• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නර්තනය මට ලැබුණෙ සරස්වතී අම්මගෙ අනුහසින්

September 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
නර්තනය මට ලැබුණෙ සරස්වතී අම්මගෙ අනුහසින්
Share on WhatsAppShare on Facebook

‘හාට්’ විශේෂාංගය හැඩකරලීම සඳහා කතාබහට එක්කර ගන්නා ‘තිරතරුව’ කවුදෝ යැයි සිතන මොහොතක, මතකයට පැමිණියේ, අනුෂා දමයන්තිවය. බොහෝ විට සොඳුරු සිනාවක් නිතර මුව රඳවාගත් නිහතමානී අනුෂා, ඕනෑම මොහොතක මඟතොටකදී තම මුහුණට හමුවන ප්‍රේක්‍ෂකයන් හට ‘හලෝ’ කීවේ ඉතාම මිත්‍රශීලී ලෙසය. මාධ්‍යයකින් ඇමැතුමක් පැමිණි විට බොරුවට ‘මම හරි බිසී’ යැයි කවදාවත් නොකියන අනුෂා ‘හාට්’ වෙනුවෙන්ද පිළිසඳරට එක්වූයේ ඉතාම අවංක වූ සතුටකිනි.
කොහොමද ඔබේ කලාකටයුතු ගැන අලුත් ආරංචි එහෙම?
මම රඟපෑ චිත්‍රපට 7ක් තිරගත වීමට නියමිතව තිබෙනවා. කොරෝනා උවදුර නිසා එහි සියලු වැඩකටයුතු අඩාළ වී තියෙන බව කියන්නේ හරිම කනගාටුවෙනුයි. මොනවා කරන්නද? මෙය මට විතරක් නෙවෙයි, බොහෝ කලාකරුවනට සිදුවූ ව්‍යසනයක්. විවිධ ආකාරයෙන් වෙනස් චරිත සමූහයක් මත මා රංගනයෙන් දායක වූ එම නිර්මාණ 7 ප්‍රේක්‍ෂකයන් හමුවට එනතුරු මම බලා සිටිනවා. ඒ අතරම බර්ට්‍රම් නිහාල්ගේ තිරපිටපතකට අනුව රොෂාන් වීරසිංහ අධ්‍යක්‍ෂණය කළ මම රංගනයෙන් එක්වූ ‘දූවිලි’ ටෙලිනාට්‍යය ළඟකදී විකාශනය වීමට නියමිතව තිබෙනවා.
‘දූවිලි’ ටෙලිනාට්‍ය ගැන ඔබට විශේෂ යමක් කියන්න තියෙනවා වගේ පෙනෙන්නේ?
ඔව්… සත්තකින් ‘දූවිලි’ කියන්නේ වෙනස්ම නිර්මාණයක්. මම එහි කරන චරිත නිරූපණයද ඉතාම සංකීර්ණයි.
වංචනික විවාහයකට මැදිවන තරුණ කාන්තාවක් තම සැමියා සහ තරුණ දියණිය සමඟ ගෙවන පීඩාකාරී ජීවිත රටාව ගැන එහි අපූරුවට කියැවෙනවා.
එය බර්ට්‍රම් නිහාල්ගේ පිටපතක් නිසාද ඔබ එයට එක්වූයේ?
බර්ට්‍රම් නිහාල් කියන්නේ ප්‍රවීණ නිර්මාණකරුවෙක්. ඔහුගේ අතින් ලියැවුණු ඒ ගුප්ත සංකීර්ණ කතාපුවතට ඇත්තෙන්ම මම එකපයින්ම කැමැත්ත පළකළා.
‘දූවිලි’ ගැන තව ටිකක් එළිදරව් කරනවා නම්?
නැහැ… මම හිතන්නේ පැවසූ විස්තර හොඳටම සෑහෙනවා. ‘දූවිලි’ ගැන තව කතාබහ කිරීම එහි කතා පුවතෙහි අපූරු කුතුහලයකට හානි විය හැකියි. නුදුරු දිනෙකදී එය රූපවාහිනි තිරයක් ඔස්සේ විකාශනය වේවි.
ඔබ ටෙලිනාට්‍ය තෝරා ගැනීමක යෙදෙනවා කියන්නේ ඇත්තද?
ඔව්… එය සත්‍යයක්. මම මා වෙත එන හැම ටෙලිනාට්‍යයක්ම බාර ගන්නේ නැහැ. ‘දූවිලි’ වැනි ගුණාත්මක තිරපිටපතක් මා වෙත ආවොත් පමණයි ටෙලිනාට්‍ය බාර ගන්නේ.
ප්‍රවීණ සිනමාකරුවකු යටතේ දක්‍ෂ චරිතාංග නිළියක ලෙස රංගනයෙහි යෙදෙන්නට ඔබ පෙරුම්පුරනවලු?
මෙහෙමයි. සිනමා නිළියක ලෙස මම බොහෝ දැවැන්තයන් සමඟ රංගනයෙහි යෙදුණා. එය මා ලද භාග්‍යයක් ලෙස මම සලකනවා. ඒ වගේම ‘අනුෂා දමයන්ති’ කියන රංගවේදිනිය තුළ කොහේදෝ කොනක සැඟව සිටින දක්‍ෂ චරිතාංග නිළියව එළියට ඇද දමන ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂවරයකු යටතෙහි චරිත නිරූපණයක යෙදෙන්න මම හරිම ආසාවෙන් බලා සිටිනවා. නිළියක ලෙස කිසිවකු යමක් මගෙන් උකහා ගත්තා නම්, ඒ ගත්තේ තවමත් සියයට විස්සක ප්‍රමාණයක් පමණයි. සැඟවුණු අර සියයට අසූව හඳුනාගෙන යම් නිර්මාණකරුවකු මාව වෙනස් කරන්න උත්සාහ කරනවා නම්, ඒ වෙනස තුළ මගේ අභ්‍යන්තරයෙහි නිදා සිටින ගුණාත්මක රංගන ශිල්පිනියව අවදි කරන්න උත්සාහ ගන්නව නම්, මම හරිම කැමැතියි. හැම රංගවේදිනියක්ම උසස් චරිත රඟපෑමේ පිපාසයෙන් පෙළෙනවා. මමද එහෙමයි.., එක් තැනකට හෝ එක් රාමුවකට කොටුව සිටින්නට මම අකැමැතියි. අන්න ඒ නිසා මාව හඳුනාගත් අයකු මට ආරාධනා කරන තුරු මම පෙරුම්පුරා බලා සිටිනවා.
නිළියක වීම ගැන ඔබ යම් තෘප්තියකට පත්වෙනවද?
ඔව්… ජනතා ආදරය ආකර්ෂණය දිනාගත හැකි මෙම වෘත්තිය තුළට පයතබා ගන්නට හැකිවීම ගැන මම හරිම තෘප්තිමත්.
දේශපාලනයට පැමිණීම ගැන ඔබ යම් කලකිරීමට පත්ව සිටිනවද?
කිසිසේත්ම නැහැ, එහෙම ප්‍රශ්නයක් මගෙන් ඔබ අහපු එක ගැනත් මම කනගාටු වෙනවා. ඒ මොකද..? ජනතාව මට ආදරය කරන තරම, කොයි තරම්ද කියන එක මම හරියටම දැකගත්තේ දේශපාලන වේදිකාව තුළදී තමයි. අනෙක හොඳ දේශපාලන දැක්මක් තියෙන කණ්ඩායමක් එක්ක රටට, ජනතාවට සේවය කරන්න මම හරිම කැමැත්තෙන් සිටියා. ගෝඨාභය සහ මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ එකමුතුව මාව එම හැඟීම තුළ තවදුරටත් දිරිමත් කළාය කිව්වොත් හරි.
‘නර්තන රැජන’ යන නාමය සිංහල සිනමාව තුළ ඔබට පටබැඳුණා?
ඔව්… මම එයට හරිම කැමැතියි. මම නර්තන කලාව හැදෑරූ අයෙක් නෙවෙයි. නර්තනය මට ලැබුණේ සරස්වතී අම්මගේ අනුහස තුළිනුයි. මම බුදුන් අදහනවා. බුදුන්ට ගරු කරනවා. ඒ වගේම මම සරස්වතී අම්මාටත් නිතරම පුද පූජා පවත්වනවා. අවුරුදු 10 දැරියක වියෙහි සිටම මම සරස්වතී අම්මාට කරන සත්කාර නිසාත් දක්වන ගරුසරු නිසාත් ඈ මට කලා හැකියාවන් තිළිණ කළ බව මම හැමදාමත් අදහන කාරණයක් මෙහිදී සඳහන් කරනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

චන්ඩිපාට් දාලා බලෙන් ගෙනාව නම් මම බැඳලා ළමයිනුත් ඉඳීවි

Next Post

සම්මාන ලැබුණෙ මට නෙවෙයි

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.