයාට. එයට අමතරව අධ්‍යක්‍ෂවරු නෑකම්, හිතවත්කම් වෙනත් සම්බන්ධකම්වලට චරිත මවලා. ඉතින් දැන් ක්‍ෂේත්‍රයේ සම්බන්ධකමක් තිබිය යුතුයි නිර්මාණවල රැඳෙන්න නම්.
අසූව දශකයේත් ඔය කියන සම්බන්ධකම් බලපෑවද?
අපෝ නැහැ. අපි සම්බන්ධකම් පැවැත්තුවේ නිර්මාණය රූපගතකිරීම් කරන කාලය තුළ විතරයි. එතැනින් එහාට අපි ගෙදර ආවම අපිට වෙනම බැඳීම් තිබුණා. දැන් යන ක්‍රමවේදයට සම්බන්ධකම් පවත්වන්න අමාරුයි. ඉතින් එයට වඩා හොඳයි තියෙන දෙයක් කාල ගෙදරට වෙලා ඉන්නවා.
සුසන්තලා හදාගත්තු රාමුවෙන් මිදුණ නම් මෙයට වඩා නිර්මාණ ගලාගෙන එයි?
අපි කළේ වෘත්තියක්. වෘත්තියට හදවතින් ආදරය කළා. ඒ විතරක් නෙවේ චරිතයට උපරිම සාධාරණයක් කළා. ඒ කරපු සාධාරණයට අදටත් ප්‍රේක්‍ෂකයන් අපට ගෞරවය කරනවා. අපි රඟපානවට කැමැති නිර්මාණකරුවන් කිහිපදෙනෙක් ඉන්නවා. ඉතින් ඔවුන්ගේ නිර්මාණවලට උපරිම සාධාරණයක් මම කරනවා. නැතුව අපේ වටිනාකම නිකම් හෑල්ලුවට දාන්න මම කැමැති නැහැ.
අද ක්‍ෂේත්‍රය දිහා බලන විට මොකද හිතෙන්නේ?
කලාවට අත්වෙලා තියෙන ඉරණම දැක්කම ගොඩාක් දුක හිතෙනවා. අපේම අය තමයි විනාශ කළේ. මම හිතන්නැහැ ටෙලිනාට්‍ය කර්මාන්තය ගොඩගන්න පුළුවන් වෙයි කියලා. මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරපු ශිල්පීන් දිහා බලපුවාම ඔවුන්ට පිස්සු හැදෙන්න ඕනෑ. මොකද අපෙන් වැඩක් ගත්තට අපේ පෞද්ගලික ජීවිතය දිහා බලන්න කවුරුත් නැහැ. අවසානයේ උපේක්‍ෂාවෙන්, වේදනාවෙන් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
ජීවිතය ගැන මොකද හිතෙන්නේ?
ජීවිතය හරියට සලාදයක් වගේ. අපි ජීවත් වෙන්නේ හඳ අල්ලන්නවත්, රට අල්ලන්නවත් නෙවේ. ප්‍රශ්න නැතුවත් නෙවේ. එන විදියට මුහුණ දෙමින් ජීවත් වෙනවා.
සුසන්තාගේ ජීවිතයේ ළඟින්ම ඉන්නේ කවුද?
මගේ ජීවිතයේ දුක – සතුට මම බෙදාගන්නේ මගේ පෑන එක්ක. මගේ ළඟම මිතුරා මගේ පෑනයි, පොතයි. ජීවිතයට ගලාගෙන එන හැම දෙයක්ම මම අකුරු තුළින් කවි පදවැල් අමුණන එක තමයි කරන්නේ. ජීවිතයේ ලස්සන වගේම අවලස්සනත් තියෙනවා. හිතන තරම් සුන්දර නැහැ. මම හැම දේම පොතක ලියනවා.
පාළු තනිකම මකන්න ආච්චි කෙනෙක් වෙන්නේ කවදද කියල බලන් ඇති?
අම්මෝ ඔව්. ගොඩාක් ආශාවෙන් ඉන්නේ. ඒත් අපි වගේ නෙවේ දැන් ළමයි සැලසුමක් ඇතිවයි ජීවත් වෙන්නේ. එය වරදක් කියලා මම හිතන්නේ නැහැ. සැලසුමක් ඇතිව ජීවත් වෙනකොට ජීවිතයම ලස්සනයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මගුල් පෝරුව අලුතෙන්ම හදනවද

Next Post

සජිත් නම් කිරීමත් එක්ක ‌ගෝඨා-‌මෛත්‍රි හදිසි රාත්‍රී හමුවක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.