හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කළද මෙතෙක් එම පත්වීම ඉතාලිය මගින් පිළිගෙන ඇති බවක් දැනගන්නට නැත.
පළමුව ඒ මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා වශයෙන් පත් කරනු ලැබූවද එම පත්වීම ප්‍රතික්ෂේප කිරීමට කැනඩා රජය පියවර ගෙන තිබිණ.
ඊට හේතු වශයෙන් ඔවුන් දක්වා තිබුණේ යුද්ධය පැවැති සමයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ලංකාවේ ආරක්ෂක හමුදාවන් කටයුතු කර ඇති බවට වූ චෝදනාවය.
ඒ අනුව ලංකා ආණ්ඩුව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී සුමංගල ඩයස් මහතා ඉතාලියේ තානාපතිවරයා වශයෙන් පත්කිරීමට පියවර ගෙන තිබිණ.
නමුත් මේ දක්වා ඉතාලි රජයද එම පත්වීම පිළිගත් බවක් හෝ සුමංගල ඩයස් මහතා ඉතාලියේ තානාපතිවරයා වශයෙන් වැඩ බාරගත් බවක් වාර්තා වී නැත.
1984 සිට රටට සේවය කළ එයාර් මාර්ෂල් ඩයස් මහතා 2020 නොවැම්බර් 02 දින ගුවන් හමුදාවේ 17 වන අණදෙන නිලධාරියා ලෙස විශ්‍රාම ගියේය.