• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ඕෂධීගේ ආශාව

October 8, 2019
in Heart
Reading Time: 2 mins read
A A
ඕෂධීගේ ආශාව
Share on WhatsAppShare on Facebook

පෙර සංසාර බැඳීම හරහා ඇතිවන ආදරය හරිම සුන්දරයි. එවැනි ආදරයක් ලබන්න අපි හැමෝටම බැහැ. වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ රුවට රුවින් බැඳුණු සමහර ආදර කතා පුංචි පුංචි හේතු මත දික්කසාදය දක්වා දුරදිග ගිහින්. ඉතින් කලා ක්ෂේත්‍රයෙන් සමාජයට ආදර්ශයක් දෙන තවත් ආදරණීය යුවලක් තමයි ඕෂධී සහ ප්‍රදීප්.

දෙන්නාගේ ආදර කතාවට වසර දොළහකුත් ගෙවී අවසන් වුණා. මොකද හිතෙන්නේ ඒ ගැන?
ඇත්තටම මට හීනයක් වගේ. ගොඩක් සතුටුයි. ලොකු කාලයක් ගෙවුණත් දැනුණේ නැහැ. අද ඊයේ විවාහ වුණා වගේ අපි සතුටින් ඉන්නේ.
අද සමාජයේ විතරක් නෙවෙයි කලාවෙත් දික්කසාදය ෆැෂන් එකක් වෙලා. ඒ ගැන ඔබේ අදහස?
ඒ ගැන නම් කතාකළ යුතුමයි. මොකද පොඩි ප්‍රශ්නයක් මතුකරගෙන දික්කසාද වෙනවා. ජීවිතයේ ප්‍රශ්න එනවා. ඒ දේවල් හරි අවබෝධයකින් දෙන්නම තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. අපි අවුරුදු දොළහක් එකට හිටියා කියලා ප්‍රශ්න නැතුව නෙවෙයි. හැබැයි ඒ දේවල් තාවකාලිකයි. සමහරු රට වටේ ගිහින් වෙඩින් ගන්නවා. ඒත් අවසානයේ සිදුවෙන්නේ වෙන දෙයක්.
වැඩිපුරම කේන්ති යන්නේ ප්‍රදීප්ටද, එහෙමත් නැත්නම් ඕෂධීටද?
ඔය දේ ප්‍රදීප්ගෙන් ඇහුවොත් කියයි මට තරහ යනවා වැඩීයි කියලා. ඉතින් මට කියන්න වෙන්නේ ඒකේ අනෙක් පැත්ත. හැබැයි අපි දෙන්නාට තරහවෙලා ඉන්න බැහැ. අපි දෙන්නා ජීවත් වෙන්නේ හරිම සතුටින්, විනෝදයෙන් හරියට යාළුවෝ වගේ.
මෙතෙක් ගෙවුණු පවුල් ජීවිතයේදී තීන්දු තීරණ ගැනීමේදී දෙන්නා කටයුතු කරන්නේ මොන විදියටද?
කවදාවත් අපි තනි තීරණයක් අරගෙන වැඩ කරන්නේ නැහැ. හැම දේම හොඳට කතාබහ කරලා හොඳ තීරණයක් ගන්නවා. අපි දෙන්නට තීරණ ගැනීමේදී හොඳ අවබෝධයක් තිබෙනවා. ඉතින් හැම ප්‍රශ්නයකදිම අපි දෙන්න එකමුතු වෙලා වැඩ කරනවා.
දෙන්නා එකතුවෙලා චිත්‍රපටයක් කරන්න යන බව අපට ආරංචි වුණා?
ඔව්. මගේ කතාවකට අපි පිටපත ලියවාගත්තා. ප්‍රදීප් නෙමෙයි චිත්‍රපටය කරන්න හිටියේ. ප්‍රදීප්ගේ යාළුවෙක්. ඒත් පස්සේ ප්‍රදීප්ගේ යාළුවා කිව්වා චිත්‍රපට නිෂ්පාදනය කරන්නම්, ප්‍රදීප්ට චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න කියලා. දෙසැම්බර්වල එහි වැඩකටයුතු පටන් ගන්න තමයි සැලැසුම. ප්‍රධාන චරිතය මම රඟපානවා.
ඕෂධීට පසුගිය කාලේ සුවිශේෂ චරිතයක් ලැබුණා නේද? ඒ ගැන කතා කළොත්?
මට ඒ අවස්ථාව ලැබුණේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ ලොකිතා චරිතයෙන්. පළමු විජයබාහු රජුගේ මවගේ චරිතය මට කරන්න ලැබුණේ. එහි තිබෙන වැදගත්කම තමයි අවුරුදු 30ක පරාසයක ඉඳලා මම අවුරුදු 70 වයස පරාසයක් මගේ චරිතය ගලාගෙන යනවා. මම මහලු චරිතයක් රඟපාන පළමු අවස්ථාව.
දැන් ටෙලිනාට්‍යවල ඕෂධීව දකින්නම නැහැ. ආරාධනා අඩුද?
මම මෙගා ටෙලිනාට්‍යවල රඟපාන්න කැමැති නැහැ. මෙගාවලට යනවා නම් මගේ අයකිරීම පැත්ත ගැනත් මම හිතනවා. ඉතින් මම මේ වෙනකොට ටෙලිනාට්‍ය 60ක විතර රඟපාලා තියෙනවා. මට සිනමාව පැත්තෙන් ලොකුදෙයක් කරන්න බැරිවුණා. ඉතින් මගේ ආසාව තියෙන්නේ හොඳ චිත්‍රපට කිහිපයකට සම්බන්ධ වෙන්න තමයි.
දෙදරු මවක් වුණු ඕෂධී තවත් අමුත්තෙක් ගේන්න අදහසක් නැතිද?
මොකද නැත්තේ. මමයි, ප්‍රදීපුයි දරුවන්ට ගොඩක් ආදරෙයි. මම තවම තරුණයි. ඉතින් අපි දෙන්නම කැමැතියි තව දරුවෙක් හදන්න. කාලයත් එක්ක අපේ ජීවිතයට තවත් කිරිකැටියෙක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

අරන්තලාවේ භික්ෂු ඝාතනයෙන් බේරුණු බුද්ධසාර හිමි කියන කතාව

Next Post

TVS Lanka සමාගමේ නවතම ප්‍රදර්ශනාගාරය කුරුණෑගලදී විවෘත වේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.