• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හන්තානේ මහා ඉඩම් මංකොල්ලයක්! අක්කර 22ක් බලෙන් අල්ලගෙන කටුකම්බි ගහලා! බලධාරීන් සද්ද නෑ! උසාවියත් නොමග යවලා! මන්ත්‍රී වසන්ත යාපා ඉඩම් කොල්ලයට එරෙහිව මහජනතාවක් එක්ක පාරට බහී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 19, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
Share on WhatsAppShare on Facebook

හන්තාන ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක ඉඩමක් අනවසරයෙන් අත්පත් කරගැනීමකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ප්‍රදේශයේ ජනතාව සමග උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත විය.Sri Lanka Latest News

උද්ඝෝෂණය අතරතුරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා..

අද දින හන්තාන, ඌරාගල ප්‍රදේශවාසී මහජනයා, මේ වතුකරයේ ජීවත් වන අහිංසක ජනයා විශාල වශයෙන් රැස්වෙලා මේ වෙලාවේ වතුපාලකයන්ට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කරනවා. ඇත්තටම මේ වතුපාලකයන් අහිංසක මිනිසුන්ගේ වතු අල්ලගෙන, උසාවිය නොමග යවමින් මේ වතුපාලකයන් උත්සාහ කරනවා ජාවාරම්කාරයින් එක්ක එකතුවෙලා හන්තාන ඌරාගල ප්‍රදේශයේ අක්කර 22ක් ජාවාරම්කාර කණ්ඩායමකට අත යට ගනුදෙනුවක් හරහා ලබාදීමට.

එතකොට මේ හන්තාන කියලා කියන්නේ මහවැලි ගඟේ ජල පෝෂිත ප්‍රදේශයක්. මේ ජල පෝෂිත ප්‍රදේශයේ තියෙන දැවැන්ත රූක්ෂ ගස් ආදිය මේ අය කුණු කොල්ලයට විකුණා දමමින් ජාවාරම්කාර විදියට මේ හන්තාන ප්‍රදේශයේ තමන්ට අත්පත් කර ගැනීමට තමා කටයුතු කරන්නේ. මේ හන්තාන ජීවත්වන දුප්පත් මිනිස්සු, මේ වත්තට ගිහිල්ලා අත්තක් හරි කැපුවොත් එහෙම මේ මිනිස්සු හිරේ විලංගුවේ දාන තත්ත්වයක් උදාවෙලා තිබෙනවා.

නමුත් හැබැයි මේ වතුපාලකයෝ කිසිසේත්ම අක්කර 22ක් පුරා භූමිය අල්ලගන්නකම්, කටුකම්බි ගහනකං කිසිසේත්ම මේ අය උනන්දුවක් දැක්වූයේ නැහැ ඒ ඉඩම් අල්ලගන්න ජාවාරම්කාරයින් එලවා දැමීමට. කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැහැ.

පහුගිය කාලේ මේ හන්තාන ප්‍රදේශයේ මිනිසුන්ගේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව මහජනතාව උද්ඝෝෂණය කරද්දී ඇස්කම් පියාගෙන හිටියා වතුපාලකයෝ. අපි දන්නවා ඉතාම හොඳින්ම මේ උරාගල ප්‍රදේශයේ අක්කර 22ක් පුරා වැටකම්බි ගහලා භූමිය වෙන් කරගෙන ඉවර වෙලා, උසාවියට නඩුව දැම්මට පස්සේ මොකද කියන්නෙ, මේ අය පහුගිය කාලේ කිව්වා මේ ඉඩම් JEDB (ජනවසම) ඉඩම් කියලා. ඒ කාලේ JEDB ඉඩම් කියලා කියපු අය දැන් මොකද කියන්නේ, දැන් ඒවා JEDB ඉඩම් නෙමෙයි, මේවා අපි කැමතියි හබකිරීමකින් තොරව සමථයකට එන්න කියලා.

මේ JEDB ඉඩම් වල ඒ වතු අධිකාරිවරුන් අද කටමැද දොඩවනවා මේවා වතු අධිකාරියට අයිති ඒවා නොවෙයි, රජයට අයිති ඒවා නොවෙයි කියලා මේ අය අද උසාවියට කරුණු ඉදිරිපත් කරන්න යනවා. අපි කියනවා මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගේ රජයේ ඉඩම් කෝටි ප්‍රකෝටි ගණන් වලට අත යට ගනුදෙනු හරහා මංකොල්ල කන ජාවාරම්කාරයන්ට, මේ හන්තාන ඉඩම් දීමට විරුද්ධව අපි කටයුතු කරනවා.

මේ මහනුවර මිනිස්සු විතරක් නෙමෙයි, මේ රටේ සුවහසක් මිනිසුන්ගේ ජල පිපාසය සංසිඳෙන්නේ මහවැලි ගඟ නිසා. මේ මහවැලි ගග කවදා හරි හිඳෙන්න මේ ජල පෝෂිත ප්‍රදේශ කුණු කොල්ලයට ජාවාරම්කාරයන්ට විවිධ ලේබල් ගහලා, සංවර්ධන ලේබල් ගහලා ඔවුන්ට ගජරාමෙට අත යට ගනුදෙනු හරහා විකිණීමෙන්. ඒ නිසා අපි මේ හන්තානේ ඉඩම් මංකොල්ලයට විරුද්ධව පෙළ ගැහිලා එකාවන්ව සටන් කරනවා.

අපි කියනවා මේ රටේ උගත් බුද්ධිමත් සියළුම මහජනයාට මේ මහා ඉඩම් මංකොල්ලයට එරෙහි වෙන්න. මේ අහිංසක මිනිස්සුන්ට පර්චස් දෙකක් තුනක් දෙන්නේ නැහැ. මේ අහිංසක මිනිස්සු පාර අයිනේ කඩයක් දැම්මොත් එලවා දමනවා. ගමේ අහිංසක දරුවන්ට ක්‍රීඩාකරන්න ක්‍රීඩාපිටියක් හදාගන්න දෙන්නේ නැහැ. මේ අහිංසක පාරම්පරික මිනිස්සුන්ට ඉඩම් දෙන්නැතුව, මේ දුප්පත් මිනිසුන්ගේ ජල පිපාසය සංසිඳුවන මේ ජල පෝෂිත ප්‍රදේශය ජාවාරම්කාරයන්ට දීමට උඩ ගෙඩි දෙනවා. අධිකරණය නොමග යවමින් වතු අධිකාරිවරු, ඒ වගේම තමා මේ වතු වල සභාපතිලා අධිකරණය නොමග යවන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා මේ JEDB ඉඩම් වල අයිතිය, රජයේ මහජනතාවගේ දේපළ වල අයිතිය වෙනුවෙන් අපි මහනුවර මිනිස්සු විදිහට සටන් කරනවා එකා මත එකා වැටුනත්.

SendShareShare
Previous Post

රනිල් යළි ‘සුරක්ෂා’ පටන් ගන්න කියයි! I Sri Lanka Latest News

Next Post

ඇමැතිවරු ගිහින් ලොකුවට පටන් ගත්තා..! නැවැත්තුවා…! ආයෙත් පටන් ගත්තා..! ආයෙත් නැවැත්තුවා…! දැන් ආයෙ පටන් ගන්න දිනයක් නැතිවම ඉන්දු-ලංකා බෝට්ටු සේවය කල් ගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.