එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කොට පිහිටුවීමට නියමිත නව දේශපාලන සන්ධානයේ මහලේකම් ධූරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබා දීමට එම පෙරමුණේ නායකයන් තීන්දු කර ඇත.
ඊයේ (26) සවස 6ට අරලියගහ මන්දිරයේදී රැස්වූ එම පෙරමුණේ පක්ෂ නායකයන්ගේ රැස්වීමකදී මේ බව තීන්දු කර තිබේ.
අද (27) පෙරවරු 10ට නැවත වතාවක් එම පෙරමුණේ රැස්වීමක් කැදවා ඇති අතර එහිදී මෙම තීන්දුව සියල්ලන්ටම දැනුම් දීමට නියමිතය.