රටපුරා මුහුදු ප්‍රදේශ රැසක තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවධානය යොමුකළ යුතු බවත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.Sri Lanka Latest News
කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළ, උස මීටර 2.5-3.0 ක් පමණ සහ තරංග කාලය තත්පර 12 – 16 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද එම නිවේදනයේ සඳහන් වේ.
තවද කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව ද පවතින බවත් කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.