තවත් කොවිඩ් මරණ 131ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
ඊයේ (09) දින තහවුරු කර ඇති එම මරණ 131ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 58 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 73 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ.