• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දයා රත්නායක දයා සඳගිරි සහ දයා විරහිත ෆොන්සේකා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

February 10, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
දයා රත්නායක දයා සඳගිරි සහ දයා විරහිත ෆොන්සේකා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරන බවට ප්‍රතිඵලවලින්ම පෙනෙද්දී මහින්ද රාජපක්ෂ පොලිස්පති සහ හමුදාපති කැඳවා පොලිසිය සහ හමුදාව යොදවා බලෙන් ජනාධිපති ධුරයේ සිටීමට කුමන්ත්‍රණය කළා යැයි 2015 ජනවාරි 11 එවක විපක්ෂයේ මන්ත්‍රී මංගල සමරවීර මෙරට සහ විදේශ මාධ්‍ය කැඳවා පුවත්පත් සාකච්ඡාවක් පවත්වා කීවේය.Sri Lanka Latest News

‘පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් බොහොම තදින් කීවා මේ කුමන්ත්‍රණයට පොලිසියට සම්බන්ධ වෙන්න බැහැ කියලා. හමුදාපති දයා රත්නායක පොලිස්පතිගේම මතයේ සිටිමින් කීවා මහින්ද රාජපක්ෂට කුමන්ත්‍රණකාරීව බලයේ ඉන්න හමුදාව කැඳවන්න සූදානම් නැහැ කියා…’

මංගල සමරවීර
අල් ජසීරා
11.01.2015

මංගල එදා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වා සාමකාමී බල හුවමාරුවක් කොට රට ආරක්ෂා කරගත් එවක හමුදාපති දයා රත්නායකට ආචාරය පුද කළේ එලෙසය. 2015 ජනාධිපති ධුරයේ දිවුරුම් දී මාසයකට පසු මෛත්‍රීපාල සිරිසේන දයා රත්නායකව ජෙනරල් ධුරයට උසස් කළේ ඔහු මහින්දගේ ආණ්ඩුවේ හමුදාපති වුවද හමුදාව තුළ දේශපාලනය නොකළ නිසාය.

දයා රත්නායක යුද්ධය දිනන්න නිහඬ සේවයක් කළ විරුවෙකි. මහින්දගේ ආණ්ඩුව යුද්ධය දින්න හැරවුම් ලක්ෂ්‍යය වූයේ තොප්පිගල අල්ලා ගැනීමය. දයා රත්නායක වාකරේ සහ තොප්පිගල අයත් නැගෙනහිර පාබල සේනාංකයේ අණ දෙන නිලධාරී ලෙස තොප්පිගල අල්ලා ගැනීමේ මෙහෙයුමේ අභීත රණවිරුවෙක් විය. තොප්පිගල අල්ලා ගත් පසු එවක විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක රනිල් කැලෑවක් අල්ලා ගත්තා කියා චෝදනා කළේය. තොප්පිගලින් පටන් ගත් යුද්ධය ජය පිට ජය වාර්තා කරද්දී විපක්ෂ නායක රනිල්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් වූ මංගල, රවී කිලිනොච්චි යනවා කියා මැදවච්චි යනවා කියමින්, අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කියමින් යුද ජයග්‍රහණය අවතක්සේරු කළහ. ඒ වෙලාවේ මහින්දගේ ඉල්ලීම මත හමුදාපති සරත් ෆොන්සේකා රනිල්ටත්, මංගලටත්, රවීටත් ප්‍රසිද්ධ රැස්වීම්වල පහර ගැහුවත් දයා රත්නායකලා එලෙස හමුදාව තුළ සිටිමින් දේශපාලනය කතා කළේ නැත. ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම යෝජනා සම්මත කරද්දී හමුදාපති ධුරයේ සිටියේ දයා රත්නායකය. එම යෝජනා ගෙන එන්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග කුමන්ත්‍රණය කරන්නේ විපක්ෂය යැයි කියවා ගන්න මහින්දගේ ආණ්ඩුව හමුදාපති දයා රත්නායකලාට කොයි තරම් බලපෑම් කළත් ඔහු හමුදාව තුළ සිටිමින් දේශපාලනය කතා කිරීම ප්‍රතික්ෂේප කළේය.

දයා රත්නායක පමණක් නොව හිටපු නාවික හමුදාපති දයා සඳගිරිත් එලෙසමය. නාවික හමුදාපති කරන්නාගොඩගේ නායකත්වයෙන් මහින්දගේ ආණ්ඩුවට යුද්ධය දිනන්න නාවික හමුදාව ශක්තිමත් කළේ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ නාවික හමුදාපති ධුරය දරපු දයා සඳගිරිය. ඔහු නාවික හමුදාපති ධුරය දැරුවේ චන්ද්‍රිකා ජනාධිපති සහ රනිල් අගමැති ලෙස හිටපු කාලයේය. රනිල් සහ ප්‍රභාකරන්ගේ සටන් විරාම ගිවිසුමට ගහන්න චන්ද්‍රිකා ඔහුව ප්‍රයෝජනයට ගන්න ගියත් ඔහු නාවික හමුදාපති ලෙස දේශපාලනය කිරීම ප්‍රතික්ෂේප කළේය. එහෙත් උතුර භාර ආඥාපති ලෙස සිටි සරත් ෆොන්සේකා රනිල්ගේ සටන් විරාම ගිවිසුමෙන් උතුරේ හමුදා කඳවුරු ඉවත් කරගන්න යනවා කියා ජනාධිපති චන්ද්‍රිකාට වාර්තාවක් භාරදී රනිල්ගේ ආණ්ඩුව ජන අප්‍රසාදයට පත් කළේය.
දයා රත්නායක සහ දයා සඳගිරි වැදගත් මහත්වරුන්ය. ඔවුහු මහජන වරමින් පත් රටේ රාජ්‍ය නායකයාට සේවය කළහ. ඒ, ඔවුන්ගේ හමුදා රාජකාරියය. ඒත් ඔවුන් දෙදෙනාම රාජ්‍ය නායකයාගෙන් ලකුණු දමාගන්න දේශපාලනය කරන්න ගියේ නැත.

දයා රත්නායක කුරුණෑගල මලියදේව පාසලෙන් උගෙන හමුදාපති ධුරය දක්වා ආ ගමේ කොල්ලෙකි. ඔහුගේ පියා මුතු බණ්ඩාය. මව රන්මැණිකාය. දයා සඳගිරිත් එලෙසය. ඔහු උපත ලැබුවේ වේයන්ගොඩය. ඉගෙන ගත්තේ කෑගල්ලේ ශාන්ත මේරී විiාලයේය. අද ඔහු විනෝදයට ගොවිතැන් කරන්නේ ඔහුගේ ගැමිකම නිසාය.

මේ දෙදෙනාම පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළකරමින් සමගි ජන බලවේගයට එක්වූහ. සමගි ජන බලවේගයට විශ්‍රාමික හමුදා නිලධාරීන් එකතු කරගෙන බළකායක් පිහිටුවන්න යැයි සමගි ජන බලවේගය හිටපු හමුදාපතිවරයකු ලෙස සහ පක්ෂයේ සභාපති ලෙස සරත් ෆොන්සේකාට භාරදුන්නේ වසර දෙක තුනකට පෙරය. එහෙත් සරත් ෆොන්සේකා සජිත්ගේ නායකත්වයත් සමගි ජන බලවේගයත් විවේචනය කළා මිස ඒ වැඬේ කළේ නැත. සජිත්, සරත් ෆොන්සේකාව පක්ෂ සභාපති ලෙස පත්කළේ සුළු ජාතිකයකු පක්ෂ සභාපති කිරීම යූ.ඇන්.පී. සම්ප්‍රදාය යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කියද්දීය. සරත් ෆොන්සේකා 2015න් පසුව යූ.ඇන්.පී.යට එක්වුවත් රනිල් ඔහුට ප්‍රධාන තනතුරක් දුන්නේ නැත. ඒ තියා මෛත්‍රීපාල ඔහුට පොලිස් ඇමැතිකම දෙන්න යද්දී රනිල් එයට එරෙහි විය. පසුව ඔහුට හිමිවුණේ වනජීවී ඇමැතිකමය. එහෙත් සජිත් සහ සමගි ජන බලවේගය ඔහුට පක්ෂ සභාපති ධුරය දුන්නේය. ඒ වගේම සමගි ජන බලවේග ආණ්ඩුවක ආරක්ෂක ඇමැති යැයි කීවේය.

‘ඇයි ෆොන්සේකා සභාපති ධුරයත් අරගෙන සජිත්ටයි සමගි ජන බලවේගයටයි ගහන්න පටන් ගත්තේ…?’

ෆොන්සේකා දේශපාලන තීන්දු ගත්තේ 2010 ජනාධිපතිවරණයේ ඔහුගේ දේශපාලන කටයුතු භාරව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනාගේ සැමියා වන සේනක සිල්වාගෙන් අහලාය. අරගලය වෙලාවේ ගෝඨාභයගේ අගමැති ධුරය ගන්න තමා ගෝඨාභය හමුවෙන්න සේනක සිල්වාත් සමග ගිය බව ෆොන්සේකා පිළිගත්තේය. ඔහු ඒ වෙලාවේ ගෝඨාභය හමුවෙන්න ගියේ සජිත්ට හෝ පක්ෂයට නොදන්වලාය. ඒ වෙනකොට ඩයනා හිටියේ රාජපක්ෂලා සමගය. ඩයනා රාජපක්ෂලාට එකතු වුණේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෝඨාභයගේ බලතල වැඩි කරන පනතට අත උස්සලාය. ඉන් පසු රනිල් ජනාධිපති වූ විට ඇය රනිල්ගේ සෙන්පතිනියක් වූවාය. ඉතින් ඇයගේ සැමියා ෆොන්සේකාගේ පරම හතුරා වූ ගෝඨාභය සහ ෆොන්සේකා අතර කපුකම් කළා නම් අද ෆොන්සේකා සහ රනිල් අතර කපුකම් කිරීම ගැන පුදුම විය යුතු නැත.

අරගලය පටන්ගත් වෙලාවේ ගෝඨාභය ගෙදර යවන්න සමගි ජන බලවේගය නුවර සිට කොළඹට පාගමනක් ආවේය. ඒ පාගමනේ අවසන් රැස්වීමේ තමන්ව කථික ලැයිස්තුවේ පසුපසට දැම්මා කියා ෆොන්සේකා එම රැලියේ වේදිකාවේදීම සංවිධායක හරීන් ප්‍රනාන්දුගේ සරම ගලවන්න ගොස් ඒ පෙළපාළියත්, රැස්වීමත් දෙකේ කොළයට ඇදලා දැම්මේය.

මෙවර රනිල්ට එරෙහිව සමගි ජන බලවේගය පසුගියදා පැවැත්වූ විරෝධතාවට පහර ගසමින් සෙනඟ හිටියේ නැහැ කියා ඒ විරෝධතාවට අවමන් කළේය. විරෝධතාවට සෙනඟ ආවේ නැත්නම් රනිල්ගේ ආණ්ඩුව විරෝධතාවට ගහන්නේ නැත. ෆොන්සේකාට ඒකත් අමතක විය. දැන් ෆොන්සේකා කියන්නේ දයා රත්නායක ගෝඨාගේ මිනිහෙක් නිසා ඔහුව ඉවත් කළ යුතු බවය.

ෆොන්සේකාත් ඉස්සර ගෝඨාගේ මිනිහෙකි. අරගලය වෙලාවේ ඔහු ගෝඨාගෙන් අගමැති ධුරය ගන්න සාකච්ඡා කළේය.

ෆොන්සේකා 2010 යූ.ඇන්.පී.යේ සහ ජවිපෙ ජනාධිපති අපේක්ෂක විය. 2010 මහ මැතිවරණයේ ජවිපෙට එක්වී ජවිපෙ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවේය. හිරේ ඉන්න කාලයේ යළි යූ.ඇන්.පී.යට එක්වෙන්න සාකච්ඡා කළේය. හිරෙන් නිදහස් වී ඇවිත් ජවිපෙන් වෙන්වී අලුත් පක්ෂයක් පටන් ගත්තේය. 2015 ඔහු ජනාධිපති අපේක්ෂකයා වෙන්න උත්සාහ ගත්තේය. පසුව මෛත්‍රීපාලට සහාය දෙන්න කැමැති විය. 2010 මහ ඡන්දයේදී ඔහුගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලා අන්ත පරාජයකට පත්විය. පසුව යූ.ඇන්.පී. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිත් මෛත්‍රීට එළිපිට ගැහුවේ රාජපක්ෂලාගේ අත්පොළසන් මධ්‍යයේය. ඉන් පසු ඔහු රනිල්ට බැණ සජිත් හා එක්විය. අරගලය වෙලාවේ ඔහු ජනප්‍රිය චරිතයක් විය. ඔහු ජනප්‍රිය වුණේ රනිල් ජනාධිපති වීමෙන් පසු සමගි ජන බලවේගය රනිල්ට බය වෙද්දී ඔහු බය නැතිව රනිල්ට ගහපු නිසාය. රනිල්ව ජනාධිපති පුටුවෙන් පන්නන දෙවැනි අරගලය ඔහු පටන් ගන්නා බව ඔහුම ප්‍රකාශ කළේය.

අද සමගි ජන බලවේගයම රනිල්ගේ රාජාසන කතාවට එරෙහිව පාර්ලිමේන්තු සභා ගැබෙන් එළියට යද්දී ඔහු රනිල්ගේ සහායට සභා ගැබේ සිටියේය. පසුව රනිල් හමුවී සාකච්ඡා කළ බවත් වාර්තා විය.

‘ෆොන්සේකා මෙතැනින් කොතැනටද…?’

අරගලයෙන් පසු ජවිපෙටත් වඩා හොඳින් හොරු අල්ලයි කියා ජනප්‍රිය වුණු ෆොන්සේකා අවසානයේ හොරු රකින රනිල්ගේ ආණ්ඩුවට එක්වේ යැයි සිතිය නොහැකිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අනුරගේ ඉන්දීය ගමන ගැන හැමෝම කලබල වෙලා! ජාජබ ආණ්ඩුවක් එනවා කියලා වටේම අයටත් තේරිලා! අපි ඉන්දීය විරෝධී නෑ! නමුත් අවාසි සහගත තත්ත්වයන්ට විවිධ විරෝධයන් තියෙනවා! ඉන්දියාව ගැන හරිනි මතය කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර හම්බවුණාට පස්සේ ඉන්දීය විදේශ ඇමැති ජයිශංකර් ඔස්ට්‍රේලියාවේදී රනිල් හමුවෙලා! ඉන්දීය ව්‍යාපෘති ගැනලු සාකච්ඡා කළේ! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.