• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

එකම මගකට පියවර තිබ්බ පුන්සිරිගේ පොඩිදුව

October 31, 2020
in Heart
Reading Time: 2 mins read
A A
එකම මගකට පියවර තිබ්බ පුන්සිරිගේ පොඩිදුව
Share on WhatsAppShare on Facebook

සත්මිණි සොයිසා ගැන වැඩි දෙනෙක් දන්නේ නැතුව ඇති. නමුත් ඇය නව පුරපුරේ ගායිකාවක්. ඇයගේ පියා ප්‍රවීණ ගායන ශිල්පී පුන්සිරි සොයිසා. ඉතින් සත්මිණි සොයිසා පසුගියදා සද්ද-බද්ද නැතිව විවාහ කටයුතු සිදුකළා. ඇය ඉදිරියේදී ප්‍රසංග වේදිකාවෙන් එළිබහින්න සූදානම් වෙන බව ආරංචි වුණා. ඉතින් ඒ කරුණු සියල්ල දැනගැනීමට ඇයට අපි කතා කළේ මේ විදියට.
පසුගියදා සද්ද බද්ද නැතුව සත්මිණිගේ ජීවිතයේ වෙනසක් වුණා නේද?
ඔව්… මගේ විවාහ මංගල්‍ය කටයුතු සිද්ධ වුණා. පසුගිය 15 වැනි දින තමයි මගේ ජීවිතයේ ඒ සුන්දරම දවස උදාවුණේ.
රටේ තිබෙන මේ කොරෝනා වසංගතය නිසා ලොකු සැලැසුමක් නැතුව ඒ වැඩකටයුතු සිදුකරන්නට ඇති නේද?
එහෙම ලොකු සැලැසුමක් ඇතිව කරන්න මගේ කිසිම අදහසක් තිබුණේ නැහැ. ඉතාම චාම් විදියට චාරිත්‍ර-වාරිත්‍ර සිදුකළා. කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය කලාකරුවන් රැසක් සහභාගි වුණා. කොළඹ ගෝල්ෆේස් හෝටලයේ තමයි විවාහ මංගල්‍යයේ උත්සව වැඩකටයුතු සිදුකළේ.
ක්‍ෂේත්‍රවල අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක ඇයි ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්ම තෝරා ගත්තේ?
මම කලා ක්‍ෂේත්‍රයේම කියලා විශේෂ කෙනෙක් තෝරාගත්තේ නැහැ. නමුත් මගේ ජීවිතයේ උරුමක්කාරයා මට හිමි වුණා. අනෙක ඔය කියන තරම් හැමෝම එක වගේ නැහැ. මම පොඩි කාලේ ඉඳලා කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ ගොඩදෙනෙක් දැන හඳුනනවා. මගේ තාත්තා මේ ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය ගායක ශිල්පියෙක්. ඉතින් අපි දෙන්නාගේ අදහස් ගැළපෙන නිසා දෙන්නට දෙන්නා තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් නිසා. අපි දෙන්නා ආදරය කරන්න පටන්ගත්තා.
දෙදෙනාගේ ආදර කතාවේ ඇරැඹුමෙත් අපූරු සිද්ධීන් ඇති නේද?
මමයි, තාත්තයි ‘සියත’ රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වුණා. එතකොට ඔහුත් ඒ රූපවාහිනියේ වැඩකටයුතු කළේ. එතැනින් බැඳුණු ආදර කතාවක් තමයි.
ඔබේ ආදර පෙම්වතා ගැන දැනගන්න ගොඩදෙනෙක් කැමැති ඇති. ඒ ගැනත් කියමුකෝ?
මම කලින් කියූ පරිදි ඔහු මට මුණගැසුණේ ‘සියත’ රූපවාහිනියේදී. ඔහු මගේ සහකරුවා වෙන කොට ‘හිරු’ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන් සහාය නිෂ්පාදකවරයකු ලෙසට කටයුතු කරනවා. ඔහු තමයි රන්දුල නානායක්කාර.
කලාවට සම්බන්ධ කෙනෙක් හමුවුණු නිසා ඉදිරියේදී ඔබේ නිර්මාණකරණයට ලොකු සහායක් ලැබෙයි නේද?
මේ වෙනකම් මගේ පවුලේ අය තමයි මට උදවු කළේ. දැන් මට සැමියෙක් ඉන්න නිසා ඔහුගෙනුත් ලොකු සහායක් ලැබෙයි. ඔහුත් මට නිතරම කියන දෙයක් තමයි නිර්මාණ කරන්න කියලා.
ඇත්තටම සත්මිණි ඔබේ පියා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඒත් තවම ඔබේ හඬ අවදි කළේ නැහැ නේද?
තාත්තා සමඟ රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වුණා. මේ වන විට මම සින්දු දෙකක් කරලා තියෙන්නේ. ඉදිරියේදී මගේ ආදරණීය රසික, රසිකාවියන්ට එය තිළිණ කරනවා.
ප්‍රසංග වේදිකාවේ ගීත ගැයීමට අදහසක් නැතිද?
ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරනවාට තාත්තාගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ රාත්‍රි කාලයේ විවිධ ප්‍රදේශවලට යෑමට සිදුවන නිසා. ඉදිරියේදී එය වෙනසක් දකීවි. මගේ සැමියාත් ඉන්න නිසා ප්‍රසංග වේදිකාවට එන්න අදහසක් තිබෙනවා.
ප්‍රසංග වේදිකාවේ තාත්තාගේම ගීත ගායනා කිරීමටද අදහස?
තවම මගේ එහෙම අදහසක් නැහැ. මොකද තාත්තා තවම සින්දු කියන නිසා. කවදා හරි දවසක මම තාත්තාගේ ගීත ගායනා කරනවා. එය රැකගෙන යායුතු නිසා.
සත්මිණි ධනපාල උඩවත්තගේ පුතා සමඟ ලොකු හිතවත්කමක් තියෙනවා නේද?
එහෙම විශේෂ හිතවත්කමක් නැහැ. ගයාන් උඩවත්ත විතරක් නෙවේ ගයාන් ගුණවර්ධන, ලිහිණි හෙට්ටිආරච්චි වැනි නව පරපුරේ ගායක ශිල්පීන් සමඟ මම ගොඩාක් හිතවත්. සියලුමදෙනා මගේ යහළු, යෙහෙළියන් නිසා. මොකද ඒ ප්‍රවීණ කලා ශිල්පීන් මගේ තාත්තා සමඟ තිබෙන ළෙන්ගතුකම නිසා එයාලගේ දරුවෝ අපි සමඟ එකතුයි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මෙහෙම හුස්ම ගත්තොත් ඔබ දිනුම්

Next Post

රාජපක්ෂලා පොම්පෙ රම්පෙ කළාද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.