ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව අතර ඇති ගිවිසුම සහ එකගතාවයේ පවත්නා අතිශය දුර්වල ස්වභාවය පිළිබඳව විපක්ෂයේ එකමුතුවේ විධායක කමිටුව අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය. (Sri Lanka Latest News)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආණ්ඩුව අතර සාකච්ඡා කිරීම නිවැරැදි වුවත් අදාල සාකච්ඡා සිදුකර ඇත්තේ අසාර්ථකව සහ අමනෝඥ ලෙස බවත් ඒ නිසා ආණ්ඩුව, රටට සහ ජනතාවට අහිතකර තීන්දු ගනිමින් සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
රටට සහ ජනතාවට අහිතකර තීන්දු ගැනීම සම්බන්ධයෙන් තමන් සහමුලින්ම විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකතුමා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බව ජනාධිපති, මුදල් රාජ්‍ය ඇමැති සහ මහ බැංකු අධිපති මුලින් කීවද පසුව එය ප්‍රතිකේෂ්ප කොට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවද පැවසීය.
අදාළ සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර නැති බවත් මෙය රට නොමග යැවීමක් බවත් මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.