• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මෙහෙම හුස්ම ගත්තොත් ඔබ දිනුම්

October 31, 2020
in Astrology
Reading Time: 1 min read
A A
මෙහෙම හුස්ම ගත්තොත් ඔබ දිනුම්
Share on WhatsAppShare on Facebook

ජ්‍යොතිෂයෙන් බැහැරව වෙනත් ශාස්ත්‍රයක් ගැනයි මේ කතා කරන්න හදන්නේ. පැරැන්නන් විසින් නොයෙක් අවස්ථාවලදී ජය, සාර්ථකත්වය, සුවය උදෙසා “නළ ශාස්ත්‍රය” භාවිතා කළ බව පැවසෙනවා. නළ ශාස්ත්‍රය යනු හුස්ම ගැනීමේ ශාස්ත්‍රයයි. මේකත් ශාස්තරයක්දැයි ඔබට සිතෙනවා විය හැකියි. හුස්ම නොගන්නා අයෙක් මෙළොව නෑ. ඔබත් මමත් සියලු දෙනාමත් හුස්ම ගන්නවා. එහෙත්, අපි කරන කියන, පුරුදු පුහුණු කළ බොහෝ දේ තුළ අප නොදන්නා සැඟවුණු රහස් එමටයි. අද හැම දෙයක්ම යන්තර සූත්තර, පෙති කරල් මගින් කරගන්නා නමුත් පැරැන්නන් සතුව ස්වභාවික ශාස්තර විධි තිබුණි. සිතට කයට හානියක් නොවන අයුරින් සියලු දේ හිතේ හැටියට සාර්ථක කර ගත්තේ ඔවුන් සතුව පැවති විශේෂඥ ඥානය මගිනි. රජතුමාගේ අන්තඃපුර කතුන් සියලු දෙනා ගැබ් ගත්තානම් රජතුමා උභතෝකෝටික ගැටලුවකට මුහුණ පානවා නිසැකයි. එහෙත් එහෙම වුයේ නැත. ස්වභාවික වූත්, මනා වූත් උපත් පාලන විධි එකල පැවති බව සැබෑය.එමෙන්ම බොහෝ ස්වභාවික විධි, උපායන් නොයෙක් කටයුතු සාර්ථක කර ගැනීමෙහිලා භාවිතා කොට ඇත. ඉන් එක් ක්‍රමයකි නළ ශාස්ත්‍රය.

පුරාණයේ විසූ වෙද පඬිවරු විසින් මිනිස් සිරුරේ සුඛිත භාවයත් ප්‍රාණවත් බවත් උදෙසා නළ ශාස්ත්‍රය පුරුදු පුහුණු කළ බව පැවසෙනවා. ශරීරයේ ඇතුල් ගත සියලු අංගයන්ගේ නිසි ක්‍රියාකාරිත්වයට හුස්ම ගැනීමේ කාර්යය පරම හේතුවක් බැවින් හුස්ම ගැනීමේ කාර්යය නිසි ලෙස පවත්වා ගැනීම නිරෝගී බව ලැබීමටත්, දීර්ඝායුෂ ලැබීමටත් හේතුවෙනවා.

ආශ්වාස ප්‍රශ්වාස කිරීම හැම විටම නාස් පුට දෙකෙන්ම සිදු නොවෙයි. ටික වේලාවක් පරීක්ෂාකාරිව සිටින විට ඔබට ඒ බව වැටහෙනු ඇත. ආශ්වාස ප්‍රශ්වාසය දිවා රෑ දෙකෙහිම දකුණු නාස් පුටයෙනුත් වම් නාස් පුටයෙනුත් මාරුවෙන් මාරුවට වෙනස් වෙමින් සිද්ධ වන්නේය. දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සූර්යාගේ ශක්තිය හේතුවෙනුත්, වම නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම සඳුගේ ශක්තිය හේතුවෙනුත් සිදුවන බව පුරාතන ඉසිවරුන්ගේ මතයයි.

කාල යන්තර නොතිබුණු කාලයේ දැහැන් වඩන තපස්වී වරුන් තම ආශ්වාස ප්‍රශ්වාස මිම්මෙන් මේ අසවල් වේලාව යැයි නිවැරදිව වේලාව පැවසීමටද සමර්ථව සිටි බව පැවසෙනවා. දැන් වුවද හුස්ම ගැනීමේ කාර්යය නිවැරදිව පුරුදු පුහුණු කරන අයෙකුට ඒ ඒ නාස් පුටයෙන් කෙරෙන ආශ්වාස ප්‍රශ්වාසය අනුව කාල වේලාව නිවැරදිව දැනගැනීමට හැකිවෙනවා.

පුර දියවක තිථිය පටන්ගැන්මේදී වම් නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම ඇරඹෙන අතර පැයකින් පසුව දකුණු නාසා පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කාර්යය ඇරඹෙනවා. මෙම නියම ක්‍රමය වෙනස්වීම ශරීරාබාධයන්ට ලක්වීමට හෝ අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දීමට හේතු වන බව පුරාණාචාර්යවරුන්ගේ මතයයි. නමුත් මෙම ශාස්තරය දන්නා අයෙකුට තම යහපත සැලසෙන ආකාරයට ආශ්වාස ප්‍රශ්වාසය පවත්වා ගැනීමට හැකිවෙනවා.

යම් කෙනෙකුට දකුණු නාස් පුටයෙන් හුස්ම ගැනීමට උවමනා නම් ලේන්සුවක් හෝ එවැනි වෙනත් යමක් ගුළි කොට වම නාසා පුටයේ තබා අතේ මහපට ඇඟිල්ලෙන් තදකරගෙන සිටිය යුතුයි. එවිට හුස්ම ගැනීමේ කාර්යය දකුණු නාසා පුටයට මාරු වෙයි. එමෙන්ම වම් නාස් පුටයෙන් හුස්ම ගැනීම සිදුකිරීමට උවමනා වූ විට දකුණු නාස් පුටය සිර කර තබා ගත යුතුය.

ශිල්ප ආරම්භයේදී, ගෙවල් සෑදීමට මුල්ගල තබන අවස්ථාවේදී, ගමන් ආරම්භයේදී, රාජ මහාමාත්‍යාදීන් හමුවන අවස්ථාවලදී, ස්ත්‍රී පුරුෂයින් සමග මිතුරු වන අවස්ථාවලදී, වෙළෙඳ, රැකියා කටයුතු පටන් ගන්නා අවස්ථාවලදී, නිවෙසකට ගෙවදීමේදී ආදී විශේෂ කටයුතුවලදී වම් නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීම ඒ ඒ කටයුතු සාර්ථක වීමට හේතුවෙනවා.

ශෝකයක්, කනස්සල්ලක්, දුකක් ඇති වූ විට මෙන්ම විපතක් සිදු වූ අවස්ථාවක දී වම් නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාසය සිදු කිරීමෙන් දරාගැනීමේ හැකියාව ඇතිවන අතර කනස්සලුගතිය දුරු වී සැනසිලිදායක ගතියක් ඇතිවෙනවා.

සතුරන් මර්දනය කිරීම, අනුන් තමන්ට යටත් කර ගැනීම, නඩුවලට මුහුණදීම, විවාද කිරීම, සටන් කිරීම ආදී කටයුතුවලදී දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමෙන් ජය අත්වෙනවා.
කාම සේවනයේදී දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාස කරන්නට සලස්වා ගැනීමෙන් කාම ශක්තිය ඇතිවන බවත් බලවත් සතුටට පත්වීමට හැකි වන බවත් පුරාණාචාර්යවරුන් පවසා තිබෙනවා.

ක්‍රීඩා කටයුතුවලදීද දකුණු නාසයෙන් ආශ්වාස ප්‍රශ්වාසය සිදු කළ යුතුයි. ජය අත් කර ගැනීමේ අදහසින් කරන සෑම කටුත්තකදීම දකුණු නාස් පුටයෙන් ආශ්වාස ප්‍රශ්වාසය සිදුකිරීම වාසිදායක වෙනවා.

නළ ශාස්තරය ඇතැමුන්ට විමතියට කරුණක් විය හැකි නමුත් පෙරදිග ඉපැරණි ශිල්ප ශාස්තර ආදිය වැඩිපුරම අත්හදා බලන්නේත්, ඒවායින් නිසි ඵල ලබන්නේත් බටහිර ජාතීන්ය. ඉංගිරිසි පාලන සමයේදී මෙරටින් එරටට රැගෙන ගිය ලක්ෂ ගණනක් වූ පුස්කොළ පොත් නැවත මෙරටට ගෙන්වා ගැනීමට බොහෝ දෙනෙක් උත්සාහ කර ඇති නමුත් එය සාර්ථක වී නැත. ඒවායේ ඇති ශිල්ප ශාස්තර, ගුප්ත වෙදකම් ආදියේ වටිනාකම දන්නා බැවින් ඔවුන් ඒවා නැවත මෙරටට නොදෙයි. මෙම නළ ශාස්තරයද පැරණි වටිනා ස්වභාවික ශාස්තරයකි.
ජ්‍යොතිෂවේදී සංජීව කුළුපනබණ්ඩාර

SendShareShare
Previous Post

පොම්පෙ 69 ලක්ෂයේ හුළං බැස්සුවාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

එකම මගකට පියවර තිබ්බ පුන්සිරිගේ පොඩිදුව

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.