• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල්ට රාජපක්ෂලා නැතුව බෑ! රාජපක්ෂලාට රනිල් නැතුව බෑ! ජ.වි.පෙ.ට රනිල් නැතුව බෑ! රනිල්ට ජ.වි.පෙ. නැතුව බෑ! මෙන්න ලංකාවේ දේශපාලන චක්කරේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 4, 2024
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ දේශපාලන ඉතිහාසයේ පළමු වරට ඡන්දයකදී විවාදයකට අභියෝග කරනු ලැබුවේ 2005 ජනාධිපතිවරණයේදීය. යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක රනිල් 2005 දී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂට පළමු වරට විවාදයකට අභියෝග කළේය. රනිල් වෙනුවෙන් විවාදයට අවශ්‍ය පහසුකම් සකස් කිරීම බාර වූයේ එවක යූ.ඇන්.පී. මන්ත්‍රී මිලින්ද මොරගොඩටය. රනිල් මහින්දට අභියෝග කිරීමෙන් පසු මිලින්ද විවාදයට අවශ්‍ය පහසුකම් සකස් කරන්න මහින්ද නම්කළ ඩලස් අලහප්පෙරුම සමග ලිපි හුවමාරු කරගත්තේය. මිලින්ද පළමු ලිපියෙන් දැනුම් දුන්නේ මහින්දට පහසු දින කීපයක්, මහින්ද කැමැති ස්ථානයක්, විවාදය සජීවීව විකාශය කරන්න මහින්ද කැමැති මාධ්‍ය ආයතනයක් නම්කර එවන ලෙසය. ඉන් පසු ඔහු රනිල් සමග සාකච්ඡා කොට දිනය, ස්ථානය සහ මාධ්‍ය ආයතනය පිළිබඳ එකඟතාවකට පැමිණිය හැකි බවය. එහාට මෙහාට ලියුම් හුවමාරු වී කල්ගත වීමෙන් පසු දෙපාර්ශ්වයේ එකඟතාවයෙන් විවාදය නොකරන්න තීරණය කළහ.Sri Lanka Latest News

ඉන්පසු යූ.ඇන්.පී. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස 2019 ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභයට විවාදයකට එන ලෙස අභියෝග කළේය. ඒ අභියෝගයට ගෝඨාගෙන් උත්තරයක්වත් ලැබුණේ නැත.

මේ ජනාධිපතිවරණයකදී විවාදවලට අභියෝග කරන සහ අභියෝග පිළිගන්නා ක්‍රමයය.

දැනට කලකට පෙර සමගි ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය ජ.වි.පෙ. ආර්ථික කවුන්සිලයට අභියෝගයක් කළේය. එනම් ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාදයකටය. මේ විවාදයට උත්තර නොදී කාලයක් සිට ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති, පුළුවන් නම් ජ.වි.පෙ. සහ ජා.ජ.බ. නායක අනුර කුමාර සමග සජිත්ට විවාදයකට එන ලෙස අභියෝග කළේය. සුනිල් හඳුන්නෙත්ති ඒ අභියෝගය කොට සුළු වේලාවකින් ජ.වි.පෙ. වෙබ් අඩවියේ පළවූයේ ස.ජ.බ. ආර්ථික කවුන්සිලය ජා.ජ.බ. ආර්ථික කවුන්සිලයට විවාදයකට ආරාධනා කරන්න ගොස් තමාව අමාරුවේ දැම්මා යැයි සජිත් ස.ජ.බ. ආර්ථික කවුන්සිලයේ හර්ෂලාට, එරාන්ලාට, කබීර්ලාට දොස් කියන බවය. සාමාන්‍යයෙන් පක්ෂවලට මඩ නොගසන ජා.ජ.බ. මන්ත්‍රී හරිනිද කීවේ හර්ෂලා එරාන්ලා සජිත්ව අමාරුවේ දැම්මා කියාය.

මෙයින් පැහැදිලිව පේන්නේ ස.ජ.බ.යේ ආර්ථික කවුන්සිලයේ අභියෝගයට බයේ ජා.ජ.බ.ය විවාදය අනුර සහ සජිත් අතර විය යුතු යැයි කිවේ සජිත් අනුර එක්ක විවාද කරන්න බය යැයි හිතලාය. සුනිල් හඳුන්නෙත්ති සජිත්ට අභියෝග කොට පැයක් යන්නට මත්තෙන් එය මාධ්‍යයෙන් දැක සජිත් අභියෝගය බාරගත්තේය. ඉන් පසු ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන වන සිරස, හිරු සහ දෙරණ සජිත් – අනුර විවාදය සජීවීව විකාශය කරන්න කැමැත්ත පළ කළහ.

ඉන් පසු සුනිල් හඳුන්නෙත්තිව හොයාගන්නත් බැරි විය. සජිත්ට අභියෝග කළ සුනිල් හඳුන්නෙත්ති මාධ්‍යයට වහං විය. අනුර කුමාර තමන් සජිත් සමග විවාද කරන්න සූදානම් කියලා වචනයක්වත් කීවේ නැත. එක් වරම සජිත්ට හැමදාම මඩ ගහන රනිල්ගේ මස්සිනා වූ යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ ‘ඩේලි මිරර්’ පුවත්පත අනුර, සජිත් සහ රනිල් අතර විවාදයක් කරමු කියලා යෝජනා කළේය. හරිනි පැනලා ඒ විවාදයට ජා.ජ.බ.ය කැමැති යැයි කීවාය. මේ වනවිටත් විවාදය සම්බන්ධීකරණය කරන්න සජිත් මන්ත්‍රී නලින් බණ්ඩාරව නම්කර තිබිණි. ජා.ජ.බ.ය ඔහුට කතා නොකර විවාදයට මැයි මාසයේ දින කීපයක් දී, ඒ දිනවලට විවාදයට එන්නේ නැතිනම් නැහැ කියන්න යැයි ටිල්වින් සිල්වා ස.ජ.බ.යට ලිපියක් ලීවේය.

විවාදයක් ඕනෑ නම් ජා.ජ.බ.ය කවදාවත් දින දීලා ‘එනවා නම් එන්න, බැරිනම් කියන්න’ කියලා තම ප්‍රතිවාදියාට ලියුම් ලියන්නේ නැත. අභියෝග කළේ ඔවුන්ය. එසේ නම් ඔවුන්ගේ අභියෝගය බාරගත් ප්‍රතිවාදියාගෙන් පළමුව ඔහුට පුළුවන් දින, ස්ථාන සහ මාධ්‍ය ගැන විමසා සිටිය යුතුය. ලෝකයේම විවාද සඳහා පිළිගත් සම්ප්‍රදාය එයය. ටිල්වින් ඒ ලියුම යැව්වේම එපා වාහෙට හොදි බෙදන්නා වාගේය. ගමේ නම් කියන්නේ වැලමිටෙන් අල්ලලා ගෙදරට ගොඩවැදිලා යන්න කියන්නා වගේය. නොකියා කියන්නේ එන්න එපා කියලාය.

ටිල්වින් ලියුම ලිව්වෙත් එසේය. හැබැයි ස.ජ.බ.ය එම ලිපියට වහා උත්තර යවා ඒ දිනවල දුෂ්කර බවත්, දින කතාකර ගන්න පාර්ලිමේන්තුවේ හමුවෙමු යැයි ඉල්ලීමක් කළේය. ජා.ජ.බ.ය ඒ හමුවට ආවේත් නැත. විවාදය සම්බන්ධීකරණය කිරීම ජා.ජ.බ.ය ප්‍රතික්ෂේප කරන නිසා විවාදය සම්බන්ධීකරණය කිරීම නීතිඥ සංගමයට පවරන්න ස.ජ.බ.ය හොඳ යෝජනාවක්ද ගෙන ආවේය. ජා.ජ.බ.ය ඒ යෝජනාවට ප්‍රතිචාරයක්වත් දැක්වූයේ නැත. ජා.ජ.බ.ය ප්‍රතිචාර දැක්වූවා නම් නීතිඥ සංගමය ඒ යෝජනාව බාරගැනීමට ඉඩ තිබිණි.

නලින් බණ්ඩාර ජා.ජ.බ.යට විවාදය සම්බන්ධව ලියපු ලිපියේ සඳහන් කළේ ආර්ථික කවුන්සිල දෙක අතර විවාදයත්, අනුර – සජිත් විවාදය සඳහා වෙනත් දිනයක් යොදාගෙන පැවැත්විය යුතු බවය. ස.ජ.බ. ආර්ථික කවුන්සිලය ජා.ජ.බ. ආර්ථික කවුන්සිලයට අභියෝගයක් කළේය. ජා.ජ.බ.ය සජිත්ට අභියෝගයක් කළේය. සජිත් අභියෝගය බාරගත්තේය. එසේ නම් ජා.ජ.බ.ය, ස.ජ.බ.යේ අභියෝගයත් බාරගත යුතුය. ඒ ගැන ජා.ජ.බ.ය වචනයක්වත් කියන්නේ නැත. සජිත් එක්ක විකල්ප දින ගැන සාකච්ඡා කරන්න එන්නේත් නැත. එසේ නොකොට රනිල්ගේ මස්සිනා වන යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක රුවන්ගේ ‘ඩේලි මිරර්’ පත්තරය විවාදයට එවපු ලිපියට ටිල්වින් සිල්වා පැනලා ‘හා’ කීවේය. ඒ, රනිල්ගේ මස්සිනාගේ පත්තරය තමන්ට මඩ ගහනවා යැයි සජිත් ප්‍රකාශයක් කොට පැය 24ක් ගතවීමට පෙරය. ඒ කියන්නේ සජිත් සහ ‘ඩේලි මිරර්’ පත්තරය අතර තියෙන ගැටුම දැන දැන ‘ඩේලි මිරර්’ පාලනය කරන්නේ යූ.ඇන්.පී. නියෝජ්‍ය නායකයා බව දැන දැන ටිල්වින් ඒ විවාදයට කැමැති වූයේ සජිත් හීනෙන්වත් ඒ පත්තරය සංවිාධාන කරන විවාදයකට නොයන බව දැනගෙනය. ඒ මදිවාට ටිල්වින් ඒ ලිපියෙන් විවාදය සජිත් සහ අනුර අතර නොව, සජිත්, අනුර සහ රනිල් අතර පැවැත්විය යුතු බවත් පිළිගෙන ඇත.

‘ටිල්වින්ට දැන් රනිල් නැතුව බැරිද…?’

සජිත් – අනුර විවාදය විකාශය කරන්න සිරස, හිරු, දෙරණ කැමැති යැයි කියද්දී ‘හ්ම්’ නොකියපු ටිල්වින් රනිල්ගේ මස්සිනාගේ පත්තරේට පැනලා ‘හා’ කීවේ ජ.වි.පෙ. සජිත්ව ඉවර කරන්න රනිල්ගේ පිහිට පතන බවත්, රනිල් සජිත්ව ඉවර කරන්න ජ.වි.පෙ. පිහිට පතන බවත් මොනවට පෙන්වමින්ය.

2010ට පසු රනිල්-සජිත් ගැටුම ගටන්ගත්තාට පසු ජ.වි.පෙ. උදව් කළේ රනිල්ටය. ජ.වි.පෙ. සහ රනිල් අතර කපුකම කළේ මංගල සහ මලික්ය. 2020 මහ ඡන්දයෙන් පරදීය යන බියෙන් සජිත් සමග ප්‍රශ්න හදාගෙන මංගල ස.ජ.බ.යෙන් ඉවත්වී කීවේ මාතර තමාට දෙන ඡන්දය ස.ජ.බ.යට නොදී හඳුන්නෙත්තිට දෙන්න කියාය. ඒත් හඳුන්නෙත්ති පරාජයට පත්විය. 2020 සජිත් විපක්ෂ නායක ධුරයට පත්වී ආර්ථික අර්බුදය පටන්ගත් විට ඡන්දයක් ඕනෑ යැයි කියද්දී අනුර කුමාර කීවේ විපක්ෂ නායකයාගේ ඔළුව පරීක්ෂා කරන්න ඕනෑ කියාය. අනුර එහෙම කීවේ අලුත්ගමගේලා, රෝහිතලා, තිස්සකුට්ටිලා සජිත්ට පාර්ලිමේන්තුවේ ‘පිස්සා’ කිය කියා බණිද්දීය.

රනිල් පාර්ලිමේන්තු එන්න තීරණය කළ විට හඳුන්නෙත්ති සහ ලාල්කාන්ත කීවේ සජිත් විපක්ෂ නායකකම හරියට කරන්නේ නැහැ, රනිල් සජිත්ට වඩා දක්ෂ විපක්ෂ නායකයෙක් බවය. රනිල් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු මිනිසෙක් යැයි ඔවුන් මාධ්‍යවලට කියමින් රනිල්ගේ පැමිණිම සාධාරණීකරණය කළේය.

රනිල්ට පාර්ලිමේන්තු එන්න බල කළේ රාජපක්ෂලාය. රනිල් පාර්ලිමේන්තු ඒම සාධාරණීකරණය කළේ ජ.වි.පෙ.ය. රනිල්ට ජනාධිපති වෙන්න ඡන්දය දුන්නේ රාජපක්ෂවරු සහ පොහොට්ටුවය. ඒ වෙලාවේ ඡන්දය කුරුටු ගාලා රනිල්ට දිනන්න හයිය දුන්නේ ජ.වි.පෙ.ය.

රනිල්ට රාජපක්ෂලා නැතුව බැරිය.
රාජපක්ෂලාට රනිල් නැතුව බැරිය.
ජ.වි.පෙ.ට රනිල් නැතුව බැරිය.
රනිල්ට ජ.වි.පෙ. නැතුව බැරිය.

ලංකාවේ දේශපාලන චක්‍රය කැරකෙන්නේ ඔන්න ඔය ගණිතයටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පස්ස දොරෙන් බාර් ලයිසන් ගත්ත මැතිඇමැතිවරුන්ට වැඩ වරදී! දැනට බාර් කරන අය උසාවි ගිහින් නඩු දමයි! I Sri Lanka Latest News

Next Post

විමල්ලාගේ අලුත් සන්ධානය මේ මාසයේ එළියට එනවා! ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකුත් දානවා! ජනාධිපති අපේක්ෂකයා විමල්ද-ගම්මන්පිලද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.