• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

සජබෙ ඩයනාගේ බූදලයක්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදරද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

May 18, 2024
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘වහාම ලංකා ජාතික සංගමය විසුරුවා හැරිය යුතුයි…’Sri Lanka Latest News

1949 මැයි 30 ඩී.ඇස්. සේනානායක ලංකා ජාතික සංගමයේ නුවර සමුළුවේදී කීවේ තමන් තවදුරටත් ලංකා ජාතික සංගමයේ ඉන්න අදහසක් නැති බව කියාපාමිනි.

ලංකා ජාතික සංගමය බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් පූර්ණ නිදහස ඉල්ලීමත්, කොමියුනිස්ට් පක්ෂය ලංකා ජාතික සංගමයේ පාලනය සියතට ගන්න උත්සාහ දැරීමත් ඩී.ඇස්. ඉවසුවේ නැත. ඔහු එක්සත් ජාතික පක්ෂය බිහිකරන්න තීරණය කරන්නේ ලංකා ජාතික සංගමය යන පාර වැරැදි බව තේරුම් ගෙනය.

ඩී.ඇස්., යූ.ඇන්.පී.ය බිහි කරන්නේ සිංහල මහා සභාවේ නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සමගය. එහෙත් තමන් අදහන ස්වභාෂා ප්‍රතිපත්තිය, ස්වදේශී ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්ෂය තුළ නැති බව තේරුම් ගත් විට බණ්ඩාරනායක යූ.ඇන්.පී.යෙන් වෙන්වී ශ්‍රීලනිපය බිහිකරන්න තීරණය කළේය.

රෝහණ විජේවීර ජ.වි.පෙ. බිහිකරන්නේ ලංකාවේ සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ වන කොමියුනිස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය ශ්‍රීලනිපය සමග සන්ධානගත වී බාගෙට සමාජවාදය ක්‍රියාත්මක කරන්න යෑමට එරෙහිවය. විජේවීර ඡන්ද ක්‍රමය හෝ පාර්ලිමේන්තු ක්‍රමය විශ්වාස කළේ නැත. ඔහු විශ්වාස කළේ විප්ලවයකින් ලංකාව සමාජවාදී රටක් බවට පත්කිරීමය.
1977 තෙක් ලංකාවේ දේශපාලන පක්ෂ බිහිවන්නේ ආර්ථික ප්‍රතිපත්ති විදේශ ප්‍රතිපත්ති මුල්කරගෙනය. නමුත් 1977ට පසු ලංකාවේ දේශපාලන පක්ෂ බිහිවන්නේ ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල ඒකාධිපති ව්‍යවස්ථාවන්ට එරෙහිව පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින්ය. 1983 විජය සහ චන්ද්‍රිකා මහජන පක්ෂය බිහිකරන්නේ ශ්‍රීලනිප නායිකා බණ්ඩාරනායක මැතිනියගේ ඒකාධිපති ව්‍යවස්ථාවට එරෙහිවය. 1992 ලලිත් සහ ගාමිණී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ නොහොත් රාජාලියා බිහිකරන්නේ යූ.ඇන්.පී.යේ ප්‍රේමදාසගේ ඒකාධිපති තීන්දු තීරණවලට එරෙහිවය.

2008 මහින්ද රාජපක්ෂ යුද ජයග්‍රහණය පෙන්වා ශ්‍රීලනිපය තම ග්‍රහණයට නතු කරගෙන පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් නොතකා සිය පවුල පක්ෂය තුළ ශක්තිමත් කරද්දී මහින්දට අභියෝග කොට පක්ෂයෙන් එළියට බහින්න කොන්දක් තිබුණේ මංගල සහ ශ්‍රීපතිටය. මංගල සහ ශ්‍රීපති ශ්‍රීලනිපයෙන් එළියට බහින්නේ මහින්දගේ ඔළුව උඩින් මැස්සෙක්වත් ඉගිළෙන්නේ නැති වෙලාවකය. මංගල සහ ශ්‍රීපතිට ඒ සඳහා හයිය දෙන්නේ චන්ද්‍රිකාය. මංගල සහ ශ්‍රීපති මහින්දට අභියෝග කොට පක්ෂයෙන් එළියට බැහැලා එවක විපක්ෂය වූ යූ.ඇන්.පී.යට යන්න කැමැති වන්නේ නැත. ඔවුන් තම පක්ෂ අනන්‍යතාව තියාගෙන මහින්දට අභියෝග කරලා ශ්‍රීලනිපයෙන් එළියට එන ශ්‍රීලනිප පාක්ෂිකයන්ට දේශපාලනය කරන්න පක්ෂයක් හැදුවේය. ඒ, අපේ ජාතික පෙරමුණය. ලකුණ ටෙලිෆෝනය නොහොත් දුරකතනයය. අපේ ජාතික පෙරමුණේ නායකයා මංගලය. ලේකම් වූයේ උපුලාංගනී මාලගමුවය. පසුව මංගල යූ.ඇන්.පී.යේ සාමාජිකත්වය බාරගනිද්දී උපුලාංගනී නායකයා වී මංගලගේ සමීපතමයකු වූ රුවන් ෆර්ඩිනැන්ඩස් ලේකම් විය.

ඒ කාලයේ මහින්දත් රාජපක්ෂ පවුලත් ඔවුන් වෙනුවෙන් පෙනීසිටි ශ්‍රීලනිප නායකයන්ටත් අපේ ජාතික පෙරමුණ නයාට අඳුකොළ මෙන් විය. 2010 ජනාධිපතිවරණයට ෆොන්සේකාට සහාය පළකරන්න ජ.වි.පෙ. කොන්දේසියක් දැම්මේය. එනම් ෆොන්සේකා ඉල්ලන්න ඕනා පොදු පක්ෂයක් සහ පොදු ලකුණක් යටතේ කියාය. එවිට මංගල අපේ ජාතික පෙරමුණ සහ එහි ලකුණ වූ ටෙලිෆෝනය ෆොන්සේකාට දෙන්න එකඟ විය. ජ.වි.පෙ.ත් එයට එකඟ විය. එහෙත් රනිල් කැමැති වූයේ හංසයාටය.

යළිත් 2015දී මහින්ද සහ රාජපක්ෂ පවුලට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙද්දී මංගල අපේ ජාතික පෙරමුණ සහ ටෙලිෆෝනය යටතේ මෛත්‍රී තරග කළ යුතු යැයි යෝජනා කළේය. එහෙත් රනිල් එතැනදීද ටෙලිෆෝනයට කැමැති නොවී හංසයාව දමමු යැයි කීවේය.

මෛත්‍රී ජනාධිපති වීමෙන් පසු ෆොන්සේකාගේ දේශපාලන ලේකම් ලෙස සිටි සේනක පෙරේරා අපේ ජාතික පෙරමුණ සහ ටෙලිෆෝනය අයිතිය පවරාගෙන එය ඩයනාගේ නමට ලියාපදිංචි කළේය.

1999 රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වීමෙන් පසු රනිල්ට නායකත්වයෙන් ඉවත් වෙන්න යැයි පක්ෂය තුළින්ම විවිධ කැරැලි කෝලාහල මතුවිය. 2010දී මේ කැරැලි කෝලාහල දරුණු වූයේ රනිල්ගේ නායකත්වය ආරක්ෂා කරන්න මහින්ද ඉදිරිපත් වීමෙනි. ඒ වෙලාවේ රනිල් නායකත්වයේ සිටිය යුතු යැයි කියා සජිත් සහ කරු, රනිල් නායකත්වයෙන් ඉවත් කරන්න සංවිධාන කළ පෙළපාළියට කුරුඳු පොලුවලින් හහලා එලෙව්වේ මංගලය. මංගලව ඉස්සරහට දමාගෙන රනිල් වැඩේ දුන්නේය.

හැබැයි රනිල් 2015 අගමැති වූ පසු මංගලට රනිල් එපාවිය. මංගල රනිල්ට එරෙහිව සජිත්ව ජනාධිපති අපේක්ෂකයා කරන්න පාරට බැස්සේය. 2019 ජනාධිපතිවරණයෙන් සජිත් පරාජය වීමෙන් පසු රනිල්ට නායකත්වයෙන් ඉවත් වී සජිත්ට නායකත්වය දෙන ලෙස මංගල මෙන්ම යූ.ඇන්.පී. නායකයෝද ඉල්ලීම් කළහ. රනිල් එයට කන් දුන්නේ නැත. රනිල් පක්ෂ ව්‍යවස්ථාවේ බලය ප්‍රයෝජනයට ගෙන නායකත්වය තමාටම තියාගත්තේය. නායකත්වයෙන් ඉවත් නොවන නිසා අලුත් පක්ෂයක් හදාගෙන යන්න මංගල සහ යූ.ඇන්.පී. නායකයෝ තීරණය කළහ. සජිත් ඒ පක්ෂයේ නායකත්වය භාරගන්න කැමැති විය. රනිල්ගෙන් වෙන්වී අලුත් පක්ෂයක් හදා සජිත්ගේ නායකත්වයෙන් මහ ඡන්දයට තරග කළ යුතුය යන මතයේ ෆොන්සේකාත් සිටියේය. මංගල ඔහුගේ පක්ෂය වූ අපේ ජාතික පෙරමුණ සහ ටෙලිෆෝනය ෆොන්සේකාගේ දේශපාලන ලේකම්ට පවරා තිබූ නිසා මංගල සහ ෆොන්සේකා දෙදෙනාම එක්වී නව පක්ෂය ලෙස අපේ ජාතික පෙරමුණ ගමු යැයි යෝජනා කළහ. සජිත් එහි නම වෙනස් කළේය. සමගි ජන බලවේගය බිහිවූයේ එහෙමය.

සමගි ජන බලවේගය ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථා දෙකකට එරෙහිව බිහිවූ පක්ෂයකි. 2008 මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථාව වූ ශ්‍රීලනිප පක්ෂ ව්‍යවස්ථාවටත්, 2019 රනිල්ගේ ඒකාධිපති පක්ෂ ව්‍යවස්ථාව වූ එක්සත් ජාතික පක්ෂයටත් එරෙහිව බිහිවූ පක්ෂයකි. 2020 අපේ ජාතික පෙරමුණ සමගි ජන බලවේගය එන්නේ මහින්ද සහ රනිල් ඩීල් එකට එරෙහිවය.

එහෙම බලනකොට සමගි ජන බලවේගය පක්ෂ අභ්‍යන්තරයේ ඒකාධිපති වියරුවට එරෙහිව බිහිවූ බලවේගයකි. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව පොදු අපේක්ෂකයෝ බිහි වූවා වගේ සමගි ජන බලවේගය බිහි වන්නේ පක්ෂ ව්‍යවස්ථාවෙන් බිහිකරන විධායක නායකයන්ට එරෙහිවය. අනෙක මේ පක්ෂය බිහිවන්නේ ශ්‍රීලනිප ඒකාධිපති නායකත්වයට එරෙහිවය. ඉන් පසු පක්ෂය ජනතාව ඉදිරියට යන්නේ යූ.ඇන්.පී.යේ ඒකාධිපති නායකත්වයට එරෙහිවය. අද රාජපක්ෂලාට එරෙහිව පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් ශ්‍රීලනිප ඒකාධිපති නායකත්වයට එරෙහිව ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයට එකතු වන්නේ මේ පක්ෂය පක්ෂවල ඒකාධිපති නායකයන්ගෙන් ඒකාධිපති ව්‍යවස්ථාවලින් බැටකන හැමෝගේම මහගෙදර වන නිසාය. සමගි ජන බලවේගය ඩයනාගේ මහගෙදර ලෙස පෙන්වන්න අනෙක් පක්ෂ කොයි තරම් උත්සාහ ගත්තත් සමගි ජන බලවේගය ‘ප්‍රජාතන්ත්‍රවාදයේ මහගෙදර’ය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්ගේ මස්සිනාගේ ‘ඩේලිමිරර්’ පත්තරේ සජිත් ගැන බොරු නිව්ස් දානවා කියලා තවත් හෙළිදරව්වකින් ඔප්පු වෙයි! I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ! ජනාධිපතිවරණය ඔක්තෝබර් 05..! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.