වවුනියාව විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයට මැදියම් රැයේදී අඩ නිරුවතින් පුද්ගලයෙකු ඇතුලුවීමත් සමගම බියට පත් වූ කාන්තා නේවාසිකාගාරයේ ශිෂ්‍යාවන් එම නේවාසිකාගාරයෙන් ඉවත් වී ඊයේ (25 ) නිවෙස්වලට ගොස් තිබේ. (Sri Lanka Latest News)
ශබ්දයක් ඇසී එක් ශිෂ්‍යාවක් අවදී වී නේවාසිකාගාරයේ විදුලි පහන් දැල්වූ අවස්ථාවේදී කුඩා යට අදුමකින් පමණක් සැරසී සිටි එම පුද්ගලයා කාන්තා නේවාසිකාගාරයෙන් පලාගොස් තිබේ.
එම පුද්ගලයා නේවාසිකාගාරයේ සිටි ශිෂ්‍යාවන් කිහිප දෙනකු විසින්ම දැක ඇති අතර උදෑසන විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්ෂා කරන විට කිසියම් පුද්ගලයකදු අඩනිරුවතින් නේවාසිකාගාරයට ඇතුළු වන දර්ශන සටහන්ව තිබී ඇත.