ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසිගේ ශ්රී ලංකා සංචාරය හේතුවෙන් අද (24) කොළඹ ප්රධාන මාර්ග කිහිපයක ගමනාගමනය අත්හිටුවීමට පොලිසිය පියවර ගැනීමත් සමග මේ වන විට කොළඹ නගරයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. (Sri Lanka Latest News)
එම හේතුවෙන් සේවය නිමකර නිවෙස් බලා යමින් සිටින ජනතාව ඇතුළු දහස් ගණනක් වූ මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වේ.
ඉරාන ජනාධිපතිවරයා සහ ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර අද සවස කොළඹදී හමුවක් පැවැති අතර ඒ හේතුවෙන් මාර්ග රැසක් වසාදැමීමට පොලිසිය පියවර ගනු ලැබීය.