• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලා පොම්පෙ රම්පෙ කළාද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

October 31, 2020
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
රාජපක්ෂලා පොම්පෙ රම්පෙ කළාද? (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)
Share on WhatsAppShare on Facebook

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරුන් ලෝකේ වෙනත් රටවල්වල සංචාරයකට යන්නේ ඒ රටවල්වල තියෙන වැදගත්කම සලකා බලාය. නිකම් ආවාට ගියාට ඒ අය ලෝකේ රටවල්වල සංචාරය කරන්න යන්නේ නැත. අද ලෝකයේ ඉන්න බලගතුම පුද්ගලයා ලෙස සැලකෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාය. අමෙරිකානු ජනාධිපතිවරයාට පසුව එරට බලගතුම පුද්ගලයා ලෙස සැලකෙන්නේ රාජ්‍ය ලේකම්වරයාය.

කෙරීට මෛත්‍රි-රනිල් දුන් වෙල්කම් එක

ලංකාව නිදහස ලබා මේ වනවිට වසර 72ක් ගෙවී ගොස් ඇතත් ඒ ගෙවුණු අවුරුදු 72ක කාලය තුළ ලංංකාවට අමෙරිකානු රාජ්‍ය ලේකම්වරුන් පැමිණ ඇත්තේ දෙතුන් දෙනෙකි. වත්මන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝට පෙර ලංකාවට පැමිණි ආසන්නතම රාජ්‍ය ලේකම්වරයා ලෙස සැලකෙන්නේ ජෝන් කෙරීය. කෙරී ලංකාව ආවේ මෛත්‍රී-රනිල් එක්ව ආණ්ඩු කරපු යහපාලන ආණ්ඩු සමයේය. ඒ වෙලාවේ මෛත්‍රී-රනිල් ආණ්ඩුව කෙරීව පිළිගත්තේ දෙවි කෙනෙක් පිළිගන්නවා වාගේ ඉහලම රාජ්‍ය ගෞරව ලබා දෙමින්ය.කටුනායකින් කෙරී ගොඩ බහිද්දී කෙරීව පිළිගන්න පෙරමගට ගියේ වෙන කවුරුවත් නොව එවක්ට යහපාලන රජයේ විදේශ අමාත්‍ය මංගල සමරවීරය. මංගලට අමතරව ජනාධීපති මෛත්‍රීත් අගමැති රනිලුත් කෙරීව ඉතා ඉහළින්ම පිළිගත්හ.

කෝ දිනේෂ්…

සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයකුට හෝ රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකුට ඒ රට දෙන පිළිගැනීම මනින්න පුලුවන් හොදම මිම්ම වන්නේ ඒ නියෝජිතයා රටට ඇතුළු වනවිට ගුවන්තොටුපොළේදී දෙන පිළිගැනීමය. එහෙමත් නැතිනම් ‘වෙල්කම්’ එකය. එදා කෙරීව පිළිගන්න විදේශ අමාත්‍යවරයා විදිහට මංගල කටුනායකට ගිහින් ලොකු වෙල්කම් එකක් දුන්නත් අද පොම්පියෝ පිළිගන්න මේ ආණ්ඩුවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කටුනායකට ගිහින් සැදී පැහැදී සිටියේ නැත. දිනේෂ් වෙනුවට පොම්පියෝ පිළිගන්න කටුනායකට ගියේ වැඩිය කවුරුත් දන්නේ නැති ආගන්තුකයෙක් වෙච්ච නියෝජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියය.

ඇත්තටම බාලසූරිය ලවා පිළිගැනීම සිදුකරගන්න ලැජ්ජ හිතිලදෝ පොම්පියෝ කටුනායකදී වැඩියෙන්ම පිළිගත්තේ මෙරට අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් දුන් පිළිගැනීමය. ලංකාවට ඇතුළුවීමෙන් පසු පොම්පියෝ තැබූ පළමු ට්විටර් පණිවුඩයෙන්ම ස්තූති කර තිබුණේ තමන්ට හොද පිළිගැනීමක් දුන් බව කියමින් ටෙප්ලිට්ස්ටය. හැබැයි පොම්පෙ මේ සංචාරයේදී ගිය අනෙක් කිසිදු රටකදී මෙහෙම නවනිංගිරාවකට මුහුණ දුන්නේ නැත. පොම්පියෝ මේ සංචාරයේදී ඉන්දියාව, මාලදිවයින ඇතුලු රටවල් කිහිපයකටම ගොඩබහිද්දී ඒ රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු ඉහළම පෙළේ රාජ්‍ය නියෝජිතයන් ගුවන්තොටපොළට වී පොම්පෙව පිළිගන්න සැදී පැහැදී සිටියහ. ඒ නිසාම පොම්පෙ තමන්ට ඒ රටවල ගුවන්තොටුපොළේදී දුන් වෙල්කම් එකට ඒ ඒ රටවල ආණ්ඩුවලට ට්විටර් පණිවුඩ තබමින් ස්තූති කළා විනා ඒ රටවල සිටින තමන්ගේ තානාපතිවරුන්ට ස්තූති කරන්න ගියේ නැත. ඒකෙන් පේන්නේ ගෝඨාගේ ආණ්ඩුව පොම්පෙට දුන්නේ කුඩම්මාගේ සැලකිලි කියන එකය. එහෙමත් නැත්නම් ගෝඨාගේ ආණ්ඩුව පොම්පෙ පිළිගත්තේ එපා වහෙට හොදි බෙදන්නා වගේය.

‘මහින්ද පොම්පෙව මගහැරියාද?

අනෙක් අතට පොම්පියෝගේ කාලසටහනේ තිබ්බ අනෙක් වැදගත්ම කරුණ වූයේ ගෝඨා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාවට අගමැති මහින්දද සහභාගී වීමට නියමිතව තිබිණ. ජාත්‍යන්තර මාධ්‍ය පවා මහ ඉහළින් එය වර්ණනා කර තිබුණු අතර ඒ මාධ්‍ය වාර්තාවලද සදහන්ව තිබුණේ ගෝඨයි-මහිනද්යි එකට පොම්පෙව හමුවෙනවා යැයි කියාය. හැබැයි පොම්පෙ ජනාධිපති මන්දිරයට එද්දී මහින්ද එහි හිටියේ නැත. ඒ වෛනුවට ගෝඨා විතරක් සාකච්ජාවට එක්වී සිටියේය.

ඒ සාකච්ජාවේ හිටියේ නැතත් අඩුම තරමින් පොම්පෙ පාස්කු ප්‍රහාරයෙන් මියගියවුන් සිහිකරන්න කොච්චිකඩේ පල්ලියට යද්දී ඒ යන ගමනටවත් මහින්ද එයි කියා හැමෝම සිතූහ. මොකද ඉකුත් වතාවේදී ඉන්දීය අගමැති ලංකාවට පැමිණ පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ජාවලින් පසු මෝඩිත් මේ වගේම කොච්චිකඩේ පල්ලියට ගියේය. ඒ ගිය ගමනට එවකට අගමැති රනිල්ද මෝඩි සමග එක්ව සිටියේය. ඒ නිසා මේ වතාවේ පොම්පෙ සමග අගමැති විදිහට මහින්ද එක්වනු ඇති බව හැමෝම සිතුවද මහින්දගේ මුහුණ එතනදිවත් දැකගන්නට ලැබුණේ නැත. කතාව නම් යන්නේ මහින්ද පොම්පෙව හමුවෙන එක වුවමනාවෙන්ම මගහැරියා යැයි කියාය.

මහින්ද එදා කරපු දේ…

මහින්ද මේ විදිහට තමන් හමුවෙන්න අකැමැති රාජ්‍යතාන්ත්‍රිකයන් මගහැර සිටි පළමු අවස්ථාව මෙය නොවේ. වරක් යුද ජයග්‍රහණයෙන් පසු මේ විදිහටම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළම ප්‍රධානියෙක් මහින්දව මුණගැසීමට ලංකාවට ආවේය. හැබැයි මහින්ද මේ අමෙරිකානු ප්‍රධානියාව මුණ ගැහෙන්න එතරම් කැමැත්තක් මුලසිටම දැක්වූයේ නැත. කොහ‌ොමහරි ඒ අමෙරිකානු ප්‍රධානියා ලංකාවට එද්දී මහින්ද ලංකාවේ සිටියේ නැත. ඒ වනවිට මහින්ද සිටියේ විදෙස් සංචාරයකට සහභාගි වෙන්න රටින් පිටවෙලාය. ඒ වෙලාවෙදිත් කතාව ගියේ මහින්ද මේ අමෙරිකානු ප්‍රධානියා හමුවීම මගහරින්න වුවමනාවෙන්ම රටින් පිට වූවා යැයි කියාය.

හැබැයි ඒකෙන් මහින්ද එදා මුලු ලෝකෙටම එක පණිඩුඩයක් දුන්නේය. ඒ, ලංකාව කියන්නෙත් අනෙක් හැම රටක් වගේම ස්වෛරී බවින් යුතු ජාතියක් යැයි කියාය. මහජාතියක් මිස පුංචි ජාතියක් නොවේ යැයි කියයා.

ගෝඨා දුන් කනේ පාර

අනෙක පොම්පෙ ලංකාවට ආවේම තමන්ගේ යටත්විජිතයකට එනවා වාගේ හැගීමක් ලෝකෙට දෙමින්ය. ලංකාවට එන්න කලින් පොම්පෙ අමෙරිකාවේදී මාධයයට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ චීනය යනු අසාමාන්‍ය ලෙස අනෙක් රටවලට ණයබර පටවමින් ඒ රටවල් යටත් කරගැනීමට කටයුතු කරන රටක් බවත්, ලංකාව මේ චීන ණය උගුලෙන් ගැලවීමට පියවර ගත යුතු බවත්ය.

ඒ විතරක් නොව ලංකාවට පැමිණි පොම්පෙ ප්‍රසිද්ධියේම කියා සිටියේ චීනය කියන්නේ විලෝපිත ආක්‍රමණිකයකු බවත්, ලංකාව මේ ආක්‍රමණිකයාගෙන් ගැලවිය යුතු බවත්ය. ඒ හරහා පොම්පෙ ලෝකෙට පෙන්නුවේ මම කියන හැම දෙයක්ම පිළිගැනීමට ලංකාව සැදී පැහැදී ඉන්නවා යැයි කියාය.

හැබැයි ගෝඨා පොම්පෙගේ කනට ගැහුවා වාගේ තිබ්බ ද්විපාර්ශ්වික සාකච්ජාවලදී පොම්පෙගේ මූණටම කියා සිටියේ ලංකාව චීන ණය උගුලක සිරවී නැතැයි කියාය. ලෝකය සමග ගනුදෙනු කිරීමේදී ස්වාධීනව එම කටුයුතු සිදු කිරීමට ලංකාවට නිදහස තිබිය යුතු යැයි කියාය. එතැනින් නොනැවතුණු ගෝඨාා එදින සවසම සිය මාධ්‍ය ඒකකය හරහා නිවේදනයක් නිකුත් කරමින් ලංකාව චීන ණය උගුලක සිරව නැති බව කියා සිටියේය. ගෝඨා ඒකෙන් ලෝකෙටම පෙන්නුවේ පොම්පෙ ලංකාවට එන්න කලින් දුන් ‘පොරටෝක්’ ලංකාව සතපහකට ගණන් ගන්නේ නෑ කියන එකය.

රාජපක්ෂලා පරණ වාඩුව ගත්තාද

මහින්ද ආන්ඩු කරපු කාලයේ අමෙරිකාව හරියට මහින්දට අරියාදු කළේය. යුද්ධය දිනපු ඉරිසියාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ලවා මහින්ද යුද අපරාධකාරයෙක් හැටියට හංවඩු ගැහුවේය. ලංකාවේ හමුදාව යුදු අපරාධ කළ බව කීවේය. ලංකාවේ නිලධාරීන්ට රටට ඇතුල්වීම පවා අමෙරිකාව තහනම් කළේය. එතෙකින් නොනැවතී 2015දී මහින්දව පරාද කොට රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යවන්න පවා අමෙරිකාව තිරය පිටුපස සිට විශාල වැඩකොටසක් කළේය. එදා අමෙරීකාව විතරක් නොව හැමෝම හිතුවේ රාජපක්ෂලා ඉවරයි කියාය.

හැබැයි දැන් රාජපක්ෂලා ගෙදර යවා අවුරුදු 5ක් ගිය තැන දෛවයේ සරදමකට මෙන් අමෙරිකාවට ආපහු සැරයක් රාජපක්ෂලාගේ කකුල් දෙක ළගටම එන්න සිදුවී තිබේ. ඒ චීනයට එරෙහි අමෙරිකා සටනේ ඉත්තකු බවට ලංකාව පත්කරගන්නටය. ඒ ආපු අමෙරිකාවට රාජපක්ෂවරු නොකියා කීවේ උඹලා අපට චීනෙ ළංකරගන්න එපා කීවත් අපේ වැඩ ටික කරගන්න අපිට චීනෙ වුවමනා කරනවා කියලාය. ඒ පණිවුඩය පොම්පෙ තේරුම් නොගත්තා නම් පුදුමය.

පොම්පෙ රම්පෙ වුණාද

‘ඒ කියන්නේ රාජපක්ෂවරු 2015 වාඩුව අමෙරිකාවෙන් ගත්තා කියන එකද? එහෙමත් නැත්නම් අමෙරිකාවෙන් තමන්ගේ වැඩේ අරගෙන පොම්පෙ රම්පෙ කෑල්ලක් ගානට විසිකරලා දැම්මා කියන එකද?’

රමේපෙ කියන්නෙත් කරපිංචා වගේම හොද්දට අරගෙන විසිකරලා දාන එකකි. රාජපක්ෂලාත් 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාගේ අමෙරිකානු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගන්න අමෙරිකාවේ සහයෝගය අරගෙන දැන් අමෙරිකාවට මතක හිටින පාඩමක් උගන්වා තිබේ. ඉතින් රාජපක්ෂලා පොම්පෙ රම්පෙ කළා කියන කතාව වැරදි යැයි කියන්න කාටවත්ම බැරිය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

එකම මගකට පියවර තිබ්බ පුන්සිරිගේ පොඩිදුව

Next Post

ඔබේ නිවෙස සුරකින සැඟවුණු බලවතා

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.