ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ද්විපාර්ශ්වික ආර්ථික ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනයට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමකගේ සහභාගිවී තිබෙනවා. Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉන්දීය විදේශ ලේකම් විනායි ක්වත්‍රා සමඟ නවදිල්ලි නුවරදී පවත්වනු ලැබුවා.
එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළ මත එකඟත්වයට පැමිණි ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීමට දෙරටටම හැකියාවක් තිබෙන බවයි එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයා පවසා ඇත්තේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දී කඩිනම් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ අවශ්‍යතාවක් යැයි පැවසූ සාගල රත්නායක මහතා එහිදී ඉන්දියාව සමඟ පවතින ආර්ථික ඒකබද්ධතාව වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව බවද එහිදී සඳහන් කළා.