පෙර සංසාර බැඳීම හරහා ඇතිවන ආදරය හරිම සුන්දරයි. එවැනි ආදරයක් ලබන්න අපි හැමෝටම බැහැ. වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ රුවට රුවින් බැඳුණු සමහර ආදර කතා පුංචි පුංචි හේතු මත දික්කසාදය දක්වා දුරදිග ගිහින්. ඉතින් කලා ක්ෂේත්‍රයෙන් සමාජයට ආදර්ශයක් දෙන තවත් ආදරණීය යුවලක් තමයි ඕෂධී සහ ප්‍රදීප්.
දෙන්නාගේ ආදර කතාවට වසර දොළහකුත් ගෙවී අවසන් වුණා. මොකද හිතෙන්නේ ඒ ගැන?
ඇත්තටම මට හීනයක් වගේ. ගොඩක් සතුටුයි. ලොකු කාලයක් ගෙවුණත් දැනුණේ නැහැ. අද ඊයේ විවාහ වුණා වගේ අපි සතුටින් ඉන්නේ.
අද සමාජයේ විතරක් නෙවෙයි කලාවෙත් දික්කසාදය ෆැෂන් එකක් වෙලා. ඒ ගැන ඔබේ අදහස?
ඒ ගැන නම් කතාකළ යුතුමයි. මොකද පොඩි ප්‍රශ්නයක් මතුකරගෙන දික්කසාද වෙනවා. ජීවිතයේ ප්‍රශ්න එනවා. ඒ දේවල් හරි අවබෝධයකින් දෙන්නම තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. අපි අවුරුදු දොළහක් එකට හිටියා කියලා ප්‍රශ්න නැතුව නෙවෙයි. හැබැයි ඒ දේවල් තාවකාලිකයි. සමහරු රට වටේ ගිහින් වෙඩින් ගන්නවා. ඒත් අවසානයේ සිදුවෙන්නේ වෙන දෙයක්.
වැඩිපුරම කේන්ති යන්නේ ප්‍රදීප්ටද, එහෙමත් නැත්නම් ඕෂධීටද?
ඔය දේ ප්‍රදීප්ගෙන් ඇහුවොත් කියයි මට තරහ යනවා වැඩීයි කියලා. ඉතින් මට කියන්න වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. හැබැයි අපි දෙන්නාට තරහවෙලා ඉන්න බැහැ. අපි දෙන්නා ජීවත් වෙන්නේ හරිම සතුටින්, විනෝදයෙන් හරියට යාළුවෝ වගේ.
මෙතෙක් ගෙවුණු පවුල් ජීවිතයේදී තීන්දු තීරණ ගැනීමේදී දෙන්නා කටයුතු කරන්නේ මොන විදියටද?
කවදාවත් අපි තනි තීරණයක් අරගෙන වැඩ කරන්නේ නැහැ. හැම දේම හොඳට කතාබහ කරලා හොඳ තීරණයක් ගන්නවා. අපි දෙන්නට තීරණ ගැනීමේදී හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් හැම ප්‍රශ්නයකදිම අපි දෙන්න එකමුතු වෙලා වැඩ කරනවා.
දෙන්නා එකතුවෙලා චිත්‍රපටයක් කරන්න යන බව අපට ආරංචි වුණා?
ඔව්. මගේ කතාවකට අපි පිටපත ලියවාගත්තා. ප්‍රදීප් නෙමෙයි චිත්‍රපටය කරන්න හිටියේ. ප්‍රදීප්ගේ යාළුවෙක්. ඒත් පස්සේ ප්‍රදීප්ගේ යාළුවා කිව්වා චිත්‍රපට නිෂ්පාදනය කරන්නම්, ප්‍රදීප්ට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කියලා. දෙසැම්බර්වල එහි වැඩකටයුතු පටන් ගන්න තමයි සැලැසුම. ප්‍රධාන චරිතය මම රඟපානවා.
ඕෂධීට පසුගිය කාලේ සුවිශේෂ චරිතයක් ලැබුණා නේද? ඒ ගැන කතා කළොත්?
මට ඒ අවස්ථාව ලැබුණේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ ලොකිතා චරිතයෙන්. පළමු විජයබාහු රජුගේ මවගේ චරිතය මට කරන්න ලැබුණේ. එහි තිබෙන වැදගත්කම තමයි අවුරුදු 30ක පරාසයක ඉඳලා මම අවුරුදු 70 වයස පරාසයක් මගේ චරිතය ගලාගෙන යනවා. මම මහලු චරිතයක් රඟපාන පළමු අවස්ථාව.
දැන් ටෙලිනාට්‍යවල ඕෂධීව දකින්නම නැහැ. ආරාධනා අඩුද?
මම මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්න කැමැති නැහැ. මෙගාවලට යනවා නම් මගේ අයකිරීම පැත්ත ගැනත් මම හිතනවා. ඉතින් මම මේ වෙනකොට ටෙලිනාට්‍ය 60ක විතර රඟපාලා තියෙනවා. මට සිනමාව පැත්තෙන් ලොකුදෙයක් කරන්න බැරිවුණා. ඉතින් මගේ ආසාව තියෙන්නේ හොඳ චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙන්න තමයි.
දෙදරු මවක් වුණු ඕෂධී තවත් අමුත්තෙක් ගේන්න අදහසක් නැතිද?
මොකද නැත්තේ. මමයි, ප්‍රදීපුයි දරුවන්ට ගොඩක් ආදරෙයි. මම තවම තරුණයි. ඉතින් අපි දෙන්නම කැමැතියි තව දරුවෙක් හදන්න. කාලයත් එක්ක අපේ ජීවිතයට තවත් කිරිකැටියෙක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.
වසන්ත විතාරණගේ