තමන් ඇමති ධූරයක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වීමට යන බවට පැතිරෙන කතාව කිසිදු පදනමක් නැති අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සර්වපාක්ෂික රජයක් ස්ථාපිත කරන්නේ නම් එය ක්‍රියාත්මක විය යුතු ආකාරය සහ එවැනි රජයක් පදනම්විය යුතු ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබදව තමන් මේ වන විටත් පැහැදිලිව සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති බව පවසන මන්ත්‍රීවරයා තමන් සම්බන්ධයෙන් පැතිරෙන කතා අසත්‍ය බව පවසයි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඇතැමුන් විවිධ පුවත් නිර්මාණය කරමින් සිටින බවකි.
Over the past few days some individuals and groups, trying to promote their own dubious political agenda, were found busy fabricating and spreading rumours to the effect that I would accept a Ministerial Portfolio and join the #Government. I categorically deny this as (1/2)
— Patali Champika Ranawaka (@pcranawaka) August 16, 2022