TVS ලංකා සමාගම පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ සුප්‍රකට සමාගමක් වන නිව් ධර්මසිරි එන්ටප්‍රයිස් සමග ව්‍යාපාරික ගිවිසුමකට අස්සන් තැබීය. ඒ අනුව තවත් නවතම TVS යතුරුපැදි ප්‍රදර්ශනාගාරයක් අංක 121ඊ, පුත්තලම් පාර, කුරුණෑගල යන ස්ථානයේ විවෘත කෙරිණි.
එදින මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඔඪී ඛ්බන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා සහ නිව් ධර්මසිරි එන්ටප්‍රයිස් සමාගමේ සභාපති සංජීව ගුණසේකර මහතා ඇතුළුව, සමාගම් දෙක නියෝජනය කරන පිරිසක් සහ ප්‍රදේශය නියෝජනය කරමින් සම්භාවනීය ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.
එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින් TVS Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසීය “අපගේ සන්නාමය රටේ තරුණ පරපුර ආදරයෙන් වැළඳගත් සන්නාමයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම නව ප්‍රදර්ශනාගාරය මගින් අපට කුරුණෑගල ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට TVS සන්නාමය තවතවත් සමීප කරවීමට හැකියාව ලැබෙනවා. මෙම ප්‍රදර්ශනාගාරය සම්බන්ධයෙන් කුරුණෑගල ප්‍රදේශයේ ජනතාවගෙන් දැනටමත් විශාල ප්‍රතිචාරයක් පළවී තිබීම අපට විශාල සතුටක්. එමෙන්ම මෙම ප්‍රදේශයේ සියලුදෙනාටම ඉතාම ඉහළ මට්ටමේ සේවාවක් ලබාදීම සඳහා නව ප්‍රදර්ශනාගාරය ඉමහත් පිටුවහලක් වනු නිසැකයි”
එමෙන්ම ආරම්භක දිනයේදී පමණක් කුරුණෑගල TVS යතුරුපැදි ප්‍රදර්ශනාගාරයේදී යතුරුපැදි 20කට වැඩි ප්‍රමාණයක් අලෙවි විය. මෙය දිනක් ඇතුළත ප්‍රදර්ශනාගරයකින් අලෙවි වූ වැඩිම යතුරුපැදි සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි.