එක්සත් රාජධානියේ LMD සඟරාව විසින් වාර්ෂිකව සිදුකරනු ලබන සමීක්ෂණයට අනුව මෙවරත් මෙරට ජනතාවගේ වඩාත් ආදරය දිනාගත් වෙළෙඳ නාම 100 අතරට එක්වීමට INSEE සංස්ථා සිමෙන්ති සමත් විය. අද වන විට INSEE සංස්ථා සිමෙන්ති භුක්ති විඳින ජනප්රියත්වය එම සමාගම මෙරට වෙළෙඳපොළ තුළ නිරන්තරයෙන් සිදුකරන පර්යේෂණවල ප්රතිඵලයක් බව පැවසුවහොත් එය නිවැරදිය. ලබාගත් මෙම ජයග්රහණයට අමතරව පසුගියදා පැවති SLIM Kantar සම්මාන උළෙලෙහි දී වසරේ නිවාස හා ඉදිකිරීම් සන්නාමය ලෙසින් ද INSEE සංස්ථා සිමෙන්ති සම්මාන දිනාගත් අතර, INSEE එම සම්මානය දිනාගත්තේ 11වන වරට වීම විශේෂිතය.
ශ්රී ලංකාවේ නිෂ්පාදනය කරන එකම පෝට්ලන්ඩ් සංයුක්ත සිමෙන්ති සන්නාමය වන INSEE සංස්ථා සිමෙන්ති, SLS 1697-2021 ප්රමිතියෙන් සමන්විත වන අතර, එය ශ්රී ලංකාවේ හරිත ගොඩනැගිලි කවුන්සිලය (Green Building Council of Sri Lanka) මගින් හරිත ලේබලය හිමිකරගත් ප්රථම සිමෙන්ති සන්නාමය ලෙස සඳහන් කළ හැකිය. ඊට අමතරව ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (Ceylon Institute of Builders) විසින් පිරිනමනු ලබන Green Mark Gold Award සම්මානයද හිමිකරගෙන ඇති INSEE සංස්ථා සිමෙන්ති කාබන් විමෝචනය අවම, සුපිරි ශක්තිය හා කල්පැවැත්ම සහිත සිමෙන්ති නිෂ්පාදනයක් බව පැවසිය යුතුමය.