ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුට බාර් ලයිසන් ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බවට ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පසුගිය දා වාර්තා විය.Sri Lanka Latest News
බාර් ලයිසන් ලැබීමට නියමිත මන්ත්‍රීවරු, දැනටමත් එකී බාර් ලයිසන් අලෙවි කිරීම සදහා ගැනුම්කරුවන් තෝරාගෙන ඇති බවත් ඇතැම් අය, ඒ සදහා අත්තිකාරම් මුදල් පවා ලබාගෙන ඇති බවත් පැවසේ.
කෙසේ වෙතත්, මේ වන විට, අළුතින් බාර් ලයිසන් නිකුත් කිරීම අත්හිටුවන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකු- විසින් අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබේ.
සුරාබදු කොමසාරිස් ජෙනරාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කිහිප දෙනෙකු මෙම පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබේ.