ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැදවච්චිය ආසන සංවිධායක මෙන් ම හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරලියද්ද මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් (16) සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News
ඒ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 190 වැනි අදියට යටතේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ගෝනුහද්දෙනාව විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව ය.
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යධුරයේ ද දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබේ.









