ගොවියා, වී මෝල්හිමියා සහ පාරිභෝගිකයා යන පාර්ශව තුනම ආරක්‍ෂා කරමින් වර්තමාන සහල් මිල නියම කළ බවත් වෙනත් ඕනෑම දේකට වඩා රටේ නීතිය ඉහළට යැයි සියලු දෙනා මතකයේ තබාගත යුතු බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
රුපියල් 32 කට තිබූ වී කිලෝවක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දැමුවේ ගොවියා ආරක්‍ෂා කිරීමට බවත් වී මෝල්හිමියාගේ වියදම පිළිබඳව සළකා සහල් කිලෝවකට රුපියල් 96 ක මිලක් ලබාදී එය මේ වන විට රුපියල් 98 දක්වා ඉහළ දමා ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙම මිල තීරණය කිරීමේදී ගොවියන්, වී මෝල්හිමියන් සහ පාරිභෝගිකයන් යන සියලු දෙනා සමඟ සාකච්ඡා කළ බව කී රාජ්‍ය අමාත්‍යවරයා එයට පිටින් කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් එය රටේ නීතියට එරෙහිවීමක් බවත් සඳහන් කළේය.
සහල් ව්‍යාපාරිකයන් පාලන මිලට සහල් සැපයීමට විරෝධය දැක්වීම පිළිබඳව අදහස් දක්වමින් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එසේ පැවසීය.