• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මීගමුව ගිනිගතත් රාත්‍රිය…

May 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මීගමුව ගිනිගතත් රාත්‍රිය…
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන්නේ මැයි 09 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් නෙවෙයි. 09 වැනිදා සිදුවීම සම්බන්ධ බොහෝ කරුණු කාරණා ඔබ දන්නවා. නමුත් 09 වැනිදා සිදුවීමට සමානව සමාන්තරව මීගමුවේදී සිදුවූ සිදුවීම් වැල සහ ඒ සම්බන්ධව ඇති දුර්මත දුරුකිරීමේ අදහසකින් තමයි මේ ලිපිය අප ලියන්න උත්සාහ කරන්නේ. නමුත් මේ ලිපිය ලිවීම සඳහා අප බොහෝ කරුණු කාරණා එක්රැස් කරගත්තේ නිල වශයෙන් නම්ගම්වලින් හෙළිකළ හැකි පුද්ගලයන්ගෙන් නොවේ. අප මේ සම්බන්ධව බොහෝ දේ සොයා මීගමුවේ බොහෝ තැන්වල සැරිසැරූ අතර මේ සිදුවීම්වලට මුහුණදුන්, පහරකෑම්වලට ලක්වුණු සහ සිදුවීම් ඇසින් දුටු බොහෝ දෙනෙක් අප හා කී කරුණු සමග මේ සිදුවීම් සියල්ල ගළපා අප විසින් මෙම ලිපිය සකස් කරනු ලැබේ. ඒ නිසා මේ ලිපියේ ඇති බොහෝ දේවල් සම්බන්ධව ඔබට තියෙනවා නම් ඒ එසේ නොවේ යැයි අදහසක්, එය පවසන්නට ඔබට හැකියාව තියෙනවා. නමුත් මේ ලිපියට අපි සමහර කරුණු කාරණා අන්තර්ගත කරද්දී විශ්වාස කළ හැකි තොරතුරු පමණක් අන්තර්ගත කරලා අවිශ්වාස කටයුතු තොරතුරු නොලියා ඉන්න තීරණය කරපු නිසා ඔබට මේවායේදී පූර්වාපර සිද්ධි ගැළපීම සම්බන්ධ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. නමුත් මේ කතන්දර බොහෝ දුරට විශ්වාස කළ හැකි පුද්ගලයන් විසින් අපට පැවසූ කාරණායි.

මැයි 09 වැනිදා ඇවන්රා හෝටලයට, ග්‍රෑන්ඩ්ඩීසා හෝටලයට, නිමල් ලන්සාගේ නිවෙස ඇතුළු ප්‍රධාන දේශපාලකයන්ගේ නිවාස සහ ගොඩනැගිලිවලට හෝටල්වලට ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම ඉන්දික අනුරුද්ධ මහත්මයාගේ මීගමුවේ නිවෙසටත් පහර දෙනවා. අනෙක් තැන්වලට මේ පුද්ගලයෝ ගිනි තියනවා. මේ සිදුවීම අතර ඇවන්රා සිදුවීම විශේෂ වෙන්නේ එම සිදුවීමට සාපේක්ෂව සිදුවීම් වැලක් එම ස්ථානයේ සිදුවීම නිසා. මේ සිදුවීම් වැල පටන් අරගන්නේ මැයි 09 වැනිදා ගෝඨා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට දේශපාලකයන් පෙරටු කරගත් මැරයන් විසින් පහරදීමත් එක්ක. මුළු රටේම තැන තැන පහරදීම් ගිනි තැබීම්, කඩාබිඳ දැමීම් වාර්තා වෙන්න පටන් ගත්තා. මේ ඇවන්රා පරිශ්‍රයට පුද්ගලයො එනවා. ඒ එනකොට ඇවන්රා පරිශ්‍රයේ රැඳී ඉන්න එහි හිමිකරු ඇතුළු පවුලේ සියලු දෙනාම ඉතා කලබලයට පත්වෙනවා. ඔවුන් සමග හිටපු රියැදුරනුත් ඒ මොහොතේ ඒ අයත් එක්ක එකතු වෙනවා. මේ ඇවන්රා හෝටලයට පහරදීමට බලපාන්නේ දේශපාලකයන්ගේ යම් සබඳතා සහිතව මෙම හෝටලය ගොඩනැගුවාය කියන මිනිසුන් සතු විශ්වාසය. මේ විශ්වාසයත් එක්ක ඔවුන් හෝටලයට ඇවිල්ලා පහර දෙනවා. හෝටලය ඉදිරිපස විරෝධතාවක් පටන්ගන්නවා. මේ විරෝධතාව දැනගත්ත වහාම ඇවන්රා හෝටලයේ හිමිකරු කරන්නේ තමන්ගේ පවුලේ අයත් එක්ක හෝටලයෙන් පිටවෙනවා. මේ වෙද්දී හෝටලයේ තිබුණු ආසියාවේම විශිෂ්ටතම වාහන එකතුවේ මිල අධික සහ සුවිශේෂ වාහන කිහිපයක් අරගෙන ඔවුන් නිවෙසින් පිටවෙලා යනවා. පිටවෙලා යන දර්ශන සහිත සී.සී.ටී.වී. දර්ශන නරඹන්නත් අපට හැකියාව ලැබුණා. ඔවුන් ඒ විදියට පිටවෙලා යන්නේ යම් සිදුවීමක් සිදුවේ යැයි සිතුණු නිසා වන්නට ඇති. නමුත් ඒ පිටව යෑමත් එක්ක ඔවුන් හෝ කිසිවෙක් බලාපොරොත්තු නොවිච්ච සිදුවීමකට ඔවුන්ට මුහුණ දීමට සිදුවෙනවා. ඒ සිදුවීම ගැන කියන්න කලින් අපි කතා කළ යුතුයි ඔවුන්ගේ වාහන එකතුව ගැන.

මොකක්ද මේ වාහන එකතුව? මේ වාහන එකතුව ආසියාවේම තියෙන විශිෂ්ටතම වාහන එකතුවක් විදියට සලකනවා. එහෙම සලකන්නේ ඇයි? ඔවුන්ගේ වාහන එකතුවට අයිති වෙලා තියෙන වාහන තමයි ක්‍රයිස්ලර් වර්ගයේ ලිමොසින් රථයක්. මේ රථයක සාමාන්‍ය වටිනාකම රුපියල් ලක්ෂ 400 ඉක්මවා යන බව තමයි දැනගන්න ලැබෙන්නේ. මිල ගණන් කෙසේ වෙතත් ක්‍රයිස්ලර් වර්ගයේ වෙනත් ලිමොසින් රථයක් ලංකාවේ නොමැති බව විශ්වාස කරනවා වාහන ගැන දන්නා කට්ටිය. මේ ක්‍රයිස්ලර් ලිමොසින් රථයත් මේ වෙනකොට ගිනි තබා විනාශ කරන ලද වාහන ගොන්නටයි එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම ගිනි තබා විනාශ කළ ලැම්බෝගිනි රථයත් විශේෂ එකක්. මේ විදියෙ ලැම්බෝගිනි රථ ලංකාව තුළ වැඩිම වුණොත් හතරකට වැඩිය නෑ කියලයි කියන්නේ. කොහොම නමුත් මෙය රුපියල් ලක්ෂ 800කට වඩා වටිනා ලැම්බෝගිනි රථයක් විදියටයි සලකන්නේ. ඒ වගේම හමර් වර්ගයේ රථ දෙකක් ඔවුන් සතුව තියෙනවා. මේ රථ දෙකත් ගිනි තබා විනාශ කරනවා කැරැලිකරුවන් විසින්. මේ දෙක ගිනි තබන්නේ නයි කන්දෙදි එක රථයකට ගිනි තබනවා. රියැදුරු පදවාගෙන යද්දී මහ මඟදී නවතා ගිනි තබා තියෙනවා. ඊට අමතරව ෆෙරාරි රථයකුත්, රෝල්ස් රොයිස් රථයකුත්, බ්‍රාවර්ස් වර්ගයේ ජීප් රථයකුත් ඔවුන් සතුව තියෙනවා. දකුණු පසින් ධාවනය කරන ලෝකයේ ඇති එකම බ්‍රාවර්ස් වර්ගයේ ජීප් රථය තියෙන්නේ ඔවුන් සතුව. එහි මිල රුපියල් ලක්ෂ 1,500ක 2,000ක විතර වටිනාකමින් යුත් රථයක් විදියටයි එය සලකන්නේ. මේ මෝටර් රථ එකතුව ශ්‍රී ලංකාවේ තිබුණු සුවිශේෂ වාහන එකතුවක් වෙන්නේ, වෙන කිසිවකු සතුව මෙවැනි වටිනා වාහන එකතුවක් නොමැති වීම නිසා. ඒ වගේම මේ රථ බොහොමයක් මේ අය විසින් තමන්ට සුවිශේෂව ලෝකයේ ඒ ඒ සමාගම්වලින් ඉල්ලීම් කරලා නිර්මාණය කරගන්නා ලද රථ. ඒ වගේම ලෝකයේ තියෙන මිල අධික රථ සියල්ලම වගේ මේ රථ ගොන්නට එකතු වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේ ක්‍රයිස්ලර් රථය, ලැම්බෝගිනි රථය, හමර් රථ දෙකම ගිනි තබා විනාශ කරලයි තියෙන්නේ. මේවායේ රක්ෂණ ආවරණ සම්බන්ධයෙන් යම් කතාබහක් මේ වෙනකොට ඇතිවෙලා තියෙනවා. සමහර විට ඔවුන්ට ඒ සඳහා යම් ගෙවීමක් සිදුවේවි. මේ මෝටර් රථ ආරක්ෂා කරගන්න ඔවුන් දරපු උත්සාහයන් සියල්ල සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ වී යනවා. ඒ සමගම තව සිදුවීමක් ගැන කියැවෙනවා. ඒ තමයි රථ හතර ගෙදරින් අරන් පිටවෙලා යනකොට ඇතිවෙච්ච එක සිදුවීමක්. ඒ සිදුවීම යම් යම් කරුණු කාරණා දන්නා අය විසින් කිව්වත් අපි දන්නේ නැහැ මේවායේ 100%ක සත්‍යතාවක් තියෙනවාද කියලා. මේ රථ හතර හතර දෙනෙක් විසින් රැගෙන යනකොට නිවෙසේ හිටපු පුංචිම දරුවා එම වාහනවලින් එකකට නගින්නට ඇති කියලා දරුවන්ගේ මවුපියන් හිතනවා. ඒත් ඔහුට එක වාහනයකටවත් නැගගන්න ලැබෙන්නේ නෑ. ඔහුව හෝටල් පරිශ්‍රයේ කලහකාරී තත්ත්වය ඇතිවෙන මොහොත වන විට ඔහු තනිවෙනවා. ඒ නිසා අවසානයේදී ඔහුව රැගෙන යන්න මැදිහත්වීමට පොලිසියට සිදුවෙනවා. කොහොම නමුත් මේ සිදුවීමත් එක්ක ලංකාවට අහිමි වෙන්නේ ලංකාවෙ තිබුණු විශාලතම සහ මිල අධිකම වාහන එකතුව. ඒ වගේම ආසියාවේ තිබුණු විශාලතම සහ මිල අධිකම වාහන එකතුව ශ්‍රී ලංකාව සතුයි කියන අභිමානය ලංකාවට අහිමි වෙලා යනවා. ඒ වගේම මේ මිල අධික වාහන ගොන්නකට ගිනි තැබූ පළමු අවස්ථාව ලෙස මුළු ලෝකයටම මේ කතන්දරය පැතිරීමට නියමිතයි. මේක විශේෂ වෙන්නේ එසේ වාහන ගොන්නකට එකවර ගිනි තැබූ ප්‍රථම අවස්ථාව මෙය යැයි විශ්වාස කළ හැකි නිසාවෙන්.

මේ විදියට ඇවන්රා හෝටලයට පහර දෙන ජනතාව එහි දේපළ සියල්ලටම ගිනි තියනවා. කලින් කියපු වාහන කීපයට අමතරව තවත් වාහන විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙනවා. ඒ වගේම දේපළ කඩා බිඳ දාලා, ඉතිරි කොටස් ඔවුන් අරගෙන යනවා. මේ අරගෙන යාමේ අවස්ථාවට අදාළ පින්තූර කීපයක් අපට දකින්න ලැබුණා. නමුත් මේ දැක්කෙ පින්තූර කීපයක් විතරයි. ඒ විදියට දකින්න ලැබුණු පින්තූර සහ ඊට අදාළ කතාව පසුව බොහෝ තැන්වල පළවුණා.

ඒත් මේ සිදුවීමෙන් පස්සෙ මොකක්ද මීගමුවෙ වෙන්නෙ? ඇත්තටම මීගමුව යුද පිටියක් බවට පත්වෙනවා. ඒ, පිරිසක් ආයුධ පොලු‍ මුගුරු කඩු කිණිසි අරගෙන ආවට පස්සෙ. මේ පිරිස ආවෙ ඇවන්රා හෝටලයෙ අයිතිකරුගෙ අණ පරිදි කියලා එතැන බොහෝ දෙනෙක් කියන කතාවක්. ඔවුන් පාරෙ හිටපු සහ පාරෙ ගිය බොහෝ දෙනෙක්ට පහර දෙනවා. වාහන ගිනි තියනවා. මේ ගැන ඇහෙන් දැක්ක අය කියන සමහර දේවල් ඇඟ හිරිවට්ටනසුලු‍යි. වගකීම් විරහිත කතන්දර රැසක් හෙළි කරනවා. ඒවා දිගින් දිගටම හෙළිකරන්න අපේ අදහසක් නෑ. ඒත් මේ වෙලාවෙ දරුවෙක් ලැබෙන්න හිටපු අම්මා කෙනෙක්ව රෝහලට රැගෙන යමින් තිබූ වෑන් එකකින් ඈ එළියට ඇදලා දාලා, දරුවගෙ ඇඳුම් පවා එළියට දාලා ඒ වාහනයට ගිනි තියන බව සමහරු කියනවා. ඒ වෙලාවෙ ඈව රෝහල්ගත කළ බව කියන්නෙ අසල්වැසි තරුණයන්. මේ පහරදීම අස්සෙ මතුකරන්න හදන්නෙ ජාතිවාදයක්. ඒක රට පුරාම පැතිරෙනවා.

‘මුස්ලිම් මිනිස්සු සිංහල අයට ගහනවා…’ කියන කතාව මීගමුව පුරාම පතුරුවන්න උත්සාහ කරනවා. ඒත් එක්ක මිනිස්සු කලබල වෙනවා. විශාල කලහයක් නිර්මාණය වෙන්න ඔන්න මෙන්න තියෙන කොට එතැනට කටුවපිටිය පල්ලියෙ ප්‍රධන පියනම ඇතුළු‍ කතෝලික පූජකවරු සහ කන්‍යා සොහොයුරිය වහාම එනවා. මීගමුව ගෝඨා ගෝ ගමේ සිට මේ ස්ථානයට පැමිණි අයෙක් කියන්නෙ ඔහු ඉදිරිපිටදී මේ ස්ථානයේ සිටි අයෙක් ප්‍රධන පූජකවරයාට කඩුවකින් පහර දුන් බව. ඒ පහරදීම වළක්වන්න ඔහු අත දැමූ බවත්, ඒ පහරදීමෙන් ඔහුට තුවාල සිදුවූ බවත් ඔහු කියනවා. මේ බරපතළ තත්ත්වය ජාතිවාදී ගැටලු‍වක් බවට පත් කරන්න කිසිවෙක් උත්සාහ කරන බවක් පේනවා. ඒ තත්ත්වය මඟහැරෙන්නෙ කතෝලික පූජකවරුන්ගේ, හෝටලය අවට මුස්ලිම් ජාතිකයන්ගේ සහ අවට සිංහල ජාතිකයන්ගේ අප්‍රමාණ කැපවීම මත. යම් විදියකින් එහෙම නොවුණා නම් මේ හරහා විශාල ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න ඉඩ තිබ්බා.

මේ වෙනකොට මීගමුවේදී හෝටලයේ බඩු හොරාගත් සියලු‍ දෙනා ගැන අනාවරණ කරගෙන ඉවරයි. පොලීසිය මේ බොහෝ දේවල් ආපසු රැගෙන එන්න කටයුතු කරලා. තව දුරටත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදුවන බවක් වාර්තා වෙනවා. අදාළ හෝටලය මෙතැන් සිට සිය වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අදාළ වාහන රක්ෂණ ගෙවීම් විදෙස් රටකින් සිදුවේද යන්න පිළිබඳ මේ වෙනකොට කටයුතු කෙරෙන බවක් කියැවෙනවා. ඒ සියල්ල යළි සකස් වේවි. ඒත් එදා ජාතිවාදී කලබලයක් ඇති කරලා මුළු රටටම ගිනි තියන්න සැලසුම හැදුවෙ කවුද කියන එක ගැන හැමෝම අවධානයෙන් සිටිය යුතුමයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඉස්පිරිතාලේ අරන් යන්න පෙට්‍රල් නැතිව මාස දෙකේ සිඟිත්තිය මියයයි! තාත්තා පැය ගාණක් ත්‍රීවීලරයක් හෙව්වත් කිසිම එකක පෙට්‍රල් තිබිලා නෑ! හල්දුම්මුල්ලෙන් පටන් ගත්තේ තවත් විනාසයක ආරම්භයක්ද?

Next Post

ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවෙලා! කැනඩා පාර්ලිමේන්තුවේ ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත වෙයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.