ග්‍රාම නිලධාරීන් ක්ෂේත්‍රය ගැන අවස්ථා 3කදී තමා කරුණු දැක් වූ අවස්ථාවේ රාජ්‍ය පාර්ශ්වය කියා සිටියේ ඒ ගැටලු විසඳී ඇති බව වුවත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරී සංගමය ඔවුන්ට සහ අනෙකුත් ග්‍රාම නිලධාරී සංගම්වලට පොරොන්දු වූ සේවා ව්‍යවස්ථාව, වැටුප් සම්බන්ධ ගැටලු, දීමනා ගැන ගැටලු ආදියට තවමත් රජයන් සාධනීය විසඳුමක් නොලැබී ඇති බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
2023.10.06 වැනි දිනත් මේ සම්බන්ධ සාකච්ඡා පැවැත්වුවත් තවමත් විසඳුම් නොමැති බවත් ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු නොවී ඇති බවත් සියලුම ග්‍රාම නිලධාරීගේ මෙම ගැටලු තවදුරටත් රැවටිමකින් තොරව ඉටු කර දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.