• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

චන්ඩිපාට් දාලා බලෙන් ගෙනාව නම් මම බැඳලා ළමයිනුත් ඉඳීවි

September 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
චන්ඩිපාට් දාලා බලෙන් ගෙනාව නම් මම බැඳලා ළමයිනුත් ඉඳීවි
Share on WhatsAppShare on Facebook

අහිංසක පෙම්වතා ලෙසට විවිධ චරිත නිරූපණය කළ ඔහු දැන් අපට දැකගන්නට ලැබෙන්නේ චණ්ඩියෙක් ලෙසට. ඇත්තටම ඔහු මෙලෙසට වෙනස් වුණේ ඇයි? ඒ සිතුවිල්ලට පිළිතුරක් ගෙන ඒමට අපි සුරාජ් මාපාට කතා කරන්නම හිතුවා. ඔහුගෙන් අපට ලැබුණු පිළිතුර තමයි මේ.
පුංචි තිරයේ සපුමල් කුමාරයා දැන් චණ්ඩියෙක් වෙලා නේද?
‘සිහිනි’ ටෙලිනාට්‍යයේ විලන් රෝල් එකක් තමයි මම නිරූපණය කරන්නේ. ව්‍යාපාර දානපතියකුගේ පුතෙක් ලෙසට තමයි මම ‘සිහිනි’ ටෙලිනාට්‍ය තුළ ජීවත් වෙන්නේ. මම ගොඩාක්ම ආශාවෙන් තමයි ‘සිහිනි’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ. ආදරය වැඩිකමට සමහර අවස්ථාවල අහිංසකයාත් දඩබ්බර වෙන අවස්ථා තිබෙනවා.
පෞද්ගලික ජීවිතයේදීත්, ඔබත් ආදරය වෙනුවෙන් චණ්ඩිකම් දැම්මද?
එහෙම චණ්ඩිකම් දැම්ම නම් මම මෙලහකට බලෙන් ගෙනැල්ලා, කසාදත් බැඳලා, දරුවොත් ඉඳීවි. මගේ ආදරය පරිත්‍යාග වුණා පමණයි.
මම කැමැති නැහැ අඬදබර කරගෙන ආදරයක් දිනාගන්න. ඒ ආදරයේදී මම අහිංසකයි. ඒකයි තවමත් තනිකඩව ඉන්නේ.
ඔබේ සමකාලීන මිතුරු, මිතුරියන් මේ දවස්වල කැදැලි හදනවා. ඔබ තාම තනිකඩයි?
මට හිතවත් මිතුරු, මිතුරියන් කසාද බැන්ද පළියට මම කසාද බඳින්න කැමැති නැහැ. එහෙම කරන්නම් වාලේ කසාදයක් කරගෙන පලක් නැහැ. මට ආදරය කරන, මාව තේරුම් ගත්ත කෙනෙක් ලැබුණු දාට මමත් කසාද බඳීවි. ආවාට ගියාට මාව දවසින් දෙකෙන් තේරුම් ගන්න බැහැ. අනෙක ආදරය කරන්න මගේ හිතට දැනෙන කෙනෙක් වෙන්න ඕනෑ මුලින්.
තවමත් ඔය සුන්දර හදවත හිමිකර ගන්න කෙනෙක් නැහැ කියලද ඔබ කියන්නේ?
මම ආදරය කළා. හැබැයි දැන්නම් මට කවුරුත් නැහැ. තනිකඩ ජීවිතය සුන්දර විදියට විඳිනවා.
තනිකඩ ජීවිතයේ සුන්දරත්වයත් එක්කද ඔබේ බාහිර ස්වරූපයත් වෙනස් කළේ?
‘දාංගලේ’ සහ ‘සිහිනි’ ටෙලිනාට්‍ය දෙක වෙනුවෙන් තමයි මම අවුරුද්දක ඉඳලා කොණ්ඩය වවන්න ගත්තේ. හැබැයි දැන් ‘දාංගලේ’ ඉවරයි. ‘සිහිනි’ ටෙලිනාට්‍යයත් අවසාන කාලය ගෙවීගෙන යනවා. දැන්නම් ඉතින් මම කොණ්ඩය කපලා ඉන්නේ. මට ආරාධනා කරන ඕනෑම නිර්මාණයක චරිතයක් වෙනුවෙන් මම උපරිම කැපවෙනවා.
ඔබ මේ වන විට ටෙලිනාට්‍ය ගණනාවක ප්‍රධාන චරිත නිරූපණ කරමින් ජනප්‍රිය කිරුළ දිනාගත්තා. එහෙත් ඔබ එයින් මිදීමට උත්සාහ කරන බවක් පෙනී යනවා?
ඇත්තටම ඔව්. මට එහෙම ජනප්‍රිය නළුවා වෙලා ජනතාවගේ ආදරය දිනාගන්න අවශ්‍ය නැහැ. එයටත් එහා ගමනක් අපිට තියෙනවා යන්න. ජනතාවගේ හදවත් තුළ දැන් ජනප්‍රිය නළුවා ලෙසට කටයුතු කරනවා නම් අවුරුදු ගානක් එක දිගට එකම ටෙලිනාට්‍යයේ එකම චරිතයක් කරන්න සිදුවෙලා තියෙන්නේ. මම මේ උත්සාහ කරන්නේ හොඳම නළුවා ලෙසට ජනතාවගේ හදවත් තුළ රැඳෙන්න විවිධ චරිත නිරූපණය කරමින්. එයින් අපිට ඉගෙනගන්න බොහෝ දේවල් තිබෙනවා එකම රාමුවක කොටුවෙලා ඉන්නවාට වඩා.
ඔබට ටෙලිනාට්‍ය ආරාධනා ගලාගෙන ආවත් සිනමාවේ ඉඩකඩ අඩුයි නේද?
ටෙලිනාට්‍යවලින් තමයි මට ආරාධනා කරන්නේ. චිත්‍රපට කිහිපයක රඟපෑවා. චිත්‍රපට ආරාධනා නැතුව නෙවෙයි. ප්‍රේක්‍ෂකයා වැඩිපුර රසවිඳින මාධ්‍යය තමයි ටෙලිනාට්‍යය. ඉතින් මම නිසාම ටෙලිනාට්‍ය බලන පිරිසකුත් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මම යමක් කළ යුතුයි. ඉතින් ඉදිරියේදී මම ගියාට සිනමා ශාලාවට එකතු වන ප්‍රේක්‍ෂක පිරිසකුත් හැදෙයි. සිනමාවට එකතු වෙනවානම් ඉතින් මට ටෙලිනාට්‍යවලින් බොහෝ දුරට ඈත් වෙන්න සිදුවෙයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ජනකගෙන් අලුත් තාලෙ අලුත් වැඩක්

Next Post

නර්තනය මට ලැබුණෙ සරස්වතී අම්මගෙ අනුහසින්

MORE NEWS

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

Load More
මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලංකාවේ විතරක් නෙවෙයි මේ ආදරේ හොයන් තායිලන්තයටත් ගියා… සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු, අද වනවිට ‘සිදු’, ‘ශක්ති’,...

Read more
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.