සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට ඊයේ (24) සවස පැවැති පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවකදී නම් කිරීමත් සමග ඊයේ රාත්‍රියේදීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් අතර හදිසි හමුවක් සිදුව ඇත.
ඒ අනුව ඊයේ රාත්‍රියේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති නිල නිවසෙට ගොස් දෙපාර්ශ්වය අතර එකගතාවයක් ඇති කර ගත හැකි ආකාරය පිළිබදව සාකච්ජා කොට ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඒ සදහා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත්ව ඇති අතර ඒ සියල්ල ලිඛිතව තමන්ට ලබා දෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.
ඒ අනුව අද (25) දිනයේදී ශ්‍රීලනිපයේ මෙම ඉල්ලීම් සියල්ල ලිඛිතවම රාජපක්ෂ පාර්ශ්වය වෙත යොමු කිරීමට නියමිත බවද දැනගන්නට ඇත.










