• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සම්මාන ලැබුණෙ මට නෙවෙයි

September 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
සම්මාන ලැබුණෙ මට නෙවෙයි
Share on WhatsAppShare on Facebook

වසර ගණනාවක් වේදිකාව වෙනුවෙන් දහදිය, කඳුළු වගුරවමින්, වේදිකාව තමාගේ ජීවිතය කරගනිමින් වේදිකාව එක්ක බැඳුණු සුවිශේෂී පුද්ගලයෙක් තමයි සම්පත් ජයවීර කියන්නේ. ඉතින් පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ ‘හොඳම සහාය නළුවා’ට හිමි සම්මානය ප්‍රථම වතාවට හිමිකර ගැනීමට ඔහුට වාසනාව උදාවිය. හදවතින්ම ‘හාට්’ අපේ සුබපැතුම් එකතු කරමින් ඔහුට කතා කළා.
ඉතින් සම්පත් කොහොමද ජීවිතේ?
සුපුරුදු පරිදි කලා කටයුතු කරගෙන යන අතර, පවුලේ අයත් එක්ක සුහදව කාලය ගතකරනවා.
වසර ගණනාවක වේදිකාවේ අත්දැකීම් එක්ක පසුගියදා සුවිශේෂී සම්මානයක් ලැබුණා නේද?
‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යයේ මම නිරූපණය කළ චරිතය වෙනුවෙනුයි සම්මානය ලැබුණේ. මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම සහාය නළුවාට සම්මානය හිමිවුණා. මෙයට කලින් යෞවන නාට්‍ය උළෙලවල සම්මාන හිමි වී තිබුණත් මේ සම්මානයේ යම් වටිනාකමක් මට තිබෙනවා.
ටෙලිනාට්‍ය තුළින් ලබාගන්නා සම්මානයකට වඩා වේදිකා නාට්‍යයකින් ලබාගන්නා සම්මානයක වටිනාකම වැඩි ඇති නේද?
ඇත්තටම ඔව්. එය මට විතරක් නෙවේ වේදිකා නාට්‍යයකින් සම්මාන ලබාගත්ත සියලුම කලා ශිල්පීන්ට ඒ වටිනාකම තදින්ම දැනෙනවා ඇති. මොකද ටෙලිනාට්‍යයක සම්මානයක් ලැබෙන්නේ එක්කෝ ‘එස්.එම්.එස්.’ මාර්ගයෙන්. එහෙමත් නැතිනම් වෙනත් විද්වත් මණ්ඩලයේ තීරණාත්මක මත තමයි. නමුත් වේදිකාවේ ප්‍රේක්‍ෂකයන් ඉදිරිපිට සජීවී රංග ප්‍රතිභාවක යෙදිලා, විද්වත් විශේෂ මණ්ඩලයකින් සජීවී රංගනයක් තෝරා ගැනීම තමයි වෙහෙසකාරී කටයුත්ත. එවැනි ඇගැයීමකට ලක්වීමත් වාසනාවක් තමයි.
වසරකට වැඩි කාලයක සිට තවම වේදිකාවේ දොර හරියාකාරව විවෘත වීමක් දකින්න නැහැ නේද? එය ගැන ඔබට යමක් කිව හැකිද?
ගිය වසරේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයත් වේදිකාවේ විතරක් නෙවේ මුළු කලාවටම බලපෑවා. පසුකාලීනව දේශපාලන හේතූන් මත එය බලපෑවා. නැවැත හෙමීට ඔළුව උස්සගෙන එන කොට ‘කොරෝනා’ වසංගතයක් නිසා එය නැවැත තදින්ම බලපෑමකට ලක්වුණා. තවමත් හරියාකාරව වේදිකා නාට්‍ය වේදිකාගත කිරීමට බැරි කාලවකවානුවක තමයි ඉන්නේ. සිනමා ශාලා නම් විවෘත වෙලා තිබෙනවා. ඒත් තවම එයට ප්‍රේක්‍ෂකයන්ගේ ඒකරාශි වීමක් හරියාකාරව දකින්න නැහැ.
ඔබ ටෙලිනාට්‍යවලට වඩා වේදිකා නාට්‍ය සඳහා විශේෂ තෝරා ගැනීමක් කරනවා නේද?
අනිවාර්යයෙන්ම. එම වේදිකාවෙන් ආපු ගමනක තමයි මේ ඉන්නේ. ඉතින් වේදිකා නාට්‍ය ගැන විශේෂ තෝරා ගැනීමක් දක්වනවා. නමුත් ටෙලිනාට්‍ය තුළ විශේෂ තෝරා ගැනීමක් කරන්න බැහැ. මොකද වෘත්තීය වශයෙන් ජීවත් වීමට සල්ලි අවශ්‍ය නිසා ආරාධනා කරන නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
ඔබේ දක්‍ෂතාව දිග, පළලක් නැතුව උපරිම අයුරින් රංගනයේ නියැළෙන අයුරු අපි දකිනවා. තවත් සමහර අවස්ථාවල ඔබ සම්භාව්‍ය සිනමා නිර්මාණවලට නිරූපණය කළ චරිත තුළින් විවේචනයට ලක්වෙනවා?
මම රංගන ශිල්පියෙක් වශයෙන් නිර්මාණයට අවශ්‍ය විදියට උපරිම අයුරින් මගෙන් විය යුතු කාර්යය කිරීමට බැඳිලා ඉන්නවා නිර්මාණය වෙනුවෙන්. සම්භාව්‍ය චිත්‍රපටවලත් මම රඟපෑවා. නමුත් කාගෙන් විවේචන ආවත් මට අදාළ නැහැ. මම කරන්නේ මගේ වෘත්තිය. ඒ වෙනුවෙන් මම බැඳිලා ඉන්නේ. ඉතින් ඒ ගැන තමයි නිරන්තරම හිතමින් කටයුතු කරන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නර්තනය මට ලැබුණෙ සරස්වතී අම්මගෙ අනුහසින්

Next Post

උදාරි කොටුවෙයි

MORE NEWS

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.