• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දිනිති ලංකාව ගැන කියන කතාව

August 31, 2019
in Heart
Reading Time: 2 mins read
A A
දිනිති ලංකාව ගැන කියන කතාව
Share on WhatsAppShare on Facebook

ගාලු පුරවරයේ උපන් ඇයට පුංචි කාලයේදීම වේදිකා නිළියක් වීමට වරම් උදා විය. පසුකාලීනව වේදිකා නාට්‍ය හරහා ඇයට රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මානයට පාත්‍ර වීමට වාසනාව උදාවිය. මේ හැම ආභාසයක්ම ඇයට ලැබුණේ සිය පියාගෙන් බවයි දිනිති අපට පැවැසුවේ. ඉතින් ලෝකය වටේ කරක්ගහපු දිනිති වල්ගමගේ ඔන්න “මව්රට”ට ගොඩවුණා.

ඉතින් දිනිති අතීතය මතක් කළොත්?
“හාරකෝටිය” තමයි මගේ පළමු ටෙලි නාට්‍යය. මං බෑ කියද්දි චාමර අයියා තමයි මාව බලෙන් රඟපාන්න යොමු කළේ. ඉතින් ඔහොම නිර්මාණ කිහිපයක වැඩ කරලා පසුව ගිහාන් ප්‍රනාන්දු අයියාගේ දැන හැඳුනුම්කම මත කැතිට ගැළපෙන නියම කෙනෙක් ඉන්නවා කියලා මාව තිළිණ බොරලැස්ස අයියාට හඳුන්වලා දුන්නා. ඒ දැන හැඳුනුම්කම මත තමයි මම කැරැකිලා ඇවිත් “නෝ පාර්කින්” කැති ළඟ නතර වුණේ.
ගුවන් සේවිකාවක් ලෙසට කටයුතු කරන ඔබ කොහොමද කලා කටයුතුවලට යොමු වෙන්නේ?
ඒක නම් ගොඩාක් අමාරු කර්තව්‍යයක්. මොකද මම කරන රාජකාරිය ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මගේ සේවායතනයේ හිත මිතුරන්ගෙන් ලැබෙන සහාය තමයි මට වටින්නේ. ඔවුන් මම නැති වෙලාවට එක දිගට වැඩ. මම කොහොමත් අවුරුද්දට එක ටෙලිනාට්‍යයක් විතරයි භාරගන්නේ. ඒ භාරගත්තත් අධ්‍යක්‍ෂ වගේම පිටපත ගැනත් ලොකු සැලකිල්ලක් දක්වනවා.
නෝ පාර්කින් කැතිගේ ආදරය මායාවක් කියලයි මම නම් හිතන්නේ?
ඇත්තටම ඔබේ සිතීම නිවැරැදියි. එහි මම එන්නෙ විදේශ රටක ඉඳලා අන්තර්ජාලයෙන් මිතුරුකමක් පවත්වලා මගේ උරුමය හොයාගෙන. මම පොඩි කාලේ මාව විදේශීය සුද්දෙක්ට විකුණලා. ඉතින් මම ආවේ මගේ මවුපියන් හොයාගන්නයි.
කැතිගේ චරිතයට ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවාද?
නෝ පාර්කින් ටෙලිනාට්‍යය ගොඩදෙනෙක් නරඹනවා. එය හරිම විනෝදජනක කතාවක්. කුතුහලය පිරුණු සොඳුරු කතාවක්. ඒත් ඉතින් මට මගේ රසික රසිකාවියන් හමුවෙලා කතාබහ කරන්න වෙලාවක් නැහැ. මම ලංකාවේ නිතර දෙවේලේ නැති නිසා ගොඩ දෙනෙක් මට ප්‍රතිචාර දක්වන්නේ අන්තර්ජාලය හරහා තමයි.
පුංචි කාලේ පටන් දිනිතිගේ සිහිනය තිබුණේ රංගන තාරකාවක් වෙන්නද?
අනේ නැහැ. මගේ එකම සිහිනය තිබුණේ ලෝකේ වටේ යන රස්සාවක් කරන්න. මම දැනට රටවල් 40ක විතර සංචාරය කරලා තියෙනවා. නිළියක් වුණේ බලකිරීමක් මත තමයි. මගේ තාත්තා වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. සමහර විට ඔහුගේ ආභාසය මටත් පිහිටන්න ඇති. ඉතින් විවේකීව ලැබෙන විදියට නිර්මාණවලට යොමුවෙනවා.
දිනිති රූපයෙන්, චරිතයෙන් අහිංසකාවියක් වුණාට ටිකක් පණ්ඩිතයි නේද?
පණ්ඩිත නොවී බැහැනේ. ගැහැනු ළමයෙක් ළාමක වුණාම අඩන්තේට්ටම් වැඩියි. ඉතින් මම කවදා හරි ආදරය කරන කෙනා මටත් වඩා පණ්ඩිත වෙන කෙනෙක් තමයි හොයන්නේ. මොකද එතකොට එයාගේ පණ්ඩිත වැඩ නිසා මම නිහඬ වෙනවානේ.
රටවල් ගණනාවක කරක්ගහපු දිනිතිට ලංකාව දෙස බලනකොට මොකද හිතෙන්නේ?
මගේ රට මොන තරම් සුන්දර රටක්ද. හැබැයි ලංකාවේ වගේ අවස්ථාවාදී මිනිසුන් මම කිසිම රටක දැකලා නැහැ. ලංකාවේ මිනිසුන් ඍණ ආකල්පයෙන්මයි හිතන්නේ. මේ රට විනාශ කරලා මිනිසුන් රට යනවා. අපේ රට මොනවයෙන් අඩුද? ඒත් කිසිම කෙනෙක් නැහැ තමන්ගේ හැඟීමෙන්. එකාට එකා කොටාගන්නවා. විදේශීය සංචාරකයන් ලංකාව බලන්න පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒත් අපේ රටේ මිනිසුන් කරන්නේ ඔවුන් දැක්ක ගමන් ගසාකන එක. කිසිම සංවරයක් නැහැ අපේ රටේ මිනිසුන්ට. ඉතින් අනාගතයක් ගැන තව මොන කතාද?

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

රෑ දුටු සිහිනයේ හොඳ නරක

Next Post

රවිගෙ අපලයට පලඳන රතු මැණික

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (19) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස්...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

මගෙ දෙයියෝ..! මෙහෙම ඇමැති කෙනෙකුට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන්ද මිනිස්සුන්ට..! VIDEO I Sri Lanka Latest News

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා නියෝජ්‍ය ඇමැති සරත් තඩි බොරුවක් අතෑරලා අතේ මාට්ටු! හැබැයි මේ කියන කතා විශ්වාස කරන කොටසකුත් ඉන්නවා! VIDEO I Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

හැට පැන්නත් වයසට නොයන දේශපාලකයන්ගෙ රහස මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.