හදිසියේ රොගී වූ දින දෙකක් වයසැති බිළිඳියක ඉන්ධන ගැටළුව හේතුවෙන් රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම නිසා මියගොස් ඇතැයි හදිසි මරණ පරීක්ෂණයේදි තහවුරු වූ බව දියතලාව හදිසි මරණ පරීක්ෂක ඩී. එම්. දිසානායක මහතා පවසයි.
මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල සොරගුනේ රදාකඳුරේ බිළිඳියකය.
ප්‍රමාණවත්ව කිරි උරා නොබීම හේතුවෙන් සිරුර කහ පාට ගැන්වීම නිසා දරුවා රෝහල්ගත කිරීමට පියා තීරෝද රථයක් සෙව්වද ඉන්ධන හිඟය නිසා ත්‍රී රෝද රථයක් සොයාගැනීමට අපහසු වී ඇත. මේ නිසා බිළිදිය රෝහල්ගත කිරීමට පැයකට අධික කාලයක් ප්‍රමාද වූ බව හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් පියා පවසා ඇත.
ප්‍රමාණවත් කාලයක් තිබියදී රෝහල්ගත කෙරේ නම් දරුවා බේරාගත හැකිව තිබූ බව පියාට වෛද්‍යවරු පවසා තිබේ.
පෙට්‍රල් ලීටරයක් සොයා ගැනීමට නොහැකිව වීම නිසා දියණිය මිය ගිය බවට පියා සාක්ෂි ලබාදී තිබේ.