ජනාධිපතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවීම දක්වා වූ කාලසටහනක් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය මේ වන විට සකස් කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව, එම පක්ෂ දෙකම අනුමාන කරන්නේ බොහෝ දුරට ජනාධිපතිවරණය ඔක්තෝබර් 12 වැනි දින පවත්වනු ඇති බවය. ඒ අනුව, නව ජනාධිපතිවරයා ඔක්තෝබර් 14 වැනි දින දිවුරුම් දීමට නියමිතව තිබේ.
ඉන් අනතුරුව එදිනම කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමටත්, ඔක්තෝබර් 15 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් මෙම පක්ෂ දෙකම කාලසටහන් සකස් කර ඇති බව දැනගන්නට තිබේ.