• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නම පාවිච්චි කරලා කරපු බොරු මත විමසුමක් අතේ පත්තු වෙයි! බොරුවක් බව ඔප්පු වෙයි! මේවට රැවටෙන්න එපා!  I Sri Lanka Latest News

May 17, 2024
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත පක්ෂ නායකයින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත කවරේද යන්න පිළිබඳ අනුමාන කිරීමට  නොයෙකුත් සමීක්ෂණයන් විවිධ මාධ්‍ය ආයතන/සංවිධාන විසින් පසුගිය කාලය පුරාවටම සිදුකරමින් පවතින අතර ඒවා ඇසුරින් නිර්මාණය වූ සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම සංසරණය වනවා. එලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් ලෙස සඳහන් කරමින් පළවූ සටහන් පෙළක සත්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.Sri Lanka Latest News

සමාජ මාධ්‍ය සටහන් :

“UNHCR Sri Lanka වාර්තාව පැයක් යන්නත් කලින් ලීක් වේ. 2024 සජිත්ට ජය. මාලිමාවට 339%ක ඡන්ද වර්ධනයක්. මිලියන දෙකකට වැඩි ඡන්ද දායකයන් සමීක්ෂණයට. පොහොට්ටුව බිඳ වැටෙයි.”  යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන සමඟ යොමු කර තිබූ ලිපියේ සඳහන් වූයේ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා ශාඛාව (United Nations High Commissioner for Refugees – Sri Lanka) විසින් සිදු කළ සමීක්ෂණයක වාර්තාව, ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට යොමු කිරීමටත් පෙර, පිටතට ලැබී තිබූ බවයි.

“මෙම වාර්තාව, විශ්ව විද්‍යාලයීය සිසුන් 330 දෙනෙක් විසින් දින 20ක් පුරා කල සමීක්ෂණයක් බව එහි සඳහන්. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයක්ම, සෑම මැතිවරණ ආසනයක්ම නියෝජනය කරමින් ජනතා අදහස් ලබා ගත් බවත්, සෑම ජන වර්ගයක් වගේම, සෑම වෘත්තීය භාවයන් උසුලන පුද්ගලයන්ද මෙම අදහස් විමසීමට ලක් කරන ලද බව ඔවුන් මෙම වාර්තාවේ පවසා සිටිනවා. පිටු විසි අටකින් සමන්විත මෙම වාර්තාව තුල පහතින් සඳහන් කරුණු සනාත වෙනවා.

මෙම වාර්තාවට අනුව එළැඹෙන ජනපතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ 36.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. 2019 ජනපතිවරණයේදී ඔහු ලබාගත් ප්‍රතිශතය 41.19%ක්. ඒ අනුව ඔවුන් 4.88%ක පසු බෑමක් පෙන්නුම් කරනවා.

ඔවුන් සමඟ කරට කර සිටිමින් ඊලඟට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවට ඔවුන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ 34.53ක් ලබා ගනිමින්. 2019 ජනපතිවරණයේදී, පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 52.25%ක්. අද වනවිට ඔවුන් 17.72%ක දැවැන්ත පසු බෑමක් පෙන්නුම් කරනවා. 

16.35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තෙවැනි තැන රැඳී සිටින්නේ, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයයි. 

10.59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිව්වැනි තැන සිටින්නේ ජාතික ජන බලවේගයයි. පසුගිය ජනපතිවරණයේදී ඔවුන් ලබා ගත්තේ 3.16%ක ප්‍රතිපලයක්. එම ප්‍රතිපලය 2019ට සාපේක්ෂව 339%ක වර්ධනයක්.

මෙම වාර්තාවට අනුව කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ, පොලොන්නරුව, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ජයග්‍රහණය හිමිවන්නේ සමගි ජන බලවේගයට. ඒ වගේම නුවර එළිය, යාපනය, වන්නි, ත්‍රීකුණාමලය, දිගාමඩුල්ල, මඩකලපුව දිස්ත්‍රික්කවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිතයි. කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, මොණරාගල දිස්ත්‍රික්කවල ජයග්‍රහණය හිමි කරගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව UNHCR Sri Lanka සඳහන් කරනවා.”

අරගල News නමැති එම වෙබ් අඩවියේ පළ වූ ඉහත වාර්තාව මෙසේය.

UNHCR Sri Lanka වාර්තාව ලීක් වේ. 2024 සජිත්ට ජය. මාලිමාවට 339%ක ඡන්ද වර්ධනයක්..

 May 13, 2024

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිදුකල අපූර්වතම සමීක්ෂණයක වාර්තාව, ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට යොමු කිරීමටත් පෙර, පිටතට ලැබී තිබේ. ඒ මේ රටේ ඉහලම බුද්ධි නිලධාරියෙක් වෙත බව වාර්තා වේ. එම වාර්තාව අප වෙත ලැබෙන්නට ගියේ තවත් විනාඩි 30කටත් අඩු කාලයක්.

මෙම වාර්තාව, විශ්ව විද්‍යාලයීය සිසුන් 330 දෙනෙක් විසින් දින 20ක් පුරා කල සමීක්ෂණයක් බව එහි සඳහන්. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයක්ම, සෑම මැතිවරණ ආසනයක්ම නියෝජනය කරමින් ජනතා අදහස් ලබා ගත් බවත්, සෑම ජන වර්ගයක් වගේම, සෑම වෘත්තීය බාවයන් උසුලන පුද්ගලයන්ද මෙම අදහස් විමසීමට ලක් කරන ලද බව ඔවුන් මෙම වාර්තාවේ පවසා සිටිනවා. පිටු විසි අටකින් සමන්විත මෙම වාර්තාව තුල පහතින් සඳහන් කරුණු සනාත වෙනවා.

මෙම වාර්තාවට අනුව එළැඹෙන ජනපතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ 36.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. 2019 ජනපතිවරණයේදී ඔහු ලබාගත් ප්‍රතිශතය 41.19%ක්. ඒ අනුව ඔවුන් 4.88%ක පසු බෑමක් පෙන්නුම් කරනවා. ඔවුන් සමඟ කරට කර සිටිමින් ඊලඟට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවට ඔවුන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ 34.53ක් ලබා ගනිමින්. 2019 ජනපතිවරණයේදී, පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 52.25%ක්. අද වනවිට ඔවුන් 17.72%ක දැවැන්ත පසු බෑමක් පෙන්නුම් කරනවා. 16.35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තෙවැනි තැන රැඳී සිටින්නේ, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයයි. 10.59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිව්වැනි තැන සිටින්නේ ජාතික ජන බලවේගයයි. පසුගිය ජනපතිවරණයේදී ඔවුන් ලබා ගත්තේ 3.16%ක ප්‍රතිපලයක්. එම ප්‍රතිපලය 2019ට සාපේක්ෂව 339%ක වර්ධනයක්.

මෙම වාර්තාවට අනුව කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ, පොලොන්නරුව, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ජයග්‍රහණය හිමිවන්නේ සමගි ජන බලවේගයට. ඒ වගේම නුවර එළිය, යාපනය, වන්නි, ත්‍රීකුණාමලය, දිගාමඩුල්ල, මඩකලපුව දිස්ත්‍රික්කවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිතයි. කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, මොණරාගල දිස්ත්‍රික්කවල ජයග්‍රහණය හිමි කරගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව UNHCR Sri Lanka සඳහන් කරනවා.

පහතින් දැක්වෙන්නේ, එම සවිස්තරාත්මක වාර්තාවයි.

එම තොරතුරු ඇතුළත් කරමින් පළව තිබු තවත් සටහනක් පහතින්.

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින්, මෙලෙසින් එළඹෙන ජනපති මැතිවරණය ඉලක්ක කරගනිමින් මැතිවරණය ජයග්‍රහණය සම්බන්ධ සමීක්ෂණයක් සිදු කළ බවට පරීක්ෂා කළත්, එවැනි සමීක්ෂණයක් සිදු කළ බවට සහය දක්වන කිසිදු නිල තොරතුරක් පිළිබඳ අනාවරණය නොවුණි.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිදු නොකළ බවත්, එය සම්පූර්ණයෙන් ම ව්‍යාජ ඉදිරිපත් කිරීමක් බවත්, දක්වමින් ඔවුන් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

තවද පසුගිය ජනාධිපතිවරණ වලදී මෙලෙසින් සමීක්ෂණක්, ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කිසිවක් විසින්  සිදු කර තිබුණේ ද යන්නයි. නමුත් එවැනි සමීක්ෂණයක් සිදු කළ බවට පිළිගත හැකි නිල තොරතුරුක් හෝ දැක ගන්නට නොලැබේ.

එසේම සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් විශේෂයන්ම මෑතකාලීන සිදුකෙරෙන ව්‍යාපෘති පිළිබඳව හෝ තොරතුරු දැක ගැනීමට නොලැබෙන අතර ඉහත එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ශාඛාවේ නිවේදනයෙන් ද දැක්වෙන්නේ ද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කිසිවක් අවශ්‍ය නම් සිය නිල කාර්යාලය සමඟ ඊමේල් හරහා සම්බන්ධ වන ලෙසයි.

අප මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

factcrescindo

SendShareShare
Previous Post

ශ්‍රීලනිපයේ රජරට පතාක යෝධයා හිටපු ඇමැති තිස්ස කරලියද්දත් සජිත්ට එකතු වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

පාසල් සිසුන් දෙදෙනකු ඇතුලු තිදෙනෙක් මියගියා! 50ක් තුවාල ලැබුවා! රතුපස්වල ‌වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තැබීමේ නඩුවෙන් හිටපු මේජර් ඇතුලු සැකකරුවන් 4ක් නිදොස් කොට නිදහස්! I Sri Lanka Latest News

MORE NEWS

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

Load More
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මවට තග දමා දුවව උස්සපු කල්ලිය - මෙන්න සාක්ෂිත් එක්කම Sri Lanka Latest News

Read more
මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.