අප්‍රේල් සහ මැයි මාසයේ රටේ යම් යම් ජන කොට්ඨාසවලට සහල් බෙදාදීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරන බවත් එහි තෝරා ගැනීමේ ක්‍රමවේද ගැන යම් යම් ගැටලු තිබුණත් එය අගය කරන කටයුත්තක් නමුත් සමහර ස්ථානවල ප්‍රමිතියෙන් තොර සහල් බෙදාදීමක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
හාලි ඇළ ප්‍රදේශයේ එවැනි සහල් බෙදාදීමක් සිදුව ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇති බවත් මේ ගැන සොයා බලා බෙදා දෙන සහල්වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ මට්ටමක පවත්වාගෙන යන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.